අන්තරේ කැදවුම්කරු වසන්ත මුදලිගේ තවදුරටත් සිරගත කොට තබා ගැනීම සම්බන්ධව ආණ්ඩුවේ න්‍යාය පත්‍රයට අනුකූලව කටයුතු නොකරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව මහතා නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ ආණ්ඩුවේ මර්දනකාරී ක්‍රියාමාර්ගයන්ට එරෙහිව ඉදිරියේදී දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් සිදුකිරීමට කටයුතු කළ යුතු බවකි.










