ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් වන අනුර කුමාර දිසානායක සහ විජිත හේරත් යන මහත්වරුන් ඊයේ දිනයේදී අත්අඩංගුවට ගැනුනු අරගලකරුවන් 10 දෙනාගේ සුවදුක් විමසීම සදහා වැලිකඩ බන්ධනාගාරයට ගියහ.
එහිදී අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ අරගලයට පහර දීමට ජනතාව පෙළඹවූ මහින්ද රාජපක්ෂ සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අය අත්අඩංගුවට නොගෙන පොලිසිය අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම කිසිසේත්ම පිළිගත නොහැකි යැයි කියාය.










