• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ගෙදර සල්ලි උතුරන මෙන්න බලවත් කෙමක්!Sri Lanka Latest News

October 11, 2025
in Astrology, Exclusive
Reading Time: 3 mins read
A A
කොච්චර අමාරුකම් තිබුණත් ආණ්ඩුව ගිය අවුරුද්දේ අත දිගහැර වියදම් කරලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද අපි ඔබට අරගෙන ආවේ ධනය, වාසනාව, සෞභාග්‍යය, එතකොට විභාග ජයග්‍රහණ, ලොතරැයි දිනුම් වාසනා, ඒත් එක්කම නිවසේ ඇති දොස් දුරලන සහ නිවසට සමෘද්ධිය අරගෙන එන බලගතු සහ ඉක්මන් ප්‍රතිඵල ලබාදෙන පුරාණ කෙමක් ගැන තොරතුරු. මේ ප්‍රතිඵල ඔයාව පුදුමෙනුත් පුදුම කරවයි. මේ රහස් කෙම තුළින් ඔයාට පුළුවන් වෙනවා ඔයාගේ ආර්ථික අපහසුතා, නිකරුණේ මුදල් වියදම් වීම් වගේ දේවල් ඇත්තටම නැති කරලා දාන්න. හැබැයි කියන්නම ඕනේ මේ රහස් කෙමෙන් ඔයාට බැහැ දවසින් දෙකින් පෝසතෙක් වෙන්න. කවුරු හරි එහෙම කියනවා නම් ඒක අමූලික බොරුවක්. මේ රහස් කෙමෙහි ප්‍රතිඵල ලබාගන්න අවම දවස් 14ක් හෝ උපරිම දවස් 90ක කාලයක් යනවා. මේ රහස් කෙමෙන් කරන්නේ භෞතිකව ඔයා මහන්සි වෙන ඉලක්කයක්, හීනයක් තියෙනම්, ඒක ඉක්මනින්ම ළඟාකර දෙන්න වගේම ඒ ප්‍රතිඵල දෙගුණ, තෙගුණ කරන්න අවශ්‍ය මානසික බලය ඔයා තුළ ගොඩනංවන එකයි.Sri Lanka Latest News

ඉතින් මොකක්ද මේ බලගතු කෙම? හරියටම කොහොමද මේ කෙම කරන්නේ? මේ කෙම හරහා නිවැරදිව ප්‍රතිඵල ගන්න නම් ඔයා නොකළ යුතු දේවල් මොනවද?
මේ බලගතු රහස් කෙමට අපිට ඕනෙ වෙන්නේ පිරිසිදු වීදුරු බෝතලයක් හෝ මෑතකදී භාවිත නොකරපු වීදුරු කෝප්පයක්. මම නම් යෝජනා කරනවා පොඩි වීදුරු බෝතලයක් මේ වැඩේට හොයාගන්න. ඒත් එක්කම මේ වැඩේට ඔයාට ලුණු කැට ටිකක් අවශ්‍ය වෙනවා. මේ ටික ලෑස්ති කරගෙන මම කියන දවසේ, මම කියන වෙලාවට ඔයාලා මේ දේ කරන්න ඕනේ. විශේෂයෙන්ම කියන්න ඕනේ, මේ වැඩේට අපි භාවිත කරන වීදුරු බෝතලය ගනිද්දි කලින් පිළී ජාතියේ, මම කියන්නේ වියළි සත්ව ආහාර එකතු වුණු රසගැන්වීම් දාපු බෝතලයක් නම් ගන්න එපා.

තවත් වැදගත්ම දෙයක් තමා, මේක ඔයා කරද්දි කාටවත් නොපෙනෙන්න වගේම කාටවත් නොකියයි කරන්න ඕනේ. මේක රහස් කෙමක්. කලින් කිව්වා වගේ මේ දේ කරන්න විශේෂිත දිනයක් සහ වෙලාවක් තියෙනවනේ. අන්න ඒ වෙලාවට මේ ලුණු ටික බලගන්වන්න ඕනේ මේ විශේෂ චාරිත්‍රය කරන්න. එහෙම නොකර මේ මොන දේ කළත් ඒකේ තේරුමක් නෑ.

