• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොළඹයි නවදිල්ලියයි සමාන වෙයි! මාස්ක් එකක් නැතිව එළියට බහින්න එපා! මැරෙන්නත් පුලුවන්!

December 8, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
කොළඹයි නවදිල්ලියයි සමාන වෙයි! මාස්ක් එකක් නැතිව එළියට බහින්න එපා! මැරෙන්නත් පුලුවන්!
Share on WhatsAppShare on Facebook

දිල්ලි නුවර අයහපත් වායු දූෂණයේ බලපෑම, බෙංගාල බොක්කේ අඩුපීඩන තත්ත්වයත් සමග, ශ්‍රී ලංකාව මේ වනවිට අතිශය අයහපත් මට්ටමේ වායු දූෂණයකට ලක්වී තිබේ. 

ඉන් වැඩිම බලපෑමක් කොළඹ නගරයට සිදුවී ඇති අතර දිස්ත්‍රික්ක 16ක් වායු දූෂණයට ලක්වී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිකුත් කළ වාර්තාවේ සඳහන් වෙයි.

මේ අතර විෂ වායු ආඝ්‍රාණයවීම නිසා ඇතැම් විට මරණ පවා සිදුවිය හැකි බැවින් හැකිතාක් දුරට නිවෙස් තුළ රැඳීසිටින ලෙසත් නිවසෙන් බැහැරව යන්නේ නම් මුඛ ආවරණ අනිවාර්යෙන්ම පළඳින ලෙසත් විශේෂඥ වෛද්‍යවරු ජනතාවගෙන් ඉල්ලා සිටී.

බෙංගාල බොක්කේ පවතින අඩුපීඩන තත්ත්වයත් සමග සුළං හැමීමේ වෙනසක් සිදුවී ප්‍රබල වායු දහරා දකුණු දෙසට හමා යාමත් සමග දිල්ලි නුවර අවට පිහිටි අයහපත් වායු ධාරාවල බලපෑම මේ වනවිට ශ්‍රී ලංකාවට දරුණු ලෙස එල්ලවී තිබේ. 

ඒ අනුව කොළඹ නගරය ඇතුළු මෙරට ප්‍රධාන නගර කිහිපයක අද දහවල් වනවිට වායු දූෂණය සීඝ්‍රයෙන් ඉහළ ගියේය.

මේ තුළ මිනිස් සිරුරට අහිතකර කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ් සහ සල්ෆර් ඩයොක්සයිඩ් වැනි වායුන් අන්තර්ගතවී ඇති බව විශේෂඥයින් පෙන්වාදෙයි.

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ආසන්නයේ වායු දූෂණය ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ, යාබද ප්‍රාන්තවල ගොවීන් අස්වනු නෙලීමෙන් අනතුරුව පිදුරු ආදී අවශේෂ පුළුස්සා දැමීමය. 

එමෙන්ම ඉන්දියාවේ දීපාවලී ආගමික උත්සවය වෙනුවෙන් ගිනිකෙළි දැල්වීමෙන් පිටවූ කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ් සහ සල්ෆර් ඩයොක්සයිඩ් වැනි අහිතකර වායුන් ද වායුගෝලයට එක්වීමෙන් මෙම තත්ත්වය මාරාන්තික මට්ටමකට උග්‍රවී තිබේ. 

දිල්ලි අගනුවර වායු ගෝලයේ වායු ඝන මීටරයක් තුළ අහිතකර සියුම් අංශු 400ක් පමණ හඳුනාගෙන ඇති අතර, එය සාමාන්‍යයෙන් පැවතිය යුතු වන්නේ අහිතකර වායු අංශු 50ක අඩු මට්ටමකය. 

ඒ අනුව දිල්ලි අගනුවර සිට කිලෝමීටර් 1,500ක් පමණ දුරින් පිහිටි කොළඹ නගරයේ ද දක්නට ලැබුණේ දිල්ලි හා සමාන තත්ත්වයකි. 

යම් ප්‍රදේශයක වායු ගුණ තත්ත්ව දර්ශකයේ 0 සිට 50 දක්වා දැක්වෙනවා නම් එය යහපත් වායු තත්ත්වයක් ලෙසත් ඉන් ඉහළ අගයන් පෙන්නුම් කරන්නේ නම් එය දූෂිත වූ වායු තත්ත්වයක් ලෙසත් සැලකෙයි.

යම් හෙයකින් එය වායු ගුණ තත්ත්ව දර්ශකයේ 151 ඉක්මවන්නේ නම් එය ප්‍රබල අයහපත් වායූ දූෂණ තත්ත්වයක් ලෙස සැලකේ.

කොළඹ නගරය වායු දූෂණයට ලක්වීමට පෙර අප ඩ්‍රෝන දර්ශනවලට නෙළුම් කුළුණ ඉතා හොඳින් දිස්වුවත් අද එය දර්ශනය නොවීය. 

