මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සදහා ආයෝජකයකු සෙවීමට විශාල වෙහෙසක් ගත්තද ඒ සදහා කිසිදු ආයෝජකයකු නොඑන්නේ විවිධ පුද්ගලයන්ට කප්පම් දීමට සිදුව ඇති නිසා බවට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ආරංචි පැතිර ගොස් තිබේ.
නියමිත ක්‍රමවේදය අනුගමනය කරමින් මත්තල ගුවන් තොටුපොළ සදහා ආයෝජකයන් සොයන්නේ නම් ඒ සදහා ඉදිරිපත් වීමට ආයෝජකයන් කිහිප දෙනකුම සිටින බවද ව්‍යාපාරික ක්ෂේත්‍රයේ එම ආරංචිමාර්ග සදහන් කරයි.
ඔවුන් පෙන්වා දෙන්නේ පාඩු ලබන ව්‍යාපෘතියකට ආයෝජනය කරනවාට අමතරව විවිධ පුද්ගලයන්ට කප්පම් ලබා දීමට එම ආයෝජකයන් අකැමැති බවකි.










