එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන් අද (17) දහවල් 2ට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී සජිත් ප්‍රේමදාස මහතා සමග සාකච්ජාවක් පැවැත්වීමට නියමිතය.
මේ සදහා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා හැරුණු විට අනෙකුත් සියලුම පක්ෂ නායකයන් සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.
මෙහිදී සජිත්ගේ නායකත්වයෙන් ඉදිරියේදී ගොඩනැගීමට නියමිත නව සන්ධානය සම්බන්ධයෙන් සාකච්ජා කරනු ඇති බවද දැනගන්නට තිබේ.