එමෙන්ම දිවයිනේ තවත් ප්‍රධාන නගර කිහිපයක අද උදෑසන කාලයේ වායු දූෂණය සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබුණි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් අද උදෑසන 8ට නිකුත් කළ වාර්තාවට අනුව මෙරට වැඩි වශයෙන්ම වායු දූෂණයට ලක්වී තිබුණේ කොළඹ නගරයයි.

එහි වායු ගුණ තත්ත්ව දර්ශකයේ අගය 246ක් ලෙස සටහන්ව තිබු අතර දෙවනුවට වායු ගුණ තත්ත්ව දර්ශකයේ අගය 237ක් ලෙස මුලතිව් දිස්ත්‍රික්කයෙන් වාර්තාවුණි.

වව්නියාව දිස්ත්‍රික්කයේ අගය 229ක් වන විට යාපනය දිස්ත්‍රක්කයේ 226ක් සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ 214ක් ලෙස සටහන්වුණි. 

වායු ගුණ තත්ත්ව දර්ශකයට අනුව කළුතර දිස්ත්‍රික්කයේ 186ක් ලෙසත්, රත්නපුර 166ක්, කෑගල්ල 163ක්, පොළොන්නරුව 160ක්, බදුල්ල 154ක් සහ මහනුවර 151 ලෙස සටහන්වී තිබුණි. 

SendShareShare
Previous Post

ස්ථාවර නියෝග 21යි 2 යටතේ මේ පාර්ලිමේන්තුව ඇතුළේ පිටස්තර කෙනෙකුට කතා කරන්න බෑ! වහාම කතානායකතුමා එයාව එළියට දාන්න! කව්ද අද පාර්ලිමේන්තුවට ආපු පිටස්තරයා? සභාව උණුසුම්! (VIDEO)

Next Post

තත්ත්වය එච්චර හොඳ නෑ! හෙට ඉස්කෝල නිවාඩු!

MORE NEWS

එක අවුරුද්දයි…! පච කෝටියයි…!! ආතල් කෝටියයි…!!! බලන්න ආසයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

විදුලි බල මණ්ඩලය 2024 බිලියන 141ක් ලාබයි..! 2025 බිලියන 30ක් පාඩුයි! ශ්‍රී ලන්කන් බිලියන 48ක් පාඩුයි! වෝටර් බෝඩ් එක මිලියන 14ක් පාඩුයි! වැඩ්ඩෝ.. කිඩ්ඩෝ.. පොරවල්.. ඇවිදින පුස්තකාල ඇවිත් කරපු හරිය මෙන්න! ආණ්ඩුවට හොරු අල්ලන්නත් බෑ! ආර්ථිකය හදන්නත් බෑ! VIDEO I Sri Lanka Latest News

වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව ගැහුවට පස්සේ ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වසා දමයි! කිසිම නැවකට යන්න දෙන්නේ නෑ! ගියොත් ගහනවා! තෙල් මිල පිම්මේ නගින්න පටන් ගනී! ලංකාවට මොනවා වෙයිද?  I Sri Lanka Latest News

අලුත් බාල්දියකින් පරණ නෑමම පටන් අරන්! අලුත් කැබිනට්ටුවට ගම්මන්පිලගෙන් කනේ පාරක්!
Exclusive

සලේ ගැන ඇමැති ආනන්ද විජේපාල ඇතුළේ කරපු චෝදනාවලට ගම්මන්පිල එළියේ ඉඳන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

Load More
එක අවුරුද්දයි…! පච කෝටියයි…!! ආතල් කෝටියයි…!!! බලන්න ආසයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

විදුලි බල මණ්ඩලය 2024 බිලියන 141ක් ලාබයි..! 2025 බිලියන 30ක් පාඩුයි! ශ්‍රී ලන්කන් බිලියන 48ක් පාඩුයි! වෝටර් බෝඩ් එක මිලියන 14ක් පාඩුයි! වැඩ්ඩෝ.. කිඩ්ඩෝ.. පොරවල්.. ඇවිදින පුස්තකාල ඇවිත් කරපු හරිය මෙන්න! ආණ්ඩුවට හොරු අල්ලන්නත් බෑ! ආර්ථිකය හදන්නත් බෑ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ආයතන විශාල ප්‍රමාණයක් මේ වනවිට පාඩු ලබමින් සිටින බව මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News

අමෙරිකාව ගැහුවට පස්සේ ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වසා දමයි! කිසිම නැවකට යන්න දෙන්නේ නෑ! ගියොත් ගහනවා! තෙල් මිල පිම්මේ නගින්න පටන් ගනී! ලංකාවට මොනවා වෙයිද?  I Sri Lanka Latest News

අලුත් බාල්දියකින් පරණ නෑමම පටන් අරන්! අලුත් කැබිනට්ටුවට ගම්මන්පිලගෙන් කනේ පාරක්!

සලේ ගැන ඇමැති ආනන්ද විජේපාල ඇතුළේ කරපු චෝදනාවලට ගම්මන්පිල එළියේ ඉඳන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.