වෙළඳපොලේ බිත්තර මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඊයේ වනතෙක් රුපියල් 50 ක මට්ටමේ පැවති බිත්තරයක මිල අද වන විට රුපියල් 60 කට ආසන්නවී ඇති බවයි ජනතාව පැවසුවේ.
ඊට හේතු වූයේ බිත්තර සඳහා පාලන මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනය ඊයේ අත්හිටුවීමයි.
උත්සව සමයේ මෙම මිලද තවත් ඉහළ යනු ඇති බව වෙළෙදපොළ ආරංචිමාර්ග සදහන් කරනවා.