• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

2024 ජනාධිපතිට පාර කියන පුංචි ඡන්දය! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

December 17, 2022
in Exclusive, Gurudawa
Reading Time: 5 mins read
A A
2024 ජනාධිපතිට පාර කියන පුංචි ඡන්දය! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

‘1994 ඉඳලා 2024ට අවුරුදු 30ක්. ඒ අවුරුදු 30ටම යූ.ඇන්.පී.ය දින්නේ එක පුංචි ඡන්දයයි…’

මේ, කැපුවත් කොළපාට යූ.ඇන්.පී.කාරයෙක් කීව කතාවය. ඒකට හේතුව යූ.ඇන්.පී. නායක රනිල්ට පුංචි ඡන්දය ලොකු ඡන්දයක් නොවීමය. නමුත් 1994 සිට මේ දක්වා 2018 තෙක් ශ්‍රීලනිපයත්, 2018ට පසු පොහොට්ටුවත් බලය අල්ලාගෙන ඉන්නේ පුංචි ඡන්දය දිනලා පක්ෂයේ බිම් මට්ටම ශක්තිමත් කරගත් නිසාය. නමුත් රනිල් පක්ෂයේ බිම් මට්ටම ගැන තැකීමක් කරන්නේ නැති නායකයෙකි.

‘ඔහු අදටත් පුංචි ඡන්දයට බය ඒකද…?’

අද බය ඒකට නොවේ. අද බය තමන්ගේ ජනාධිපති ධුරයට ජන වරමක් නැති බව පුංචි ඡන්දයෙන් ඔප්පු වෙයි කියන එකටය. මේ වෙලාවේ පුංචි ඡන්දයකට ගියොත් රනිල්ගේ යූ.ඇන්.පී.යට අපේක්ෂකයන් හොයාගන්න බැරි වන බව රහසක් නොවේ. 2018 තේරීපත් වූ යූ.ඇන්.පී. අපේක්ෂකයෝ බහුතරයක් ඉන්නේ සමගි ජන බලවේගය සමගය. ඔවුන් නාමයෝජනා ඉල්ලන්නේ සමගි ජන බලවේගයෙන්ය. මේ ඡන්දය තුන්කොන් සටනකි. ඒ තුන්කොන් සටන තියෙන්නේ පොහොට්ටුව, සමගි ජන බලවේගය සහ ජ.වි.පෙ. අතරය.

‘එතකොට යූ.ඇන්.පී.ය…?’

අද ශ්‍රීලනිපයට තියෙන තැනවත් යූ.ඇන්.පී.යට නැත. ශ්‍රීලනිපයට තනියම ඉල්ලා ගන්න පුළුවන් අපේක්ෂකයන් ගණනට ළං වෙන්නවත් යූ.ඇන්.පී.යට බැරිය. මේ වෙනකොට රනිල් පොහොට්ටුවේ ජනාධිපති වී ගමේ 2020 මහ ඡන්දයේදී යූ.ඇන්.පී.යට ඡන්දය දුන් යූ.ඇන්.පී.කාරයනුත් 2020දී සමගි ජන බලවේගයට හෝ යූ.ඇන්.පී.යට ඡන්දය නොදී ගෙදර හිටිය යූ.ඇන්.පී.කාරයනුත් අතර අප්‍රසාදයට පත්වී ඇත. යූ.ඇන්.පී.කාරයන් රාජපක්ෂ විරෝධීන්ය. යූ.ඇන්.පී.කාරයන් යැයි කියන්නේ රනිල්ගෙන් වාසි ගන්න රනිල්ට කඩේ යන යූ.ඇන්.පී.කාරයන් නොවේ. පරම්පරාගත යූ.ඇන්.පී.කාරයන්ය. ඔවුන්ගේ පොදු හතුරා රාජපක්ෂලාය. රනිල්, රාජපක්ෂලාට කඩේ යන නිසා රනිල්ට කඩේ යන්න ඔවුන් අකැමැතිය. මේ බව හොඳට පේන්නේ වසර 28කට පසු යූ.ඇන්.පී.යට ජනාධිපති කෙනෙක් හිමි වුණා කියා කයිවාරු ගසන වාසියට රනිල්ට කඩේ යන යූ.ඇන්.පී.කාරයන් කිව්වත් එහෙම කියන යූ.ඇන්.පී.කාරයන්ට තවම පක්ෂ බලමණ්ඩලයක් රැස් කරගන්න බැරි වී ඇත. හේතුව රනිල්, රාජපක්ෂලා ආරක්ෂා කරගන්න ජනාධිපතිකම ගත්ත බව ඔවුන් දන්නා නිසාත්, රනිල්ගේ ජනාධිපතිකමෙන් යූ.ඇන්.පී.කාරයන්ට තඹ සතේක දෙයක් වෙලා නැති නිසාත්ය.