දැන් අපි බලමු මුලින්ම මේක කොහොමද කරන්නේ කියලා. මම කිව්වනේ මේ කෙම කරන්න නිශ්චිත දිනයක් සහ වෙලාවක් තියෙනවා කියලා. ඉතින් ඒ දවස තමා බ්‍රහස්පතින්දා. බ්‍රහස්පතින්දා උදේ 7.00ත් 9.00ත් අතර තමා මේ දේ කරන්න ඕනේ. ඉතින් මම දැන් කියන කාරණා හොඳට අහගෙන, ඒ දේවල් ඒ විදියටම කරන්න වගබලාගන්න ඕනේ. මොකද ඔයා මේ එක පියවරක් හරි වැරදියට කළොත් නැත්නම් මගහැරගත්තොත්, මේ රහස් කෙමෙන් නියම ප්‍රතිඵල ඔයාට ගන්න බැරිවේවි.

සැලකිලිමත් වෙන්න ඕනේ අනිත් කාරණය තමා, මේ කෙම් වෙනුවෙන් ලබාගන්න ලුණු, දැනට භාවිත කරපු හෝ ගෙදර ලුණු බෝතලෙන් ගත්ත ලුණු වෙන්න බෑ. මේ වෙනුවෙන්ම ලුණු පැකට් එකක් කඩෙන් අලුතෙන් ගන්න. මේ කෙමට ලුණු කුඩු සුදුසු වෙන්නේ නෑ. මේ කෙම සඳහා අවශ්‍ය වෙන්නේ කැට ලුණු. ඒ වගේම මේ දේ කරන ඔයා කාන්තාවක් නම්, මේ චාරිත්‍රය කරන දවස් වෙද්දි ඔයා ඔසප් වුණොත්, ඒ කාලයේදී මේ කෙම කරන එක සුදුසු නෑ. ඉතින් ඒ නිසා ඒ දවස් මගඇරලා තමා ඔයාට මේ කෙම කරන්න වෙන්නේ. ඔබ පිරිමි කෙනෙක් නම්, මේ කෙම කිරීමට පෙර හෝ මේ කෙම කිරීමෙන් පසු පැය 24ක් යනකන් මත්පැන් භාවිත නොකර ඉන්නවා නම් වඩාත් සුදුසු වේවි. මේ කෙම කරන්න හිතාගෙන ඉන්න දවසට, උදේම නාලා කරලා පිරිසිදු වෙන එක තමා වඩාත් සුදුසු.

ඒත් එක්කම උදේ ආහාරය ගන්න කලින් මේ චාරිත්‍රය කරන්න ඕනේ. ඒත් එක්කම මේ කෙම කරන දවසට පිළී ආහාර වගේම මත්ද්‍රව්‍ය නොගෙන ඉන්න වග බලාගන්න ඕනේ. ඔන්න දැන් ඔයාට පුළුවන් මේ බෝතලය සහ කැට ලුණු ටික එක ළඟකට අරන් ලුණු ටික බලගන්වන්න. ඒකට මම දැන් මේ කියන මන්ත්‍රය හත් වතාවක් කියන්න ඕනේ. ඒ විදිහට තමා අපි මේ ලුණු ටික බලගන්වන්නේ. දැන් ඔය ලුණු ටික දාපු පීරිසියට අත් දෙක තියාගෙන මේ මන්ත්‍රය කියන්න,

‘ඕම් ශ්‍රීම් ධන ලක්ෂ්මී නමෝ නමහා
ඕම් ශ්‍රීම් ධන ලක්ෂ්මී නමෝ නමහා
ඕම් ශ්‍රීම් ධන ලක්ෂ්මී නමෝ නමහා’

මේක ඔයාලා ඒ විදිහටම හත් වතාවක් කියන්න අවශ්‍යයි. මේ මන්ත්‍රය මේ විදිහට හත් වතාවක් කියද්දි ලුණු ටික බලගැන්වෙනවා. දැන් බලශක්තියක් බවට පත්වුණු මේ ලුණු ටික බෝතලයට දාගන්න ඕනේ. මේක කරන්නත් ඕනේ අර මන්ත්‍රය හිතින් මුමුණන ගමන්මයි. පුළුවන් නම් ලුණු ටික දාලා ඉවර වෙනකන් මේ දේ කරන්න.

