• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘ෂාෆ්ටර් මරණය දිවි නසා ගැනීමක්! සීඅයිඩිය තහවුරු කරයි!’ අරුණ පත්තරේ ප්‍රධාන පුවතින් කියයි! ‘අභිරහස් මරණය පිරිසක් දිවි නසාගැනීමක් කරන්න හදනවා!’ ලංකාසර වෙබ් අඩවිය කියයි! පුවතේ අපහැදිලි තැන් රැසක්!

January 8, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
මහ දවාලේ කොළඹ නගරෙ මැද ලොකු ව්‍යාපාරිකයෙක් මැරුවෙ කොහොමද?
Share on WhatsAppShare on Facebook

කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ අභිරහස් මරණය පිළිබදව මේ වනවිට බරපතළ අර්බූදයක් මතුවන ආකාරයේ පුවත් දෙකක් ඊයේ දින මාධ්‍ය වාර්තා කොට තිබිණ.

ඉන් එක් පුවතක් වූයේ අරුණ පුවත්පත සිය මුල් පුවතින්ම වාර්තා කර තිබූ පුවතය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා නැමැත්තකු විසින් ලියා තිබූ ඉන් සදහන් කොට තිබුණේ ‘ෂාෆ්ටර් මරණය දිවි නසා ගැනීමක්! සීඅයිඩිය තහවුරු කරයි!’ යනුවෙනි.

එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සනාථ කොට ඇති බවද එම පුවතින් කියැවිණ.

කෙසේනමුත් ඊයේ සවස ලංකාසර වෙබ් අඩිවය වාර්තා කොට තිබුණේ කිසිදු තහවුරු කළ සාක්ෂියක් මතුව නොතිබියදී කිසියම් පිරිසක් විසින් ෂාෆ්ටර් මරණය සියි දිවි නසා ගැනීමක් ලෙස පෙන්වීමට කටයුතු කර ඇති බවකි.

අරුණ පුවත්පතේ වාර්තා ‌කර තිබූ කරුණු සියල්ල අසත්‍ය බවද එම පුවතින් වාර්තා කොට තිබිණ.

අදාළ පුවත් දෙකම පහත පළවේ.

‘ෂාෆ්ටර් මරණය දිවි නසා ගැනීමක්! සීඅයිඩිය තහවුරු කරයි!

තිස්ස රවීන්ද්‍ර පෙරේරා

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරු කරගෙන ඇත.

දිනේෂ් ෂාෆ්ටර් සියදිවි නසා ගැනීමට දින පහකට පෙර එනම් දෙසැම්බර් 10 වැනිදාත් බොරැල්ල පොදු සුසාන භූමියේ සිද්ධිය වූ ස්ථානයට පැමිණ පෙර අත්හදා බැලීමක් කර ඇති බවද මෙතෙක් කරන ලද විමර්ශනවලින් සනාථ වී තිබේ.

මේ බව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ මාධ්‍යයට විවෘත නොවූ මහෙස්ත්‍රාත් පරීක්ෂණ සාක්ෂි විභාගයේ දී පවුලේ අයටද දැනුම් දී තිබේ. දිනේෂ් ෂාෆ්ටර් ඉකුත් දෙසැම්බර් 15 වැනිදා මෝටර් රථය තුළ ගෙල සහ දෙඅත් සිරවන ලෙස ගැටගසා තිබියදී බොරැල්ල කනත්තේ සේවකයකු හට හමු වී ජාතික රෝහලට ඇතුළත් කර පැය පහකට පසුව මරණයට පත්විය. ඔහුගේ වාහනය නවතා තිබුණේ බොරැල්ල පොදු සුසාන භූමියේ ‘අනාථ පැත්ත’ ලෙස හඳුන්වන ප්‍රදේශයේය.

ඔහුගේ ගෙල සිරවී තිබූ ඇන්ටනා කේබලයේ හා අත් සිරකර තිබූ ටයි කේබල් ඔහුට අයත් නිවසේත් තිබී රස පරීක්ෂක නිලධාරීන්ට හමු වූ අතර එය ඔහු මිලදී ගෙන තිබුණේ නිවසේ සේවකයකු මාර්ගයෙනි. ෂාෆ්ටර් දෑත්වලට කේබල් ටයි දමාගෙන රියැදුරු අසුන උපයෝගී කරගෙන ඇන්ටනා වයරයෙන් ගෙල සිරකරගෙන ඇති බවත්, එකවර අවසන් හුස්ම නොගියේ ඔහු විසින්ම ගෙල සිරකරගත් නිසා බවත් හෙළි වී ඇත.

සියදිවි නසා ගැනීමට පෙර ඔහුගේ හැසිරීම් රැසක් සාක්ෂි සහිතව විමර්ශකයන් දැනටමත් සොයාගෙන ඇතැයි විමර්ශන ප්‍රධානියකු අනාවරණය කළේය. ව්‍යාපාර කටයුතු නිසා ණය බර වැඩිවීමෙන් මානසික ආතතියෙන් (Depression) මොහු වෛද්‍ය ප්‍රතිකාර පවා ලබාගත් බව ප්‍රතිකාර කළ වෛද්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සාක්ෂි ලබා දී තිබේ.

