• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සොනික් සොනික් කව්ද? සාරාට මොකද වුණේ? සහරාන්ගේ නෝනා කෝ? රොහාන් ගුණරත්න සාක්ෂිකාරයෙක් වී ශානි හැලුණේ කොහොමද? විමර්ශන කළ පොලිස් නිලධාරියා හදිසියේ මැරුණේ ‌ඇයි? කොරෝනා කියලා සිරුර පිච්චුවේ ඇයි? පාස්කු ප්‍රහාරයේ මෙතෙක් හෙළි නොවුණු අබිරහස් රැසක් පාර්ලිමේන්තුවේදී මුජිබර් හෙළිකරයි…!

December 14, 2022
in Exclusive, News
Reading Time: 2 mins read
A A
සොනික් සොනික් කව්ද? සාරාට මොකද වුණේ? සහරාන්ගේ නෝනා කෝ? රොහාන් ගුණරත්න සාක්ෂිකාරයෙක් වී ශානි හැලුණේ කොහොමද? විමර්ශන කළ පොලිස් නිලධාරියා හදිසියේ මැරුණේ ‌ඇයි? කොරෝනා කියලා සිරුර පිච්චුවේ ඇයි? පාස්කු ප්‍රහාරයේ මෙතෙක් හෙළි නොවුණු අබිරහස් රැසක් පාර්ලිමේන්තුවේදී මුජිබර් හෙළිකරයි…!
Share on WhatsAppShare on Facebook

පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණවල වත්මන් තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තුවේදී ඉතා වැදගත් හෙළිදරව්වක් කරන්නට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පසුගිය 05 වැනිදා කටයුතු කළා. එම විමර්ශනවල අකාර්යක්ෂමතාව සහ ගැටලුසහගත තැන් පිළිබඳ එකින් එක කරුණු ඉදිරිපත් කරමින් රහුමාන් මහතා සිදුකළ කතාව ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් අප මෙලෙස ඉදිරිපත් කරමු.

‘ගරු සභාපතිතුමනි, මම ඊළඟට ඔබතුමාගේ අවධානයට යොමුකරන්න කැමැතියි. දැන් පාස්කු බෝම්බ ප්‍රහාරයේ නඩුව අහන්න පටන් අරගෙන තිබෙනවා. ඒ නඩුව අහන්න පටන්ගත්ත එකේ සාක්ෂි හැටියට නම්කරලා තියෙනවා. දැන් මේකෙ පළමු සාක්ෂිකාරයා තමයි රොහාන් ගුණරත්න කියන මහාචාර්යතුමා. ඊළඟට ඉන්නවා නිලන්ත ජයවර්ධන දෙවැනි සාක්ෂිකරු. නිලන්ත ජයවර්ධන මැතිතුමාව ජනාධිපති කොමිසම ඉදිරියේ වරදකාරයෙක් කරලා තියෙනවා. ඒ වරදකාරයා කරලා තියෙන්නේ එතුමා දත්ත මකලා තියෙනවා. එතුමා මේක දැනුවත් වෙලා මේ කරුණු කාරණා එතුමා හෙළිකළේ නෑ. ඒ හින්දා එතුමාව ජනාධිපති කොමිසම කිව්වා එතුමා චූදිතයෙක් හැටියට නම්කරන්න කියලා. නමුත් නීතිපති දෙපාර්තමේන්තුව එයාව සාක්ෂිකාරයෙක් කරලා තියෙනවා. ඇයි ඒ සාක්ෂිකාරයෙක් කරලා තියෙන්නේ? ඒකයි අපට තියෙන ප්‍රශ්නය.

