මෙරට ලක්ෂ සංඛ්‍යාත සේවකයින්ගේ සේවක අර්ථසාධක අරමුදල ඇතුළු අරමුදල්වලින් අධිභාර බද්දක් අයකිරීමේ වැඩපිළිවෙළක් රජය සැලසුම් කළ අතර එය සමගි ජන බලවේගය විසින් පරාජයට පත් කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඊට විරුද්ධව අධිකරණයට ගියේ සමගි ජන බලවේගය පමණක් බව කියා සිටි විපක්ෂනායකවරයා නීතීඥ සහායද ඒ සදහා නොමිලේ ලබා දුන් බව කියා සිටියේය.
එමෙන්ම මෙම තීන්දුව රටම ලැබූ ඓතිහාසික තීන්දුවක් බවද කියා සිටියේය.










