• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තිලිණි ප්‍රියමාලිගේ නීතීඥයන් මාධ්‍යවලට තහනමක් ඉල්ලයි! මාධ්‍යයට තහනම් දාන්න අධිකරණයට නොහැකි බව මහේස්ත්‍රාත් කියයි!

November 5, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
තිලිණි ප්‍රියමාලිගේ නීතීඥයන් මාධ්‍යවලට තහනමක් ඉල්ලයි! මාධ්‍යයට තහනම් දාන්න අධිකරණයට නොහැකි බව මහේස්ත්‍රාත් කියයි!
Share on WhatsAppShare on Facebook

සීමාසහිත තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකරු තිළිණි ප්‍රියමාලි, ඇයගේ ව්‍යාපාරික සහකරු ඉසුරු බණ්ඩාර, හා අපරාධ සහායකයෙකු යයි කියන පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමි නොවැම්බර් 16 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ පසුගිය දා (2) නියෝග කළේය. 

ව්‍යාපාරිකයන්ගෙන් රුපියල් බිලියන තුනක පමණ මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

පළමුව තිළිණි ප්‍රියමාලි හා ඉසුරු බණ්ඩාර යන දෙදෙනා ස්කයිප් මාර්ගයෙන් මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරිණ. විත්තිකරුවන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළේය.

අනතුරුව සිරිසුමන හිමියන් මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරිණ. හිමිනම සඳුදා (31) අත්අඩංගුවට ගෙන ඇති අතර මූලික පරීක්ෂණ අවසන් වී නොමැති බව විමර්ශන නිලධාරීහු ප්‍රකාශ කළහ. උන්වහන්සේට ඇප ලැබුණහොත් ඉදිරි පරීක්ෂණවලට බාධා එල්ල වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයෝ පැවසූහ.

ව්‍යාපාරිකයෙකු වන කැරම් ද සිල්වා නමැත්තා බණ්ඩාර සමඟ හිමිනමගේ විහාරස්ථානයට පැමිණ ඇති බව අනාවරණය විය. එවැනි චාරිකාවල දී මෙම භික්ෂුව පරල වූ අයෙකු ලෙස පෙනී සිටිමින්, ප්‍රියමාලිගේ සමාගමේ ආයෝජනය කරන ලෙස ව්‍යාපාරිකයාගෙන් ඉල්ලා ඇත. 

ව්‍යාපාරිකයා ඉඩම් හා වාහන කිහිපයක් විකුණා රු. මිලියන 750 ක් ආයෝජනය කර ඇති බව අධිකරණයට ප්‍රකාශ කෙරිණ. 

ව්‍යාපාරිකයාට පවසා ඇත්තේ ඔහුගේ මුදල් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමාගම්වල කොටස් මිල දී ගැනීමට යොදවා ඇති බවයි. කෙසේ වෙතත්, එම මුදල් ව්‍යාපාර කොටස්වල ආයෝජනය කර නොමැති බව විමර්ශන නිලධාරීහු අධිකරණයට ප්‍රකාශ කළහ. 

කැරම් ද සිල්වා උන්වහන්සේට වටිනා ත්‍යාග රැසක් ද පරිත්‍යාග කර ඇති බව රහස් පරීක්ෂකවරු පැවසූහ.

බණ්ඩාරගේ නිවසේ තිබී රන් ආලේපිත පිත්තල පොලු අටක් සොයා ගත් බව ප්‍රධාන පොලිස් පරීක්ෂිකා නිරෝෂනී හේවාපතිරණ අධිකරණයට පැවැසුවාය. ප්‍රියමාලි අතිශයින් ධනවත් බව ආයෝජකයින්ට ඒත්තු ගැන්වීමට මේවා යොදා ගත් බව ද ඇය පැවසුවාය.

බණ්ඩාරගේ අම්මා ළඟ තිබී රුපියල් මිලියන 15 ක මුදලක් සොයා ගත් බව නිරෝෂනී හේවාපතිරණ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරිය අධිකරණයට දන්වා සිටියාය. ඒවා බණ්ඩාරගේ මුදල් බව ඔහුගේ අම්මා පොලිසියට පවසා ඇත. 

බණ්ඩාර පෞද්ගලික බැංකු දෙකක තැන්පත් කර ඇති රුපියල් මිලියන හතක ගිණුම් අත්හිටු වන ලෙස රහස් පොලිසිය කළ ඉල්ලීමට අධිකරණයෙන් අවසර ලැබිණ.

ප්‍රියමාලි බන්ධනාගාරයට හොරෙන් ජංගම දුරකථනයක් රැගෙන ආ බවත් ඇය දුරකථන ඇමතුම් 11 ක් ලබා ගෙන ඇති බවත් විමර්ශන නිලධාරීන් විසින් අධිකරණයට ප්‍රකාශ කෙරිණ.

ඇය දුරකථන ඇමතුම් දුන් පුද්ගලයන් හය දෙනකුට ප්‍රකාශ ලබා දෙන ලෙස දන්වා තිබේ. කෙසේ වෙතත් ඔවුන් කිසිවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ නැති බව ද අධිකරණ‍යේ දී ප්‍රකාශ විය.

ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වෙබ් අඩවි තම සේවාදායකයා සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බවත්, එසේ කිරීම වළක්වාලමින් මාධ්‍යයට නියෝගයක් නිකුත් කරන ලෙස ප්‍රියමාලි වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

මහේස්ත්‍රාත් ගමගේ කියා සිටියේ මාධ්‍යයට ප්‍රකාශ කළ හැකි සහ ප්‍රකාශ කළ නොහැකි දේ පිළිබඳව උපදෙස් දීමට අධිකරණයට නොහැකි බවයි.

– 2022 නොවැම්බර් 3 වෙනි දින The Island වෙබ් අඩවියේ පළ වූ, A. J. A. Abeynayake ලියූ, ‘Magistrate tells Priyamali’s lawyers he cannot gag media’ නම් ප්‍රවෘත්තිය lankaenews වෙබ් අඩවියට සිංහලට පරිවර්තනය කළේ, ආනන්ද විසිනි.

SendShareShare
Previous Post

උගන්වන්න සල්ලි නෑ! ඉස්කෝල නොයා ගෙදර ඉන්න ළමයි වැඩිවේවි! ජාත්‍යන්තර සංවිධානයක් ලංකාව ගැන බරපතළ හෙළිදරව්වක් කරයි!

Next Post

ප්‍රියමාලිගේ කේස් එක අලුත් වෙයි! හඬ පටයක් ලීක් වෙයි! තවත් මහමොළකරුවෙක්ගේ නමක් එළියට එයි! ක්‍රිෂාන්ත! කව්ද මේ ක්‍රිෂාන්ත? (AUDIO)

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.