මේ දිනවල අධික රශ්මියෙන් යුත් සූර්ය කිරණත් සමග මිනිස් සිරුරට ඉතා අහිතකර පාරජම්බුල කිරණ පතිත වන බැවින් දහවල් කාලයේ එළියට යන්නේ නම් හැකි සෑම අවස්ථාවකදීම දෑස් ආරක්ෂා කරගන්නා ලෙස අක්ෂි වෛද්‍යවරුන් අවධාරණය කර ඇත.
ඒ අනුව දහවල් කාලයේදී ප්‍රමිතියෙන් යුත් අව්කණ්ණාඩි පළදින ලෙස ඔවුන් උපදෙස් නිකුත් කර ඇති අතර ඍජුව දෑස් හිරුඑළියට නිරාවරණය වුවහොත් අක්ෂි ආබාධ පවා වැළදිය හැකි බව සදහන් කර ඇත.
මීට අමතරව එළිමහනේ කරන සෑම කටයුත්තකදීම සිරුර ආවරණය වන ඇදුම් පළදින ලෙසද වෛද්‍යවරුන් නිර්දේශ කර තිබේ.










