ගංජා මිශ්‍ර බාබුල් හා තුල් රැගෙන පාසලට පැමිණි සිසුන් හයදෙනකු පෙරේදා (15) උදෑසන සිදුකළ පරීක්ෂාවක දී හසුවූ බව පොල්ගහවෙල පොලිසිය පවසයි.
පාසල්වලට මත්ද්‍රව්‍ය රැගෙන එන සිසුන් අල්ලා ගැනීමට පොල්ගහවෙල නගරයේ හා ඒ අවට පාසල් පහක් එදින උදෑසන පරික්ෂාවක් සිදුකර තිබෙනවා.
ADVERTISEMENT
එහිදී අදාළ සිසුන් හයදෙනා පැළඳ සිටි පාවහන් ඇතුළේ හා යට ඇඳුම්වල ගංජා මිශ්‍ර බාබුල් හා තූල් තිබී සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.
ගංජා මිශ්‍ර බාබුල් හා තුල් පාසලට රැගෙන ආ සිසුන් 10 හා 11 ශ්‍රේණිවල ඉගෙනුම ලබන බවත්, ඔවුන් පොලිසියට රැගෙන ගොස් මත්ද්‍රව්‍යවල ආදීනව පිළිබඳ තරයේ අවවාද කර මුදාහැරි බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.