‘ඩීල් රනිල් – රාජපක්‍ෂ ජුන්ටාව පන්නමු’ යන තේමා යටතේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කරන විරෝධතා පාගමන කොළඹ නගර ශාලාව ඉදිරිපිටින් ආරම්භ වී ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගමන් කරමින් තිබියදී කදුලු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල විය.
මර්දනය වාහාම නවතා අත්අඩංගුවට ගත් සියලු අරගලකරුවන් වහා නිදහස් කිරීම ඇතුළු ඉල්ලීම් රැසක් ඉටුකරන ලෙස බලකරමින් මෙහිදී විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු විශාල පිරිසක් විරෝධතාවයේ නිතරව සිටිති.
මෙම පාගමන නිසා කොළඹ නගර ශාලාව ප්‍රදේශය ඇතුළු කොළඹ නගරයේ මාර්ග රැසක දැඩි වාහන තදබදයක් නිර්මාණය වී තිබේ.










