• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පැනමා පැන්ඩෝරා චූදිතයන්ට එරෙහිව ලැබෙන දඬුවම්… ශ්‍රී ලංකාවෙන්ම චූදිතයන් 52ක ලැයිස්තුවක්… පළමු වරට ඇමෙරිකානු ධන කුවේරයකු වසර 04ක් සිරගෙට…

December 7, 2022
in Exclusive, News
Reading Time: 5 mins read
A A
පැනමා පැන්ඩෝරා චූදිතයන්ට එරෙහිව ලැබෙන දඬුවම්… ශ්‍රී ලංකාවෙන්ම චූදිතයන් 52ක ලැයිස්තුවක්… පළමු වරට ඇමෙරිකානු ධන කුවේරයකු වසර 04ක් සිරගෙට…
Share on WhatsAppShare on Facebook

‘පැන්ඩෝරාගේ පෙට්ටියේ (Pandora’s Box) මෙම අපූරු කතාන්දරය ඔබට ලියා තැබුවේ ඇයි? පැන්ඩෝරා යන වදන ඔබට පසුගිය කාලයක් පුරා විටින් විට අසන්නට ලැබුණු එකක් යැයි සිතමි. එනම් එයට පසුව තවත් වදනක් එකතු වී ‘පැන්ඩෝරා පේපර්ස්’ (Pandora Papers) නොහොත් පැන්ඩෝරා පත්‍රිකා ලෙසින් සවනට වැටුණු බව දැන් හොඳින් මතක ඇත. වත්මන් ලෝකය පුරාම මහත් කතාබහට ලක්ව තිබෙන මෙම පැන්ඩෝරා පත්‍රිකා මගින් හෙළිවී තිබුණේ කළු සල්ලි නොහොත් රහසිගත ධනය ගැන කියැවුණු වගතුගකි. එය මුළුමහත් ලෝකයටම අදාළව කියැවුණු කතාවක් වූ අතර ශ්‍රී ලංකාවටද එය බෙහෙවින් බලපෑම් සිදුකළ එකකි. එනම් විවිධ ධනවත් පුද්ගලයන් විසින් බොහෝ විට වංචනික ආකාරයෙන් උපයා ගන්නා මහා ධනස්කන්ධයන් විදේශ රටවලදී රහසිගත ආකාරයෙන් තැන්පත් කිරීම මෙම ක්‍රියාවලියයි. මෙහිදී පසුගියදා ශ්‍රී ලංකාවට අදාළවද මෙවැනි විවිධ පුද්ගලයන්ගේ නම්ගම් සහ තවත් විස්තර රාශියක්ද හෙළිවූ අතර එය මෙරට තුළ මහත් ආන්දෝලනයක් ඇතිකළේය. එනම් පැන්ඩෝරාගේ පෙට්ටියෙන් එළියට පැනගත් රහසිගත පත්‍රිකා රාශියකට අනුව යටකී වගතුග හෙළි වන්නට විය.

මෙම වටපිටාවේදී ලෝකයේ මහා බලවතුන් මෙන්ම සුවිශාල ධන කුවේරයන් රැසකගේ නම්ගම්ද එළිපෙහෙළි වන්නට වූ අතර එම පිරිස අතර ශ්‍රී ලාංකිකයන් 54ක් ද සිටින බව හෙළිවිය. එහිදී පසුගිය වසරේ මහත් ආන්දෝලනයක් ඇති කරමින් මුලින්ම ප්‍රකාශ වූ ශ්‍රී ලාංකික නාමයන් දෙකක් වූයේ ශ්‍රී ලංකාවේ හිටපු අමාත්‍යවරියක වන නිරූපමා රාජපක්ෂ සහ ඇගේ සැමියා වූ තිරුකුමාර් නඩේසන්ගේ නාමයන්ය. මෙම යුවලගේ වත්කම් ඩොලර් මිලියන 180ක්ද ඉක්මවූ බවට තොරතුරු ප්‍රකාශ වී තිබිණි. එසේම ඔවුන් විසින් සිදුකරන ලද විවිධ වංචනික ක්‍රියා කිහිපයක්ද මෙම පත්‍රිකා මගින් හෙළිදරව් කර තිබිණි.

