මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් තමන් රටින් පළා ගොස් ඇති බවටත්, අතුරුදන්ව ඇති බවටත් කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය්‍යක් බව පාස්කු ප්‍රහාරයේ විමර්ශන නිලධාරී සහකාර පොලිස් අධිකාරී අර්ජුන මාහින්කන්ද මහතා පැවසීය.
අමෙරිකාවේ සිට විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව පැවසීය.
ඒ මහතා කියා සිටියේ පාස්කු ප්‍රහාරය ඇත්ත වරදකාරයන් හොයන එක පැත්තකින් තබා වරද තමන් පිටින් දාලා ඇතමුන් ඇග බේරගන්න හදන බව ඒ මහතා කීය.
එමෙන්ම සාරා ජැස්මින් මියගොස්රී නැති බවත්ණ, ඒ සම්බන්ධයෙන්ක පැවැත්වෙන පරීක්ෂණ සැක සහිත බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
‘සාරා හොයන්න උවමනාවක් නෑ මැරිල කිව්වම ගොඩක් අයට බේරෙන්න පුළුවන්ග. හරියට පරීක්ෂණ කරොත් පාස්කු ප්‍රහාරය වරදකාරී අල්ලගන්න පුළුවන්. මේක කුමන්ත්‍රණයක් තමයි මට වෙන කිසි දෙයක් හිතන්න විදිහක් නෑ..’ යැයිද ඒ මහතා ප්‍රකාශ කළේය.