නීතිපති දෙපාර්තමේන්තුවෙන් අපට අහන්න තියෙන ඊළඟ කරුණ තමයි විශේෂයෙන්ම මහාචාර්ය රොහාන් ගුණරත්න මැතිතුමා. ගරු සභාපතිතුමනි මහාචාර්ය ගුණරත්න කියලා කියන්නේ සල්ලිවලට ගිහිල්ලා එක එක තැන්වල උපදේශන ලබාදෙන කෙනෙක්. එයා කොහොමද සාක්ෂිකාරයෙක් වෙන්නේ? එයාට මොකක්ද මේ පාස්කු බෝම්බ ප්‍රහාරයත් එක්ක තියෙන සම්බන්ධය? එයා විමර්ශන නිලධාරියෙක්ද? එයා එක්ස්පර්ට් කෙනෙක්. එක්ස්පර්ට් කෙනෙක් විදියට එයාට මත කියන්න පුළුවන්. එහෙම එක්සපර්ට්ලා ඕනෙ තරම් ඉන්නවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට ආවාම එයාව ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශකයෙක් කරලා, එයාව සාක්ෂිකාරයෙක් කරලා තියෙනවා. ඒ සාක්ෂිකාරයෙක් කළේ මොකකටවත් නෙවෙයි, අපි දන්නවා පාස්කු බෝම්බ ප්‍රහාරය ගැන නොයෙක් කරුණු කාරණා එළියට ඇවිල්ලා තියෙනවා කියලා. ඒ කරුණු කාරණා වසං කරන්න මහාචාර්ය ගුණරත්නව දාලා මේක වෙන පැත්තකට හරවන්න හදනවා. ඒ කියන්නේ මේක අන්තවාදී ක්‍රියාවක් කියන එක ඔක්කොම දන්නවා. මේක සහරාන් කරයි කියලත් ඔක්කොම දන්නවා. ආයෙත් අමුතුවෙන් කියන්න දෙයක් නෑ. නමුත් සහරාන්ට මේක කරන්න දේශපාලන අවකාශය ලබාදුන්න මේක පිටිපස්සේ ඉඳගෙන සහරාන්ලාව මෙහෙයවපු, සහරාන්ලාට අනුබල ලබාදීපු, තාක්ෂණ සහාය ලබාදීපු, බෝම්බ පුපුරුවන්න අමුද්‍රව්‍ය ලබාදීපු උදවිය සියලු දෙනා හොයාගන්න ඕනෙ. ඒක හොයන්න තමයි මේ මහමොළකරුව හොයන්න කියලා කියන්නේ. එතකොට මහමොළකරුවාව හොයන්නේ නැතුව සහරාන්ලාගේ මේ ගේම ඉවර කරන්න හදන්නේ. ඒකයි අපි කියන්නේ මහාචාර්ය රොහාන් ගුණරත්නව ගෙනල්ලා මෙතැනට දැම්මේ මේක වෙන පැත්තකට අරගෙන යන්න. මොකද ඊට වඩා ඉන්නවා සාක්ෂිකාරයෝ. විමර්ශන නිලධාරීන් ඉන්නවනේ. ඇයි ශානි අබේසේකරව සාක්ෂිකාරයෙක් නොකළේ? ඇයි රවී සෙනෙවිරත්න මැතිතුමාව සාක්ෂිකාරයෙක් නොකළේ?

ජනාධිපතිතුමත් දන්නවා මේ බෝම්බ ප්‍රහාරයේ වැඩිම කරුණු කාරණා හොයාගත්තේ ශානි අබේසේකරයි, රවී සෙනෙවිරත්නගෙයි කණ්ඩායම කියලා. නමුත් නීතිපති දෙපාර්තමේන්තුව ඒ කණ්ඩායම සාක්ෂිකාරයන් හැටියට දාලා නෑ. ඇයි ඒ? මොකටද ඒගොල්ලන්ව දාන්නේ? ශානි අබේසේකර මහත්තයගෙ ඇෆිඩවිට් එක දැක්කනේ? එයා කියලා තියෙන කරුණු ටික. ඒ කරුණු හරහා ගියා නම් මහමොළකරු අල්ලන්න පුළුවන්. එතකොට නීතිපති දෙපාර්තමේන්තුව දැනුවත්ව මේක වෙන පැත්තකට හරවන්න ඇත්තටම මේක විමර්ශනය කරපු නිලධාරීන්ව සාක්ෂිකාරයෝ හැටියට පත්කරලා නෑ. මේක අපරාධයක්. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි, මම කියන්න කැමැතියි විශේෂයෙන්ම දැන් මේ නඩුව පවරලා තියෙනවනේ. චෝදනා තියෙනවා 23,000ක්. මේකෙ පරීක්ෂණ ඉවරවෙච්ච නැති තැන් තියෙනවා. සාරාගෙ පරීක්ෂණය ඉවර කළාද? සාරාගෙ පරීක්ෂණය ඉවර වුණේ නෑ. ඉවර කරන්න හැදුවා. සාරා මැරුණයි කියලා ඩී.එන්.ඒ. පරීක්ෂණ තුනක් කළා. සාරා මැරුණා කියලා අයින් කරන්න හැදුවා. නමුත් සාරා ගැන තාම පරීක්ෂණ ඉවර නෑ. නමුත් පරීක්ෂණ අවසන් කරලා තියෙනවා.

