ජනාධිපතිවරයා සමග පැවැත්වූ සාකච්ඡාවෙන් පසු රේගුවේ නිෂ්කාශන කටයුතු වේගවත් කොට ඇති බව රේගු ආරංචිමාර්ග සදහන් කරයි.Sri Lanka Latest News
මේ හේතුවෙන් නිවාඩු දිනයේදී පවා වැඩි බහාලුම් සංඛ්‍යාවක් නිෂ්කාශන කටයුතු අවසන් කොට මුදාහැර ඇති බව එම අංශ පෙන්වා දෙයි.
නමුත් ආනයනික බහාලුම් නිදහස් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබුණද තවමත් එම කටයුතු විධිමත්ව සිදු නොවන බවට බහාලුම් ප්‍රවාහන රථ නියෝජිතයන් චෝදනා කරයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා රේගුව පවසන්නේ බහාලුම් නියෝජිතයන් සහ ප්‍රවාහන රථ නියෝජිතයන් නිශ්කාශන කටයුතු සඳහා සහභාගීවිම ප්‍රමාදවීම තුළ මෙලෙස බහාලුම් නිදහස් කරගැනීමේ තදබදයක් බිහිවී ඇති බවය.