ඒත් එක්කම මේ ලුණු ටික වීදුරු බෝතලයට දාන්න ඕනේ ඔයාගේම අතින්. හැන්දක් පාවිච්චි කරන්න කොහෙත්ම එපා. මේ ලුණු දාද්දි බෝතලය සම්පූර්ණයෙන්ම පිරෙන්න ලුණු දාන්න එපා. බෝතලයෙන් භාගයකට වඩා අඩුවෙන් තමයි දාන්න ඕනේ. අපි හිතමු බෝතලෙන් තුනෙන් එකක් තමා වඩාත්ම සුදුසු. මේ ලුණු කැට දාද්දි සහ මේ කෙම කරද්දි ඔයාගේ හදවතින්ම ප්‍රාර්ථනා කරන්න ඔයාගේ හැම හීනයක්ම හැබෑ වෙන්න කියලා. ගෙදර දොරේ සියලු දෝෂ දුරුවෙලා යන්න කියලා. කරන කියන හැම වැඩක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා. ඔයාගේ මහන්සියේ ප්‍රතිඵල දෙගුණ තෙගුණ වෙලා ලැබෙන්න කියලා. ධන යෝගයත් එක්කම ගෙදර දොරේ සාමය සමගිය වැඩිවෙන්න කියලා. ඒක ඔයාගේ හිතින් මවාගන්න.

දැන් මේ ලුණු කැට බෝතලය මේ වෙලාවෙම ගෙනිහිල්ලා ඔයාලගේ ඇඳ යට, හරියටම ඔයා නිදාගනිද්දි කොට්ටේ තියෙන තැනට පහළින් තියන්න. හැබැයි කිසිම වෙලාවක මේ ලුණු බෝතලය ඔයාලා කකුල දාන පැත්තට නැත්නම් ඇඳ මැදින් තියන්න යන්න එපා. හරියටම ඔළුව දාන පැත්තට යටින් තමා තියන්න ඕනේ. අනිත් දේ තමා, මේ බෝතලය තියෙන්න ඕනේ බෝතලේ මූඩිය ගලවලා. කිසිම වෙලාවක මූඩිය වහලා තියන්න හදන්න එපා. මේ කෙම කරලා දවස් 14කින් පස්සේ ඔයාට මේ කෙමෙහි බලය දැනෙන්න ගනීවි. දවස් 90ක්, ඒ කියන්නේ මාස තුනක් ඇතුළත ටිකින් ටික ඔයාලගේ ආර්ථික දුෂ්කරතා මගහැරේවි. නව මූල්‍ය අවස්ථා ලැබේවි. ගෙදර සතුට සහ සාමය දැනෙන්න ගනීවි.
පුළුවන් නම් දවස් 90කට පස්සේ මේ ලුණු බෝතලය නැවත අලුත් කරන්න. එහෙම කරද්දිත් අර මම කිව්ව හැම දෙයක්ම කරන්න ඕනේ. ඒ ලුණු ටික ඒ විදිහටම බලගන්වන්නත් ඕනේ. එතකොට මේකේ තිබුණු පරණ ලුණු ටික ගෙදර පොල් පැළයක්, තැඹිලි පැළයක් තියෙනවා නම් ඒකට දාන්න.

මම කිව්ව මේ දේවල් අනුගමනය කරලා මේ දේ කළොත්, මේ දේවල් කලින් විශ්වාස නොකරන කෙනෙක් වුණත් පුදුමෙන් පුදුමයට පත්වේවි. සමහර අයට අදහාගන්න බැරි තරම් ප්‍රතිඵලයක් ලැබෙන්නත් පුළුවන්. විශ්වාස නොකරන කෙනෙක් වුණත් කමක් නෑ, අනිවාර්යයෙන්ම කරලා බලන්න. ඔයාලට සුබම සුබ දවසක්.

SendShareShare
Previous Post

කළුතර වෙඩි පත්තු වෙයි!  I Sri Lanka Latest News

Next Post

ගල්කිස්ස උසාවි සිද්ධියේ නීතීඥවරයකු ගැනත් පොලිසිය විමර්ශනයක් පටන් අරන්!  I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.