මෙලෙස වංචනික අයුරින් විදෙස් රහසිගත ගිණුම්වල ධනය තැන්පත් කරන ලද ලෝකයේ සිටින ධනකුවේරයන් ගැන කටයුතු කිරීමට මේ වන විට නීති සම්පාදක අංශ ක්‍රියාකරමින් සිටියි. එනම් ලොව පුරා සිටින නීති සම්පාදකයන් සහ නියාමකයන් පැන්ඩෝරා පත්‍රිකා ගැන ක්‍රියා කරමින් සිටිති. මෙය ඉතා පුළුල් ආකාරයෙන් සිදුකෙරෙන ජාත්‍යන්තර විමර්ශනයක් ලෙස සැලකෙයි. පැන්ඩෝරා පත්‍රිකාවල නම් සඳහන් ලෝකයේ මහා ධනකුවේරයන් ගැන ඒ ඒ පිරිස්වලට අදාළ රටවල් තුළදීද මේ වන විට විවිධ විමර්ශනයන් සිදුකෙරෙයි.

පසුගිය 2021 වසරේ අග සිට මෙම විමර්ශනයන් සහ නීති සම්පාදන කටයුතු සිදුකෙරෙන අතර එම කාලයේ සිට ශ්‍රී ලංකාව තුළද එවැනි කටයුතු සිදුකෙරෙමින් ඇත. ඒ සඳහා බොහෝ විට රාජ්‍ය විමර්ශන අංශද සහභාගිව ඇති බව කරුණු ප්‍රකාශ වෙයි. මෙම ද්විපාර්ශ්වික පියවර උදෙසා ලෝකයේ සිටින ප්‍රවීණ නීති විශාරදයන් මූල්‍ය උපදේශකයන්, ගණකාධිකාරී විශේෂඥයන්, දේපළ වෙළෙඳාම් වෘත්තිකයන්, මහජන සම්බන්ධතා වෘත්තිකයන් සහ කලා කෘති විශේෂඥයන්ද සහභාගි වන බව කරුණු ප්‍රකාශ වී ඇත.

මෙහිදී ප්‍රධාන වශයෙන් මුදල් විශුද්ධිකරණය සහ බදු පැහැරහැරීම ආශ්‍රය කරගෙන මෙම විමර්ශනයන් සිදුකෙරෙනු ඇත. 2021 වසරේ මැද භාගයේදී එළිදැක්වුණු පැන්ඩෝරා පත්‍රිකා හෙළිදරව්වට ප්‍රථම 2016 වසරේදී මුල් වතාවට ලොවට හෙළිදරව් වූයේ පැනමා පත්‍රිකාවල වගතුගය. එනම් මෙම සුවිශේෂ හෙළිදරව් දෙකම සිදුකරනු ලැබුවේ ලෝකයේ තිබෙන ප්‍රධානතම මාධ්‍ය විමර්ශන සංවිධානයක් වන ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංගමය (International Consortium of Investigative Journalists) නොහොත් කෙටියෙන් හඳුන්වන ICIJ විසිනි. එහිදී ලෝකයේ රටවල් 90කට අයත් විවිධ පුද්ගලයන්ගේ විවිධ වංචනික මූල්‍ය ගනුදෙනු ගැන හෙළිදරව් කිරීම සිදුකරන ලදී. මෙලෙස දැනට එළිදැක්වී ඇති ඉහත රහසිගත ලේඛනවල නම් සඳහන් ධනකුවේරයන්ගේ ව්‍යාපාරවලට ගලා එන මුදල් පිළිබඳ පසුබිම් පරීක්ෂා කිරීම සහ එම ක්‍රියාවලීන්ගේ මූලාරම්භයන් ගැන පුළුල් ලෙස විමර්ශනය කිරීමද අදාළ විමර්ශන අංශවල ප්‍රධානතම කාර්යභාරය වෙයි. මෙහිදී ජාත්‍යන්තර දූෂණ විරෝධී විශේෂඥයන් ප්‍රකාශ කර ඇත්තේ මෙම විමර්ශනයන් සඳහා අඩුම වශයෙන් වසර දෙකක කාලයක්වත් ගතවන බවය. එනම් 2023 වසරේ අගදී පමණ එම විමර්ශනවල ප්‍රතිඵල දැකිය හැකි බවය.