ඊළඟට පොඩි සහරාන්ගේ පරීක්ෂණය අවසන් කළාද? ඒකත් අවසානයි. ඒකටනෙ නඩුව දැම්මේ. ඊළඟට ‘සොනික් සොනික්’. අපේ හරීන් ප්‍රනාන්දු මහත්තයා ඒ කාලෙ මැරෙන්න ගියානෙ සොනික් සොනික් කියලා. දැන් හරීන් ප්‍රනාන්දුත් ඉන්නේ සොනික්ලත් එක්ක. ඒකනෙ ඇත්ත කතාව. මේ පැත්තෙ ඉන්නකොට එයා ‘සොනික් සොනික්’ කියලා හැමදාම කෑගැහුවා. දැන් එයා ගිහින් එකතුවෙලා ඉන්නෙත් සොනික් සොනික් එක්ක. දැන් ඒ සොනික් සොනික්ගෙ පරීක්ෂණය ඉවර කළාද? ඉවර කළේ නෑ සභාපතිතුමනි. ඊළඟට තවත් වැදගත් කාරණාවක්. 2019 අප්‍රේල් මාසේ 05 වැනිදා රෑ 11.30ට ගැලණිගම එක්සිට් එකේදී ලොරියක් නවත්වනවා පරීක්ෂාවකට. නමුත් ඒ ලොරිය නිදහස් කරනවා එතකොට හිටපු ඉහළ පොලිස් නිලධාරියෙක් ඒ චෙක් පොයින්ට් එකේ හිටපු පොලිස් කොස්තාපල්ට කතා කරලා. ඒ කොස්තාපල්වරයාගෙ කටඋත්තරේ තියෙනවා මේ ලොරිය පිටමං කරන්න කියලා මට ඉහළ නිලධාරියෙක් දැනුම් දුන්නා කියන එක. ඒ ලොරිය ඉස්සරහා තිබුණා වී 8 වාහනයක්. ඒ වාහනයේ හිටපු අය තමයි ඔය පොලිස් නිලධාරියාට කතා කළේ. තව එක ලොරියක් නැවැත්තුවේ නෑ. ඒ ලොරිය ගියා. පරීක්ෂණ වාර්තාව අනුව සැක කරන්නේ ඔය ලොරි දෙකෙන් තමයි පානදුර තිබුණු සහරාන්ගේ සේෆ් හවුස් එකට පුපුරන ද්‍රව්‍ය ගෙනිච්චේ කියලා. ඒකයි ඇත්ත කතාව. නමුත් ඒ පරීක්ෂණ අවසන් කළාද? ඒ පරීක්ෂණ අවසන් කළේ නෑ සභාපතිතුමනි. ඒ පරීක්ෂණ ඔක්කොම නැවතුණා. දැන් පරීක්ෂණ නවත්තලා සහරාන්ගේ ගෝලබාලයෝ ටික අල්ලලා නඩු ටික දාලා තියෙනවා. චාර්ජර්ස් 23,000ක් තියෙනවා. දැන් ඉන්නවා හොඳම සාක්ෂිය තමයි සහරාන්ගේ බිරිඳ. සහරාන්ගේ බිරිඳ ජනාධිපති කොමිසමට ගෙනැල්ලා දවස් කිහිපයයි ප්‍රශ්න කළේ. ඒ පරීක්ෂාව එයාගෙ කටඋත්තරය ඉදිරියට ගියේ නෑ. ඇයි ගියේ නැත්තේ? එයාගෙ කටින් අනවශ්‍ය දේවල් එළියට එයි කියලා එයාට කොවිඩ් 19 වැලඳිලා කියලා සාක්ෂි අවසන් කළා. අවසාන කරලා දැන් එයා ඉන්නවා. ඇයි එයාව සාක්ෂිකාරයෙක් හැටියට දාන්නේ නැත්තේ? සහරාන්ගේ බිරිඳ මේ පිළිබඳ තොරතුරු රාශියක් දන්නවා. එයාගෙ කටඋත්තරය දිහා බැලුවම, ජනාධිපති කොමිසමට එයා දීපු කටඋත්තරය කියවලා බැලුවම තියෙනවා ප්‍රධාන කරුණු කාරණා රාශියක්. එතකොට එයාව සාක්ෂිකාරයෙක් හැටියට නම්කරලා නෑ. අපට තියෙනවා ප්‍රශ්නයක්.