‘එහෙනම් පුංචි ඡන්දයක් ආවොත් රනිල් ඉවර වෙයිද…?’

රනිල්ට පුංචි ඡන්දයකදී ජාම බේරාගන්න නම් පොහොට්ටුවට එක්විය යුතුය. එතකොට පොහොට්ටුවේ ඡන්ද අස්සේ රිංගා ජාම බේරාගන්න රනිල්ට පුළුවන්ය. හැබැයි රනිල් පොහොට්ටුවේ රිංගුවාට යූ.ඇන්.පී.කාරයන් නම් පොහොට්ටුවේ අස්සේ රිංගන්න යන්නේ නැති බව සහතිකය. රනිල් පොහොට්ටුවට එක්වූවාට රනිල් 2020 මහ ඡන්දයේ ගත් ඡන්ද ටිකවත් රනිල්ට නැති බව පොහොට්ටුව දනී. ඒ නිසා රනිල් පොහොට්ටුව අස්සේ රිංගන්න එනවා නම් රනිල්ට කොන්දේසි පනවන්න පොහොට්ටුවට බලය ලැබෙයි. රනිල් මේක දනී. ඒ නිසා රනිල්ට පුංචි ඡන්දය ගෙදර ගියත් තෝ නසී, මඟ හිටියත් තෝ නසී වැනි කතාවකි.

පුංචි ඡන්දය පුංචි වුණාට ලංකාවේ දේශපාලන ඉතිහාසයේ ලොකු දේවල් වෙලා තියෙන්නේ පුංචි ඡන්දවලින්ය.

වසර 17ක යූ.ඇන්.පී. පාලනයට කණකොකා හැඬුවේ 1991 පුංචි ඡන්දයෙන්ය. පුංචි ඡන්දයේදී එවක ජනාධිපති ප්‍රේමදාස, රත්නසිරි වික්‍රමනායකව කොළඹ පුරපති කරන්න ගොස් එම්.එච්. මොහොමඩ්වත්, ලලිත් ඇතුලත්මුදලිවත් තරහා කරගත්තේ පුංචි ඡන්දයේදීය. මේ පුංචි ඡන්දයේ පිපිරීම අවසානයේ ප්‍රේමදාසට එරෙහි දෝෂාභියෝගයක් බවට පත්විය.

1994 මහ ඡන්දයේදී චන්ද්‍රිකා දින්නේ පාර්ලිමේන්තුවේ එක වැඩි ඡන්දයකිනි. පරාජිත යූ.ඇන්.පී.ය අද හෙට බලයට එයි කියා හැමෝම සිතූහ. හේතුව චන්ද්‍රිකාගේ ආණ්ඩුව වට්ටන්න ඕනෙ වුණේ එක් මන්ත්‍රීවරයෙක් පමණි. ඒත් 1997 පුංචි ඡන්දයෙන් චන්ද්‍රිකා බලවත් වූයේ නාලන්ද එල්ලාවල ඝාතනයෙන්ය. දූෂණ-භීෂණ හංවඩුව ගලවා පිරිසිදු පක්ෂයක් ලෙස නැඟිටින්න හදපු යූ.ඇන්.පී.යට යළි භීෂණ හංවඩුව වැදුණේ ඡන්ද නාමයෝජනා දිනයේ රත්නපුර මන්ත්‍රී නාලන්ද එල්ලාවල ඝාතනයෙනි. පාර්ලිමේන්තුවේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි ජ.වි.පෙ.ට යළි පණ ආවේද 1997 පුංචි ඡන්දයෙනි. විමල්ලා නාගරික මන්ත්‍රීවරු වූයේ 97 පුංචි ඡන්දයෙනි. ජ.වි.පෙ. ගොඩනැඟුණේ එතැන් සිටය.