‘මෙය ගෝලීය තත්ත්වයක ඇති ප්‍රබල දූෂණ වංචා ක්‍රියාවලියක් හෙයින් එය වර්තමාන ලෝකයේ මුළුමහත් ප්‍රජාතන්ත්‍රවාදයටම තර්ජනයක්’ වී ඇතැයි මේ පිළිබඳ විමර්ශනයට සම්බන්ධ වී ඇති විවිධ ජාත්‍යන්තර දූෂණ විරෝධී සංවිධාන ප්‍රකාශ කර සිටියි. මෙම පුළුල් ජාත්‍යන්තර විමර්ශනය සඳහා මේ වන විට ප්‍රධානත්වය ගෙන කටයුතු කරන්නේ ලෝකයේ තිබෙන ප්‍රධානතම ජාත්‍යන්තර මූල්‍ය විමර්ශන සංවිධානයක් වන මූල්‍ය ක්‍රියාකාරී කාර්යසාධක බළකාය (Financial Action Task Force – FATF) යන සංවිධානයක් වන අතර එහි මූලස්ථානය ඇත්තේ ප්‍රංශයේ පැරිස් නගරයේය. ලෝකයේ රටවල් 40ක් දැනට මෙම සංවිධානයේ සාමාජිකත්වය දරයි. එසේම පැනමා සහ පැන්ඩෝරා පත්‍රිකා ආශ්‍රිතව ලෝකයේ විවිධ රටවල් ආශ්‍රිතව මෙතෙක් සිදුකළ අපරාධ විමර්ශනයන් සහ අධිකරණ ක්‍රියාමාර්ග මත මේ වන විටද යම් පුද්ගලයන් වෙත දඬුවම් පැමිණවීමද සිදුකර ඇත. එම සුවිශේෂ සිදුවීම් කිහිපයක් මෙසේ ගෙනහැර දැක්විය හැකිය.

පැනමා රාජ්‍යයේ පිහිටුවා තිබෙන එමෙන්ම ලෝකයේ රටවල් 44ක ශාඛා කාර්යාලද පිහිටුවා තිබෙන අති විශාල නීති සමාගමක් වන මොසේක් ෆොන්සේකා සහ සමාගමට (Mossack Fonseca) එරෙහිව ජර්මනියේ මහාධිකරණයක් විසින් නඩු පැවරීම සිදුකරන ලදී. එයට ප්‍රධාන හේතුව වූයේ පැනමා රාජ්‍යය තුළ සිදුකරනු ලැබූ ඉහත ධනකුවේරයන්ගේ මූල්‍ය විශුද්ධිකරණ කටයුතු සඳහා 75%ක පමණ විශාල සහයෝගයක් ලබාදී ඇත්තේ මෙම නීති සමාගම විසිනි. එනම් එම නීති විරෝධී කටයුතු සිදුකිරීම සඳහා ධනකුවේරයන්ට අවශ්‍ය සියලු කටයුතු සංවිධාන කර ඇත්තේ මෙම පැනමා නීති සමාගම විසිනි. සේවකයන් 500කට අධික පිරිසක් සේවය කරනු ලබන එම නීති ආයතනයේ විදෙස් රටවල ශාඛා හරහා ධනකුවේරයන්ගේ මෙම කටයුතු සිදුකර ඇති අතර පසුව නීති විරෝධී අයුරින් පැනමා වේ සහ තවත් දූපත් රාජ්‍ය කිහිපයක මුදල් තැන්පත් කිරීම සිදුකරන ලදී. මේ අනුව මෙම නීති සමාගමට අතිශය උච්ච ලෙස චෝදනා ගොනුවූ අතර මුලින්ම නඩු පවරනු ලැබුවේ ජර්මානු අධිකරණයක් විසින් වන අතර එහිදී චූදිතයන් ලෙස නම්කරනු ලැබුවේ යටකී සමාගමේ අයිතිකරුවන් දෙදෙනා වන ජර්ගන් මොසේක් සහ රමොන් ෆොන්සේකා යන දෙදෙනාය. මෙහිදී ජර්ගන් මොසේක් යනු ජර්මානු ජාතික නීති විශාරදයකු වූ අතර රමොන් ෆොන්සේකා යනු පැනමා ජාතික නීති විශාරදයකු සහ දේශපාලකයකු විය. මොවුන් දෙදෙනාද ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන් වූ අතර එහෙයින්ම ඔවුන්ගේ නීති සමාගම හරහා අනෙකුත් ධනකුවේරයන් නීති විරෝධී අයුරින් විදෙස් රටවලින් ධනය ගෙනැවිත් පැනමා රාජ්‍යය තුළ තැන්පත් කරනු ලැබුවේය.

