ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා පොහොට්ටුවේ නගරාධිපතිවරුන්, ප්‍රාදේශීය සභා සභාපතිවරුන් අතර විශේෂ හමුවක් ඊයේ පැවැත්වී ඇති බව දැනගන්නට තිබේ.
මෙහිදී ජනාධිපතිවරයා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නගරාධිපතිවරුන්ගෙන් සහ සභාපතිවරුන්ගෙන් මතය විමසා ඇති බවක් වාර්තා වේ.
එහිදී සියලුම දෙනා මැතිවරණය නොපවත්වන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කොට ඇති බවද දැනගන්නට තිබේ.