ගරු සභාපතිතුමනි, මේක ඉතා බරපතළ දෙයක්. මොකද පහුගිය ආණ්ඩු කාලේ මේ ඉන්න ජනාධිපතිතුමා අගමැති වෙලා ඉන්නකොට තමයි මේ බෝම්බ පිපිරුණාම ඒ ආණ්ඩුවටත් චෝදනා එල්ල වුණා. අපටත් චෝදනා එල්ල කළා. මේ සභාවේ ඉන්න සමහර මන්ත්‍රීවරු අපිට චෝදනා කළා. සමහර මන්ත්‍රීවරු අපි එක්ක එකට වාඩිවෙන්න අකැමැති වුණා. මුළු මුස්ලිම් සමාජයම හිරිගඩු පිපිලා පාරේ බැහැලා යන්න බැරි විදියේ තත්ත්වයක් උදාවුණා. මට පෞද්ගලිකව සිද්ධ වුණා මගේ ළමයගේ පාසල මාරු කරන්න. මොකද ළමයා කිව්වා මට ඉස්කෝලෙ යන්න බෑ, ළමයි මට විහිළු කරනවා තාත්තේ කියලා. එහෙම අසරණබවකට අපි මුහුණ දුන්නා. ඒ හින්දා තමයි අපි කියන්නේ මේකෙ සාධාරණත්වය ඉෂ්ට වෙන්න ඕනෙ කියලා. මේක හංගන්න දෙන්න බෑ. මේක නීතිපති දෙපාර්තමේන්තුවයි මේකට සම්බන්ධ වෙලා ඉන්න සමහර කොටස් එකතුවෙලා හදපු දේවල් තමයි මේ. ඒ හින්දා නීතිපති දෙපාර්තමේන්තුව හදනවා ඇත්ත සාක්ෂිකාරයෝ ගෙන්වන්නේ නැතුව මේකෙ කරුණු හොයාගත්ත සාක්ෂිකාරයෝ ගෙන්වන්නේ නැතුව රොහාන් ගුණරත්න වගේ සල්ලිවලට වැඩකරන මිනිස්සුන්ව සාක්ෂිකාරයෝ හැටියට දාලා සහරාන්ගේ කණ්ඩායම පිටට මේක පටවලා මේක ඉවර කරලා දාන්න. අපි ජනාධිපතිතුමාට කියනවා ඔබතුමා බලයට ආපු ගමන් කිව්වා ස්කොට්ලන්ඩ් යාඩ් එක ගේනවා කියලා. අපි බලාගෙන ඉන්නවා.

ගරු ජනධිපතිතුමනි, ඔබතුමා අගමැති වෙලා ඉන්නකොට ඔබතුමාටත් බරපතළ චෝදනා එල්ල වුණා. අපි ඔක්කොම එක ආණ්ඩුවේ ඉන්නකොට මේකට මුහුණ දීගන්න බැරුව හිටියා. ඉතාම අසරණ බවට පත්වුණා. අපි පරාජය වෙන්නත් එක හේතුවක් බවට මේ පාස්කු ප්‍රහාරය පත්වුණා. එදා විපක්ෂය සම්පූර්ණයෙන්ම තමන්ගේ ඡන්ද කැම්පේන් එක කළේ මේ පාස්කු බෝම්බ ප්‍රහාරය මුල් කරගෙනයි. ඒ හින්දා ඔබතුමා අද ජනාධිපති වෙලා ඉන්නවා. ඔබතුමාට වගකීමක් තියෙනවා මේකෙ සත්‍ය තත්ත්වය හොයන්න. ඒ වගේම මම හිතනවා ඔබතුමාගේ හෘදසාක්ෂිය අනුව ඔබතුමා දන්නවා මේකෙ පිටිපස්සේ ඉන්න උදවිය කවුද කියලා. මොකද ඒ දවස්වල අපි ආණ්ඩුවෙ ඉන්න කාලෙ සමහර දේවල් ඔබතුමා සමග අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒ හින්දා අපි ඔබතුමාට කියනවා විශේෂයෙන්ම මේක යටගහන්න දෙන්න එපා කියලා. මේක ගැන අපි හොයන්න ඕනෙ. මේක ස්කොට්ලන්ඩ්යාඩ් එක ඉක්මනට ගේන්න. එහෙම ගෙනාවෙ නැත්නම් මේකෙ වැදගත් සාක්ෂිකාරයෝ සමහර විට අපට අහිමි වෙන්නත් පුළුවන්. මම එහෙම කියන්නෙ මොකක් හින්දවත් නෙවෙයි. සාරා පුලස්තිනීව හොයාගෙන ගියා සමන් වීරසිංහ කියලා කියන නිලධාරියා. අන්තිමට ඒ නිලධාරියා මැරුණේ කොහොමද කියන එක තවම අබිරහසක්. ඒ පොලිස් නිලධාරියා අන්තිමට කොළඹට ගෙනල්ලා, එයා කොවිඩ්වලින් මැරුණා කියලා මළ සිරුර පුච්චලා දැම්මා. නමුත් අබිරහසක්. ඒ නිලධාරියා හුඟක් කරුණු හොයාගත්තා.

