විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද (15) දිනයේදී තෛපොංගල් දිනය සමරනු වස් විපක්ෂනායක කාර්යාලයේදී තෛපොංගල් උත්සවයක් සංවිධාන කිරීමට පියවර ගෙන ඇත.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගෙවුණු 26 වසරක කාලය තුළ අවස්ථා කිහිපයකදීම විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළද කිසිදු අවස්ථාවක මෙසේ විපක්ෂනායක කාර්යාලයේ තෛපොංගල් උත්සවයක් පැවැත්වීමට පියවර ගෙන තිබුණේ නැත.
මීට අමතරව පළමු වතාවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දුරුතු පොහෝ දිනයේදී ධර්ම දේශනා වැඩසටහනක්ද විපක්ෂ නායක කාර්යාලයේ සංවිධාන කිරීමට පියවර ගෙන තිබිණ.










