ඊයේ (16) රාත්‍රී පුවත් විකාශයේ දී තමා සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ මුළුමනින්ම සාවද්‍ය පුවත් සම්බන්ධයෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා නීතිඥයින් මාර්ගයෙන් ජාතික රුපවාහිනියට එරෙහිව එන්තරවාසියක් යොමුකරන බව කොළඹ නාලන්ද විද්‍යාලයේ විදුහල්පති තිලක් වත්තුගේවා පවසයි.
පාසල් ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා වන ඔහු මේවනවිට එම සංගමයේ නිල කටයුත්තක් සඳහා ඉන්දියාවට ගොස් සිටියි.
කෙසේවුවද ඊයේ ජාතික රුපවාහිනියේ ප්‍රවෘත්ති විකාශය මගින් අවධාරණය කර සිටියේ, පාසල් ක්‍රිකට් සම්මාන උළෙල ත්‍යාග ප්‍රධානෝත්සවය අවස්ථාවේදී පාසල් ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා බැහැරව ගොස් සිටි බවයි. මෙම උත්සවයේ ඉදිරිපෙළ අසුනක් නොලැබීම නිසා ඔහු උත්සවය අතරතුර නැගිටගිය බවද එහිදී සඳහන් කළේය.