අන්න ඒ වගේ මේ දැන් ඉන්න ජීවමාන සාක්ෂි පවා අපට අහිමි වෙන්න පුළුවන්. සහරාන්ගේ බිරිඳ පවා, මොකද එයා තමයි අද ඉන්න එකම එක්කෙනා මේ පිළිබඳ හුඟක් කරුණු කාරණා දන්න. එයා ජනාධිපති කොමිසමට ලබාදීපු වාර්තා අනුව අපට පේනවා හුඟක් කරුණු කාරණා එයා දන්නවයි කියලා. නමුත් නීතිපති දෙපාර්තමේන්තුවට අමතක වෙලා තියෙනවා සහරාන්ගෙ බිරිඳව මේකෙ සාක්ෂිකාරයෙක් කරන්න. එයාව අමතක වෙලා, රොහාන් ගුණරත්නව මතක් වෙලා තියෙනවා. රොහාන් ගුණරත්න කියන්නේ අපි දන්නවා එයා ගැන. එයා එක එක රටවලට ගිහින් පඩියට වැඩකරන මනුස්සයෙක්. එක දවසක සිංගප්පූරුවේ ඉන්නවා, එක දවසක් කැනඩාවෙ ඉන්නවා. කැනඩාවට ගිහිල්ලා දෙමළ සංවිධානයකට වැරැදි චෝදනාවක් දාලා අන්තිමට කැනඩා අධිකරණයෙන් එයාට කැනේඩියන් ඩොලර් 50,000ක දඩයක් ගෙවන්නත් කිව්වා. එහෙම කෙනෙක්ව පළමු සාක්ෂිකාරයා කරලා. මොන විකාරයක්ද මේ? ජනාධිපතිතුමා ඉන්න වෙලාවේ එතුමාට අපි කියනවා, එතුමාගෙන් අපි විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා ස්කොට්ලන්ඩ්යාඩ් එක ඉතා ඉක්මනින් ගෙනල්ලා, මේ රටේ බලය ගැනීම වෙනුවෙන් සහරාන්ලාව ඉත්තන් හැටියට පාවිච්චි කරමින් කරපු අපරාධයේ පිටිපස්සේ ඉන්න ඇත්ත මහමොළකරු හොයාගැනීම අපි සියලු දෙනාගේ වගකීමක් කියමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා….’

SendShareShare
Previous Post

වයස 60න් විශ්‍රාම යැවීම! වෛද්‍යවරුන්ට සහනයක්? අභියාචනාධිකරණයෙන් තීන්දුවක්!

Next Post

මැවීම-සංරක්ෂණය-විනාශය… ඉන්දියාවෙන් යාපනයටත් ස්විස්ටර්ලන්තයටත් ගිය දෙවියන්ගේ අවතාරය…

MORE NEWS

මේ අයට කරන්න පුළුවන් තණකොළ කපන-වැසිකිළිවලට මුල්ගල් තියන වගේ පොඩි වැඩ! ඩොලර් හොයන්න-ආයෝජන ගේන්න-රට ඉස්සරහට ගෙනියන්න වගේ ලොකු වැඩ කරන්න මේ අයට බෑ! ඒ ලොකු වැඩ කරන්න නායකයෙක් එනවා සජිත් ප්‍රේමදාස කියලා! එතුමා හොඳ රටක් හදලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් හදන්න වෙන් කරපු නුවරඑළිය මහනගර සභා ක්‍රීඩාංගණයේ දිට්වාවලින් අවතැන්වූවන්ට පුංචි පුංචි ගෙවල් පේළියක් ගහන්න පටන් අරන්! වහාම නවත්වන්නැයි ඉල්ලීම්! PHOTOS I Sri Lanka Latest News

තෙල් නෑ! ලයිට් නෑ! අමතර වියදම් වැඩිවෙලා! ඇනවුම් වෙන රටවල්වලට යනවා! ගාමන්ට් 200ක් වහන්න ඔන්න මෙන්න! ලක්ෂ ගාණකට රස්සා නැතිව ගෙදර ඉන්න වෙන ලකුණු!
Exclusive

