• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහබැංකු හොරුයි රට බංකොලොත් කරපු හොරුයි සන්ධානයක් එනවා! ඔබලා තීන්දු කරන්න මේ රට බාරදෙන්නේ ලංකාව ලොස්ට් කරපු ටීම් එකටද ලංකාව ෆස්ට් කරන්න පුලුවන් ටීම් එකටද කියලා! (VIDEO & PHOTOS)

December 18, 2022
in Exclusive
Reading Time: 10 mins read
A A
මහබැංකු හොරුයි රට බංකොලොත් කරපු හොරුයි සන්ධානයක් එනවා! ඔබලා තීන්දු කරන්න මේ රට බාරදෙන්නේ ලංකාව ලොස්ට් කරපු ටීම් එකටද ලංකාව ෆස්ට් කරන්න පුලුවන් ටීම් එකටද කියලා! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

එළඹෙන මැතිවරණයට තරග කරන්නේ ප්‍රධාන කඳවුරු දෙකක් බවත් ඉන් එක කඳවුරක් මහ බැංකුව මංකොල්ල කෑ,රට බංකොලොත් කළ කණ්ඩායම් එකට එක්වී තැනූ අශුද්ධ සන්ධානයක් බවත්, අනෙක් කදවුර වන්නේ රටට අනතුරක් එන විට ඒ අනතුරක් කල්තියාම කියනු ලැබූ සහ #SriLankaFirst සංකල්පය ඔස්සේ රට ගොඩනගන ශුද්ධ වැඩපිළිවෙළක් ඇති කණ්ඩායම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ශ්‍රී ලංකාව lost කරන කණ්ඩායම තෝරා ගන්නවද,ශ්‍රීලංකාව ෆස්ට් කරන කණ්ඩායම තෝරා ගන්නවා ද කියන එක රටේ ජනතාවගේ වගකීම බව පැවසූ විපක්ෂ නායකතුමා රට ගොඩනගන්නට ඇති එකම විකල්පය සමගි ජන බලවේගය බවද පැවසීය.

“ජනාධිපතිවරයා හැමදාම එකම මන්තරය මතුරනවා.හෙට අමාරුයි,ඉස්සරහට  අමාරුයි,විකුනන්නෙ නැතිව අමාරුයි,ගොඩ ගන්න අමාරුයි.එතුමා පාර්ලිමේන්තු ආවත් කියන්නේ ඕක. ජාතිය ඇමතුවත් කියන්නේ ඕක.එතුමා ප්‍රවෘත්ති සාකච්ඡාවක් තිබ්බත් කියන්නේ ඕක.රට තියෙන්නෙ අමාරු අඩියක කියලා මේ රටේ පේදුරු තුඩුවේ ඉඳලා දෙවුන්දර තුඩුව දක්වා ඉන්න ඕනම මනුස්සයෙක් දන්නවා.හැබැයි ඒකට උත්තරය දෙන්නයි ආණ්ඩුවක් ඉන්නේ.

මේ තරම් ප්‍රශ්න තියෙද්දී ඒ දෙගොල්ල  මොකද කරන්නේ?පොහොට්ටුව කියනවා අපි එජාපය  එකතු වෙනවා කියලා.එජාපය කියනවා පොහොට්ටුව එක්ක එකතු වෙනවා කියලා.හැබැයි මුළු රටම දන්නවා ඒ දෙගොල්ල එකතු වුණේ මීට කලින් කියලා.”

යයිද විපක්ෂ නායකතුමා පැවසීය.

සමගි රාජ්‍ය සේවා විශ්‍රාමික බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් සම්මන්ත්‍රණය අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.ඒ සංවිධානය කළේ එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා විසිනි.

පත්වීම් ලිපියක් හරියට ගහගන්න බැරි ආණ්ඩුවක් විශ්‍රාමිකයා සුරක්ෂිත කරයි ද?

2015න් පස්සේ බඳවාගන්න රාජ්‍ය  නිලධාරින්ගේ පත්වීම් ලිපිය තියෙන්නේ “අනාගතයේදී තීරණය කරනු ලබන විශ්‍රාමයකට  ඔබ හිමිකම් ඇත” යනුවෙන් බව පැවසූ විපක්ෂ නායකතුමා හරිහමන් පත්වීම් ලිපියක් වත් දෙන්න බැරි තරමට ආණ්ඩුව පඹ ගාලක පැටලි සිටින බව කීය.

රජයේ සේවකයා මෙන්ම විශ්‍රාමික ප්‍රජාව ශ්‍රී ලංකාවේ දේශපාලනයේ තීරණාත්මක සාධකයන් වෙන බවත්,මැතිවරණයක් කිට්ටු වෙනකොට බොහෝ අයට රාජ්‍ය සේවකයින් සහ විශ්‍රාමිකයිනුත් මතක් වෙන නමුත් ඉන් පස්සේ ඒ අය කරපිංචා ගානට වීසි කරන බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

 විශ්‍රාම වැටුප හදාගන්න ජේෂ්ඨ පුරවැසියන්ට දස අතේ රස්තියාදු වෙන්න වෙලා තියෙන බව කී විපක්ෂ නායකතුමා මේ තත්ත්වය උදා කළේ ගෝඨාභය රාජපක්ෂ බැසිල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායම විසින් බවද පැවසීය.

විශ්‍රාම ගන්න කාලය විටින් විට වෙනස් කරන්න පටන් අරගෙන තියෙන බව කී විපක්ෂ නායකතුමා,මෙයින් රාජ්‍ය සේවකයෝ ව්‍යාකූල වන බවත් වෙනුවෙන් වැඩ කරන්න හිටපු නිලධාරීන් මෙයින්  අන්ත අසරණ වන බවත් කීය.

එදිනෙදා විශ්‍රාම යන රාජ්‍ය නිලධාරීන්ට ගෙවිය යුතු ව්ශ්‍රාම පාරිතෝෂිකය ගෙවීමට වත් අද ආණ්ඩුවට සල්ලි නැති බව කී විපක්ෂ නායකතුමා රටේ සමස්ත විශ්‍රාමිකයින්ගේ ජීවිත සුරක්ෂිත කිරීමේ වගකීම සමගි ජන බලවේගය ස්ථිර වශයෙන්ම භාර ගන්නා බව ද පැවසීය.

ශිෂ්‍ය මර්දනය වහා නවතනු!

අද වන විට ශිෂ්‍ය මර්දනය බරපතළ ලෙස සිදු වෙමින් පවතින බව පැවසූ විපක්ෂ නායකතුමා ඔවුන්ට එරෙහිව අනියත චෝදනා එල්ල කරමින් සිටින බවද පැවසීය.

දරුවන් ලග මත්ද්‍රව්‍ය තිබෙනවා ද කියා සොයන්නට ඇති උවමනාව සහ උනන්දුව ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේත් බෑග් පරික්ෂා කිරීමට තිබෙනවා නම් වඩාත් සුදුසු බව පැවසූ විපක්ෂ නායකතුමා,මත්ද්‍රව්‍ය පිළිබඳව සොයන්නට ඇති උනන්දුව උනන්දුවම පාස්කු ප්‍රහාරයේ චූදිතයින් පිළිබඳව සොයා බැලීමට ද යොදවන ලෙස පැවසීය.

SendShareShare
Previous Post

නාලන්දාව ගැන රූපවාහිනිය බොරු කියයි! මිලියන 500ක් ඉල්ලා නාලන්දාව රූපවාහිනියට නඩු දමයි!

Next Post

පඬුවස්නුවර සමූප ඡන්දෙන් ශ්‍රීලනිපය දිනයි!

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.