කෙසේ හෝ මෙම සුවිශාල මූල්‍ය වංචාව මුලින්ම හෙළිකරනු ලැබුවේ ජාත්‍යන්තර ගවේෂණශීලී මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් වන අතර ඔවුන්ට එහිදී ඉතා රහසිගත ආකාරයෙන් ඉහත නීති සමාගම සතු රහස්‍යමය ලිපි ලේඛන මිලියන ගණනක් ලැබිණි. ඒ අනුව මෙම තොරතුරු ලොවට හෙළිදරව් විය.

එසේම පැනමා සහ පැන්ඩෝරා පත්‍රිකාවල ඉතා ප්‍රබල ලෙස නම සඳහන් වූ මූල්‍ය විශුද්ධිකරණ චෝදනා ලබා සිටින ඇමෙරිකාවේ වෙසෙන මහා ධනකුවේරයකු වූ හැරල්ඩ් ජෝකිම්ට එරෙහිව පසුගිය කාලයේ එරට ෆෙඩරල් අධිකරණය විසින් නඩු පවරනු ලැබුවේය. මෙම නඩුව බොහෝ ආන්දෝලනාත්මක අයුරින් විනිශ්චය කෙරුණු අතර අවසානයේදී හැරල්ඩ් ජෝකිම් වසර 4ක දීර්ඝ සිරදඬුවමකට යටත් විය. ඔහු දැනටත් මෙම සිර දඬුවම විඳිමින් සිටියි. පැනමා සහ පැන්ඩෝරා පත්‍රිකා ආශ්‍රිත සිදුවීමේදී මෙතෙක් ලබාදී ඇති ඉහළම දඬුවම එය ලෙස සැලකෙයි.

පැනමා පත්‍රිකා මූල්‍ය විශුද්ධිකරණය ආශ්‍රිතව ඉතා ප්‍රබල ලෙස චෝදනා ලබා සිටි අයිස්ලන්තයේ අගමැති සිග්මනෝර් ගුන්ලුග්සන් 2016 වසරේදී අගමැති ධුරයෙන් ඉල්ලා අස්විය. ඔහුට මෙම චෝදනා එල්ල වූ විට එරට ජනතාවගෙන් සහ විවිධ පාර්ශ්ව හරහා දැඩි විරෝධයක් එල්ල විය. එය මහා ජන අරගලයක් බවට පත්වූ අතර ලක්ෂ ගණනක ජනතාව වීදි බසින්නට වූහ. අවසානයේදී අගමැතිවරයා ඉල්ලා අස්වූ අතර ඔහුට එරෙහිව අධිකරණයෙහි නඩු විභාග වෙමින් ඇත.

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන් කිහිප දෙනකුට එරෙහිවද පැන්ඩෝරා පත්‍රිකා චෝදනා එල්ලවී තිබිණි. කෙසේ හෝ පසුගිය 2022 අප්‍රේල් මාසයේදී ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවේදී ගෙන එන ලද විශ්වාසභංග යෝජනාවෙන් පරාජය වී අගමැති ධුරයෙන් ඉවත් කෙරිණි. කෙසේ හෝ මේ ආකාරයට එවැනි චෝදනා ලැබූ රාජ්‍ය නායකයන් රැසකට තමන්ගේ රටවල් තුළදී විවිධ අර්බුද සහ ජන විරෝධතාවලට මුහුණ දෙන්නට විය.

මෙම පැනමා පත්‍රිකා සහ පැන්ඩෝරා පත්‍රිකා චෝදනාවලට අමතරව මෙවැනි වංචනික ධනකුවේරයන්ට එරෙහිව එල්ලවුණු අනෙක් චෝදනාවන් වන්නේ ස්විස් බැංකුවේ හොර රහසේ ධනය තැන්පත් කිරීමය. එය ශ්‍රී ලංකාවේ කෝටිපතියන්ටද පොදු සාධකයක් වී ඇත. එනම් මෙරට සිටින ප්‍රකට දේශපාලකයන් කිහිප දෙනකු සහ ප්‍රකෝටිපතියන්ද ඒ ආකාරයෙන් ස්විස් බැංකුවේ රහසිගතව ධනය තැන්පත් කර ඇති බවට චෝදනා රාශියක් ඇත. මෙම ස්විස් බැංකුව යනු කුමක්ද? මෙම මූල්‍ය ආයතන ස්විට්සර්ලන්තයේ පිහිටා ඇති අතර ලෝකයේ තිබෙන අතිශය ඉපැරැණි බැංකුවලින් එකකි. වසර 168ක් පැරැණි මෙම බැංකුව මුලින්ම ආරම්භ කරනු ලැබුවේ 1854 වසරේදීය. ලෝකයේ ධනවත්ම බැංකුවලින් එකක් වන මෙය සතුව මේ වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 350ක පමණ වත්කම් ඇත. ලෝකය පුරා විවිධ සුවිශාල බැංකු රාශියක් තිබුණද විදෙස් රටවල ධනකුවේරයන් විශාල ප්‍රමාණයක් ස්විස් බැංකුවේ තම ධනය තැන්පත් කිරීමට පෙලඹී සිටිති. එයට හේතුව එම බැංකුව සතු විශ්වාසවන්තභාවය මෙන්ම රහස්‍යභාවයද හේතුකර ගෙනය.