මෙම සාක්ෂිවලට අමතරව භෞතික හා විද්‍යාත්මක සාක්ෂිද විමර්ශන සඳහා පදනම් කරගත් අතර මෙම අබිරහස් මරණය සම්බන්ධව ෂාෆ්ටර්ගේ බිරිය, නැන්දණිය ඇතුළු 84 දෙනකුගෙන් ප්‍රකාශ ලබාගත් අතර සී.සී.ටී.වී. කැමරා දර්ශන හතළිහකින් ෂාෆ්ටර්ගේ සියලු ගමන් මාර්ග පරීක්ෂා කර තිබිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහගේ උපදෙස් මත මනුෂ්‍ය ඝාතන හා සංවිධාන්තමක අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත යටතේ විමර්ශන ක්‍රියාත්මකය.

ලංකාසර වෙබ් අඩවිය වාර්තා කළ පුවත

ප්‍රකට ව්‍යාපාරිකයකු වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් ස්ථිර නිගමනයකට එළඹීමට ප්‍රමාණවත් විද්‍යාත්මක සාධක ඇතුලු සාක්ෂි තහවුරු වන්නටද මත්තෙන් ඔහු සිය දිවි නසාගත් බවට මත්යක් ස්ථාපනය කිරීමේ උත්සාහයක් පවතින බව පොලිස් ආරංචිමාර්ග සදහන් කරයි.

ෂාෆ්ටර් මහතා සිය දිවි නසාගත් බව තහවුරු කිරීමට මෙතෙක් කිසිදු සාක්ෂියක් නොලැබුණු බවත්, මේ සම්බන්ධයෙන් පැවැති මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී පවා එවැනි අදහසක් පළ කෙරෙන ප්‍රකාශයක් සිදු නොකෙරුණු ලද බවත් එම ආරංචි මාර්ග සදහන් කළේය.

පසුගිය දෙසැම්බර් 15 වැනිදා සිදුවුණු ෂාෆ්ටර් මරණයට අදාළව ඩී.එන්.ඒ. පරීක්ෂණ සහ රස පරීක්ෂක වාර්තා සහ සාම්පල 14ක් යවා ඇති අතර එම වාර්තා කිසිවක් ලැබී නොමැති තත්ත්වයක් සහ ඔහු සිය දිවි නසා ගත් බවට තහවුරු වන කිසිදු සාක්ෂියක් නොමැති පසුබිමක් යටතේ එවැනි මතයක් නිර්මාණය වීම පිළිබදව අදාළ අංශ විමතිය පළ කළේය.

ෂාෆ්ටර් මහතාගේ බිරිය, පවුලේ සාමාජිකයන්, ඔහු මුදාගැනීමට ගිය ඔහුගේ සමීපතම නිලධාරියා, බොරැල්ල සුසාන භූමියේ සේවකයන්, ෂාෆ්ටර් මහතා‌ගේ ව්‍යාපාරවලට සමීප සිටින තැනැත්තන් ඇතුලු පුද්ගලයන් 75 දෙනකුගෙන් පමණ මේ වනවිට ප්‍රකාශ ලබාගෙන ඇති අතර තවදුරටත් විමර්ශන පැවැත්වෙමින් තිබෙන බව එම ආරංචිමාර්ග සදහන් කළේය.

එසේම ඔහු අදාළ සිදුවීමට පෙර දිනයකදීද බොරැල්ල කනත්ත ප්‍රදේශයට ගිය බව සහ සිය දිවි නසාගැනීම සම්බන්ධයෙන් පුහුණු වූ බවට කිසිදු සාක්ෂියක් ලැබී නොමැති බවද එම ආරංචි මාර්ග අනාවරණය කළ අතර ඔහුගේ මරණය පිළිබදව යම් නිගමනයකට එළඹිය හැක්කේ මෙම ප්‍රකාශ සටහන් සහ විද්‍යාත්මක පර්යේෂණවලින් ලැබෙන ප්‍රතිපල අනුව බවද ප්‍රකාශ කළේය.

SendShareShare
Previous Post

රනිල් ඔයා පොරක් නම් එන්න ඡන්දෙට! අපි ඔයාගෙ තරම ඔයාට කියලා දෙන්නම්! සමාජවාදී තරුණ සංගමය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! ‌‌(VIDEO)

Next Post

93 සෙනසුරු කුම්භ ලග්නෙට ආපු වෙලාවේ හිටපු ජනාධිපතිට ගෙදර යන්න වුණා! අවුරුදු 30කට පස්සේ ජනවාරි 17 ආපහු සෙනසුරු කුම්භ ලග්නෙට එනවා! අවුරුදු 55ක කෙනෙක් රටේ ජනාධිපති වෙනවා! චන්ද්‍රිකා-මහින්ද මේ රටේ ජනාධිපති වෙනවා කියලා කල් තියා කියපු රාජපක්ෂ පවුලේ රාජකීය ජ්‍යොතිර්වේදියා සුමනදාස ඊළගට රටේ ජනාධිපති වෙන කෙනා ගැන අලුත් අවුරුද්දේ අලුත්ම අනාවැකිය ප්‍රසිද්ධියේම කියයි! (VIDEO)

MORE NEWS

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දී ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.