2002 පුංචි ඡන්දය දින්නේ යූ.ඇන්.පී.යය. 2002 පුංචි ඡන්දය බණ්ඩාරනායකලාගේ දේශපාලනය අවසන් කළ පුංචි ඡන්දය විය. බණ්ඩාරනායකවරු තම බලකොටුව වූ අත්තනගල්ල පරාජය වූයේ 1982 ජනමත විචාරණයේදී පමණය. යළි 2002 දී චන්ද්‍රිකා ජනාධිපති ධුරයේ සිටියදී බණ්ඩාරනායක බලකොටුව වූ අත්තනගල්ල පරාජයට පත්විය. ශ්‍රීලනිපයට ජ.වි.පෙ. සමග එක් වෙන්න පාර කැපුණේත් බණ්ඩාරනායකලා යට ගොස් මහින්ද රාජපක්ෂට නැඟිටින්න පුළුවන් වූයේත් ඒ පුංචි ඡන්දයේ ප්‍රතිඵල නිසාය. මහින්දත් හම්බන්තොට සිය ආසනයත්, දිස්ත්‍රික්කයත් පරාජය වුවත් මහින්දට ජනාධිපති වෙන්න ශ්‍රීලනිප – ජවිපෙ සන්ධානය බිහි වුණේ පුංචි ඡන්දයේ ප්‍රතිඵලවලින් ශ්‍රීලනිපය අන්ත පරාජයකට ලක්වූ නිසාය.

2006 පුංචි ඡන්දය පවත්වන විට මහින්ද ජනාධිපති වී සිටියත්, ජවිපෙ ඉතා ප්‍රබල තැනකත්, ශ්‍රීලනිපය ඉතා දුර්වල තැනකත් සිටියේය. ඒකට හේතුව 2004 මහ මැතිවරණයෙන් ශ්‍රීලනිප ප්‍රබලයන් යට කරගෙන ජවිපෙ අපේක්ෂකයන් ශ්‍රීලනිප-ජවිපෙ සන්ධානයෙන් ජයග්‍රහණය කිරීමය. 2005 මහින්ද ජනාධිපතිවරණය දින්නේත් ජවිපෙ ශක්තියෙනි. මේ නිසා ශ්‍රීලනිපය ඉතා දුර්වල තැනක තිබිණි. නමුත් 2006 පුංචි ඡන්දයෙන් ශ්‍රීලනිපය යළි ශක්තිමත් වී ජවිපෙ ඉතා දුර්වල තැනකට ඇදවැටිණි. 1997 පුංචි ඡන්දයෙන් පටන්ගෙන 2004 මහ ඡන්දය සහ 2005 ජනාධිපතිවරණයෙන් රටම හොල්ලපු ජවිපෙ 2006 පුංචි ඡන්දයෙන් දුර්වල වී ඉන් පසු පක්ෂය කැඩී විනාශ විය.

ඊළඟට පුංචි ඡන්දයක් ආවේ 2011දීය. මහින්දගේ අවසානයේ ආරම්භය පටන්ගන්නේ ඒ පුංචි ඡන්දයේදීය. කොළොන්නාව නගර සභාවට ශ්‍රීලනිපයේ මහින්දවාදී භාරත ලක්ෂ්මන් සහ යූ.ඇන්.පී.යෙන් ආ දුමින්ද සිල්වා අතර සටනේදී රාජපක්ෂලා දුමින්දගේ පැත්ත ගනිද්දී ශ්‍රීලනිප මහලේකම් මෛත්‍රීපාලලා ගත්තේ භාරත ලක්ෂ්මන්ගේ පැත්තය. 2015 ජනාධිපතිවරණයේදී පක්ෂය දෙකඩ වන තැනට වැඩේ සිද්ධ වෙන්නේ 2011 පුංචි ඡන්දයේදී භාරත ලක්ෂ්මන් ඝාතනය වීමෙනි. මෛත්‍රී 2015 රාජපක්ෂවරු හැර යන්නේ 2011 පුංචි ඡන්දයේ පටන් ගත් ගැටුම නිසාය.

