ගෝල් කණ්ඩායම සහ කැන්ඩි කණ්ඩායම අතර තරගයේදී අනතුරකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක චාමික කරුණාරත්න රෝහල්ගත කළේය.
උඩපන්දුවක් රැකගැනීමට යාමේදී ඔහුගේ මුහුණේ පන්දුව වැදීමෙන් මෙම අනතුර සිදුව ඇත.
කැන්ඩි වොරියස් කණ්ඩායම නියෝජනය කරන චාමික කරුණාරත්න උඩ පන්දුවක් රැක ගැනීමට යාමේදී එම පන්දුව ඔහුගේ කටේ වැදීම නිසා ලේ ගැලීමක් සහිතව ඔහු රෝහල් ගත කර ඇත.
අනතුරින් ඔහුගේ දත් හතරකට හානි සිදුව ඇති අතර ශල්‍යකර්මයකට භාජනය කිරීමට කටයුතු කර ඇත.










