පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම හරහා පළාත් පාලන ඡන්දය කෙසේ හෝ කල් දමා ගැනීමේ කුමන්ත්‍රණයට ආණ්ඩුවේ සිට ස්වාධීන වූ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගේ සහාය ලබා ගැනීමට ආණ්ඩුව මේ වනවිට සමත්ව ඇති බව වාර්තා වේ.
පසුගිය දින කිහිපයේ පැවැති සාකච්ඡාවලදී පාර්ලිමේන්තුවේ විවිධ කමිටුවල සභාපතිකම් ලබා දිය හැකි බව කියමින් මෙම පිරිස ඊට එකග කරවා ගැනීමට ආණ්ඩුව සමත්ව ඇති බව දැනගන්නට තිබේ.
ඒ අනුව ඔවුන් හෙට දිනයේ පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමේදී පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පක්ෂව අදහස් දැක්වීමට සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.
මෙම පිරිස අතර පසුගිය ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩු සමයේ ඒ මහතාට සමීපව කටයුතු කළ අය සිටින බවද වාර්තා වේ.










