අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුතුව ආණ්ඩුව ශක්තිමත්ව පවත්වාගෙන යෑමේ යෝජනාව අද (21) පස්වරුවේ රැස්වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඒකමතිකව සම්මත වී ඇති බව අගමැති කාර්යාලය නිවේදනය කර ඇත.
රටේ උද්ගතව ඇති තත්ත්වය හමුවේ ආණ්ඩුව ඊට ශක්තිමත්ව මුහුණ දිය යුතු බවත් ඒ සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුතුව ආණ්ඩුව ඉදිරියටත් පවත්වාගෙන යා යුතු බවත් එහිදී යෝජනා වී තිබේ.
එයට සියලුම මන්ත්‍රීවරුන් අත් ඉහළට ඔසවමින් එම යෝජනාවට ඒකමතිකව සහය පළ කර ඇත.