කෙසේ හෝ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවලට අනුව මේ වන විට ප්‍රකාශ වී ඇත්තේ මේ ආකාරයෙන් ලෝකයේ ධනකුවේරයන් විසින් හොර රහසේ සඟවාගෙන ඇති ධනය ඇමෙරිකානු ඩොලර් ටි්‍රලියන 32කට අධික බවය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ මේ ආකාරයට නීති විරෝධීව මුදල් සඟවා තැබීම හේතුවෙන් වාර්ෂිකව ලොව පුරා රාජ්‍යයන්ට ඇමෙරිකානු ඩොලර් බිලියන 600ක පමණ මුදලක් අහිමි වන බවය. මෙම ධනය රටක යම් ජනතා අභිවෘද්ධියක් වෙනුවෙන් භාවිත කළ හැකි මුදල් ලෙසද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අර්ථකථනය කරයි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පවුලක් විසින් මෙලෙස විදේශයන්හි සඟවාගෙන තිබෙන ධනයද ඩොලර් බිලියන ගණනක් යැයි මෙරටින් දවසේ පැය 24 පුරාම අසන්නට ලැබෙන කතාන්දරයකි. එහෙත් ඔවුන්ට මෙතෙක් ලැබුණු නිසි දඬුවමක්ද නැත. එහෙත් දේව දඬුවම් නම් මඟ පැමිණෙන අයුරු දක්නට හැකිය.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

අරගල භූමියේ සෙල්ෆි ගහපු කලාකාරයෝ! ‌පිටරටින් ඩොලර් ගෙන්නගත්ත කලාකාරයෝ! හැම ආණ්ඩුවකම ඉන්න කලාකාරයෝ! රාජපක්ෂලාගෙන් ඔක්කොම වැඩ ටික කරගෙන අරගලයේ හිටපු කලාකාරයෝ! ඒකත් මාකට් කරලා ‌පිටරට එවුන්ගෙන් ඩොලර් ‌ගෙන්වගත්ත තක්කඩි කලාකාරයෝ! මෙකී නොකී සියලු කලාකාරයන් ගැන ගිහාන් ප්‍රනාන්දු ‌තොරතුරු හෙළිකරයි! (VIDEO)

Next Post

අහසෙ ගොසින් තරු යට සැඟවුණත් වරෝ මහ සඟරුවන සිරිලක රැකගන්ට වරෝ…

MORE NEWS

ප්‍රදේශ රැසකට අනිද්දා පැය 15ක් වතුර නෑ! Sri Lanka Latest News
Exclusive

ගම්පහ පැති ගොඩකට පැය 19ක් වතුර නෑ! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු දැන් බයවෙලා! මන්ත්‍රීවරු යයි කියලා පණ බයේ ආණ්ඩුව හදිසියේම පක්ෂ මාරු පනත ගේන්න යනවා! බොරු නොකියන-වැඩ කරලා පෙන්නපු සජිත්ගේ නායකත්වයෙන් අපි ලබන අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා! රෝහණගෙන් හොරොව්පොතානේදී අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News

ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

සජිත් අභයාරාමයට ගිහින් හදිසියේම මුරුත්තෙට්ටුවේ හිමියන් හමුවූයේ ඇයි? කතා කළේ මොනවද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඉරාන-අමෙරිකා සාම ගිවිසුම ගැන විපක්ෂනායක සජිත්ගෙන් X පණිවුඩයක්! I Sri Lanka Latest News