ලංකාවේ පුංචි ඡන්ද ඉතිහාසයේ පළමු වරට ආණ්ඩුවක් පරාජය වන්නේ 2018 පුංචි ඡන්දයේදීය. පළමු වරට අලුත බිහිවූ පොදුජන පෙරමුණ ඔළුව ඔසවන්නේත් 2018 පුංචි ඡන්දයේදීය. ඒ පුංචි ඡන්දයේදී ජනාධිපති මෛත්‍රීගේ ශ්‍රීලනිපයත් අගමැති රනිල්ගේ යූ.ඇන්.පී.යත් හතරගාතෙන් වට්ටවා අලුත බිහිවූ පොදු ජන පෙරමුණ රට අල්ලන්නේ 2015 ඇද වැටුණු රාජපක්ෂලා යළි කරළියට ගෙන එමිනි.

මේ පුංචි වුණාට පුංචි ඡන්දයේ ලොකු හපන්කම්ය. පුංචි ඡන්දය ලංකාවේ දේශපාලනය උඩු යටිකුරු කර ඊළඟ ජනාධිපති කවුද කියන එක පෙන්වන මඟ කියන්නෙකි. 1991 ලන්ඩන්වල සිට ආ චන්ද්‍රිකා ශ්‍රීලනිපය සමග එක්වී බහුජන නිදහස් පෙරමුණෙන් දේශපාලන කරළියට ආවේ 1991 පුංචි ඡන්දයෙන්ය. ඇය 94 ජනාධිපති වූවාය. 1997 පුංචි ඡන්දයේදී ඇය යූ.ඇන්.පී.යට බලය ගන්න බැරි බව ඔප්පු කර පෙන්වූවාය. ඇය 1999 ජනාධිපති වූවාය. 2002 පුංචි ඡන්දයෙන් ශ්‍රීලනිප-ජවිපෙ සන්ධානයට පාර කපා බණ්ඩාරනායකවරුන්ගේ දේශපාලනයේ අවසානයක ආරම්භය සනිටුහන් කළාය. බණ්ඩාරනායකවරු යටපත් කොට 2005 මහින්ද ජනාධිපති විය. 2006 ජවිපෙ දුර්වල කොට මහින්දලාගේත් රාජපක්ෂලාගේත් ශ්‍රීලනිපයේත් බලය පෙන්වූයේ 2006 පුංචි ඡන්දයේදීය. මහින්ද යළි ජනාධිපති විය. මහින්දගේ අවසානයත්, මෛත්‍රිපාලගේ නැග්මත් පටන්ගත්තේ 2011 පුංචි ඡන්දයෙන්ය. මෛත්‍රීපාල 2015 ජනාධිපති විය. මෛත්‍රිපාල-රනිල් යහපාලනයේ අවසානය සනිටුහන් කොට රාජපක්ෂ පවුල යළි කරළියට ආවේ 2018 පුංචි ඡන්දයෙන්ය. ගෝඨා 2019 ජනාධිපති විය.

‘මේ පුංචි ඡන්දයෙන් 2024 ජනාධිපතිට පාර පෙන්නයිද…?’

2024 ජනාධිපති ධුරයට පාර නොපෙනෙන අය බයෙන් වෙව්ල වෙව්ලා පුංචි ඡන්දය කල්දමන්න ගත්තේ 2024 ජනාධිපති ධුරයට පුංචි ඡන්දය පාර පෙන්වන්නේ කාටද කියා දැනගෙනය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

හෘදය රෝගීන්ට අංශභාග රෝගීන්ට දියවැඩියා රෝගීන්ට දෙන ඇස්ප්‍රින් නෑ! වකුගඩු රෝගීන්ට දෙන බෙහෙත් නෑ! ඉදිරියේදී මරණ සංඛ්‍යාව ඉහළ යන්න පුලුවන්! වෛද්‍යවරුන්ගෙන් බය හිතෙන හෙළිදරව්වක්!

Next Post

රාජ්‍ය සේවකයන් ලක්ෂ 3ක් අයින් කළත් වැඩ ටික ප්‍රශ්නයක් නැතිව ලේසියෙන්ම කරන් යන්න පුලුවන්! රාජ්‍ය පරිපාලන ලේකම්වරයාගෙන් ප්‍රකාශයක්!

MORE NEWS

Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News
Exclusive

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News

Load More
Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

අමෙරිකාව එක්ක අලුත් අවුලක් ​අවස්ථා ගණනාවකදීම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයා වූ දකුණු සහ මධ්‍යම...

Read more
රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.