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම මේ අවුරුද්දේ 7.3%කින් කඩන් වැටෙයි! I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල් ජවිපෙ අතීතය මතක් කරයි! රටේ දේශීය විදේශීය ණය වගේ දෙගුණයක් ජේවීපී එකයි කොටියි විනාශ කරලා තියෙනවා!  I Sri Lanka Latest News

සමස්ත කාන්තාවන්ට අගෞරවයක්! වහාම මෙයාව අත්අඩංගුවට අරන් රටින් පිටුවහල් කරන්න! VIDEO I Sri Lanka Latest News
Exclusive

සොයිසා අද උදේම FCIDයට!  I Sri Lanka Latest News

කීර්ති නාමයට හානි වුණා කියලා ඇමැති සමන්ත විද්‍යාරත්න එවපු මිලියන 1000ක එන්තරවාසියට සජබ ප්‍රසාද් දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කීර්ති නාමයට හානි වුණා කියලා ඇමැති සමන්ත විද්‍යාරත්න එවපු මිලියන 1000ක එන්තරවාසියට සජබ ප්‍රසාද් දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News

Load More
මේ අයට කරන්න පුළුවන් තණකොළ කපන-වැසිකිළිවලට මුල්ගල් තියන වගේ පොඩි වැඩ! ඩොලර් හොයන්න-ආයෝජන ගේන්න-රට ඉස්සරහට ගෙනියන්න වගේ ලොකු වැඩ කරන්න මේ අයට බෑ! ඒ ලොකු වැඩ කරන්න නායකයෙක් එනවා සජිත් ප්‍රේමදාස කියලා! එතුමා හොඳ රටක් හදලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අයට කරන්න පුළුවන් තණකොළ කපන-වැසිකිළිවලට මුල්ගල් තියන වගේ පොඩි වැඩ! ඩොලර් හොයන්න-ආයෝජන ගේන්න-රට ඉස්සරහට ගෙනියන්න වගේ ලොකු වැඩ කරන්න මේ අයට බෑ! ඒ ලොකු වැඩ කරන්න නායකයෙක් එනවා සජිත් ප්‍රේමදාස කියලා! එතුමා හොඳ රටක් හදලා දෙයි! VIDEO I Sri Lanka Latest News

වත්මන් ආණ්ඩුවේ නායකයන්ට කළ හැක්කේ තණකොළ කපන, වැසිකිළිවලට මුල්ගල් තියනවා වැනි පොඩි වැඩ බවත්, රට හදන ඩොලර් හොයන ලොකු වැඩ...

Read more
ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් හදන්න වෙන් කරපු නුවරඑළිය මහනගර සභා ක්‍රීඩාංගණයේ දිට්වාවලින් අවතැන්වූවන්ට පුංචි පුංචි ගෙවල් පේළියක් ගහන්න පටන් අරන්! වහාම නවත්වන්නැයි ඉල්ලීම්! PHOTOS I Sri Lanka Latest News

ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් හදන්න වෙන් කරපු නුවරඑළිය මහනගර සභා ක්‍රීඩාංගණයේ දිට්වාවලින් අවතැන්වූවන්ට පුංචි පුංචි ගෙවල් පේළියක් ගහන්න පටන් අරන්! වහාම නවත්වන්නැයි ඉල්ලීම්! PHOTOS I Sri Lanka Latest News

තෙල් නෑ! ලයිට් නෑ! අමතර වියදම් වැඩිවෙලා! ඇනවුම් වෙන රටවල්වලට යනවා! ගාමන්ට් 200ක් වහන්න ඔන්න මෙන්න! ලක්ෂ ගාණකට රස්සා නැතිව ගෙදර ඉන්න වෙන ලකුණු!

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම මේ අවුරුද්දේ 7.3%කින් කඩන් වැටෙයි! I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

නාමල් ජවිපෙ අතීතය මතක් කරයි! රටේ දේශීය විදේශීය ණය වගේ දෙගුණයක් ජේවීපී එකයි කොටියි විනාශ කරලා තියෙනවා!  I Sri Lanka Latest News

සමස්ත කාන්තාවන්ට අගෞරවයක්! වහාම මෙයාව අත්අඩංගුවට අරන් රටින් පිටුවහල් කරන්න! VIDEO I Sri Lanka Latest News

සොයිසා අද උදේම FCIDයට!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.