අපි අදත් කළුතර මාවල ගමේ ශාඛා සමිති පිහිටුවනවා! බිම් මට්ටමින් කාන්තා-තරුණ-දිස්ත්‍රික් බලමණ්ඩල පිහිටුවනවා! දිස්ත්‍රික්කයේම ඉන්න අය එක තැනකට ගෙනත් ෂෝ එකක් දැම්මට පක්ෂයේ බිම් මට්ටම ශක්තිමත් වෙන්නෙ නෑ! සජිත් ප්‍රමුඛ සජබයේ ආණ්ඩු බලය අල්ලන වැඩපිළිවෙළ අජිත් හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

සජබය ආසන මට්ටමෙන් සටන පටන් ගනී! හොරොව්පොතානේදී වාහනයෙන් බහිද්දීම ගමේ මිනිස්සුන්ගෙන් ලැබුණු පිළිගැනීමට මුජිබර් හොල්මන් වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබය ආසන මට්ටමෙන් සටන පටන් ගනී! හොරොව්පොතානේදී වාහනයෙන් බහිද්දීම ගමේ මිනිස්සුන්ගෙන් ලැබුණු පිළිගැනීමට මුජිබර් හොල්මන් වෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
ප්‍රදේශ රැසකට අනිද්දා පැය 15ක් වතුර නෑ! Sri Lanka Latest News
Exclusive

ගම්පහ පැති ගොඩකට පැය 19ක් වතුර නෑ! I Sri Lanka Latest News

අත්තනගල්ල, කරස්නාගල ජල පිරිපහදු ඒකකයේ සිදුකෙරෙන හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (16) දින සිට ප්‍රදේශ රැසකට පැය 19 ක කාලයක්...

Read more
මාලිමාවේ මන්ත්‍රීවරු දැන් බයවෙලා! මන්ත්‍රීවරු යයි කියලා පණ බයේ ආණ්ඩුව හදිසියේම පක්ෂ මාරු පනත ගේන්න යනවා! බොරු නොකියන-වැඩ කරලා පෙන්නපු සජිත්ගේ නායකත්වයෙන් අපි ලබන අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා! රෝහණගෙන් හොරොව්පොතානේදී අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු දැන් බයවෙලා! මන්ත්‍රීවරු යයි කියලා පණ බයේ ආණ්ඩුව හදිසියේම පක්ෂ මාරු පනත ගේන්න යනවා! බොරු නොකියන-වැඩ කරලා පෙන්නපු සජිත්ගේ නායකත්වයෙන් අපි ලබන අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා! රෝහණගෙන් හොරොව්පොතානේදී අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News

ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

සජිත් අභයාරාමයට ගිහින් හදිසියේම මුරුත්තෙට්ටුවේ හිමියන් හමුවූයේ ඇයි? කතා කළේ මොනවද? PHOTOS I Sri Lanka Latest News

ඉරාන-අමෙරිකා සාම ගිවිසුම ගැන විපක්ෂනායක සජිත්ගෙන් X පණිවුඩයක්! I Sri Lanka Latest News

අපි අදත් කළුතර මාවල ගමේ ශාඛා සමිති පිහිටුවනවා! බිම් මට්ටමින් කාන්තා-තරුණ-දිස්ත්‍රික් බලමණ්ඩල පිහිටුවනවා! දිස්ත්‍රික්කයේම ඉන්න අය එක තැනකට ගෙනත් ෂෝ එකක් දැම්මට පක්ෂයේ බිම් මට්ටම ශක්තිමත් වෙන්නෙ නෑ! සජිත් ප්‍රමුඛ සජබයේ ආණ්ඩු බලය අල්ලන වැඩපිළිවෙළ අජිත් හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අපි අදත් කළුතර මාවල ගමේ ශාඛා සමිති පිහිටුවනවා! බිම් මට්ටමින් කාන්තා-තරුණ-දිස්ත්‍රික් බලමණ්ඩල පිහිටුවනවා! දිස්ත්‍රික්කයේම ඉන්න අය එක තැනකට ගෙනත් ෂෝ එකක් දැම්මට පක්ෂයේ බිම් මට්ටම ශක්තිමත් වෙන්නෙ නෑ! සජිත් ප්‍රමුඛ සජබයේ ආණ්ඩු බලය අල්ලන වැඩපිළිවෙළ අජිත් හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.