• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනිත් එවුන්ට බණ කිය කිය වයසට ගියාම ගෙදර යන්නෙ නැති ලංකාවෙ සීයලට-ආච්චිලට මැලේසියාවේ මිනිස්සු උගන්නපු දේශපාලන පාඩමක්… කියවලා බලලා ගෙදර පලයල්ලා…

November 28, 2022
in Exclusive, News
Reading Time: 5 mins read
A A
අනිත් එවුන්ට බණ කිය කිය වයසට ගියාම ගෙදර යන්නෙ නැති ලංකාවෙ සීයලට-ආච්චිලට මැලේසියාවේ මිනිස්සු උගන්නපු දේශපාලන පාඩමක්… කියවලා බලලා ගෙදර පලයල්ලා…
Share on WhatsAppShare on Facebook

ඉගෙන සිප් සොඳ සේ
සිටිය බලවත් වයසේ
මට මහලු වයසේ
බැරිය වෙණ ගායනා පෙර සේ

අපගේ සිංහල ජන සාහිත්‍යයේ කියැවෙන මෙම අපූරු කවිය අසන්නට ලැබෙන්නේ ගුත්තිල කාව්‍යය තුළය. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යුගයේ සයවැනි පරාක්‍රමබාහු රජ සමයේදී වෑත්තෑවේ හිමියන් විසින් රචිත ගුත්තිල කාව්‍යය හරහා ඇසුණු කාව්‍යයන් බොහෝය. ‘ගුත්තිල ජාතික කාව්‍යය’ යනු සිංහල සාහිත්‍යාවලියේ මුදුන් මල ලෙස හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් විසින් හඳුන්වා දී ඇති කෘතියකි. ‘මට මහලු වයසේ බැරිය වෙණ ගායනා පෙර සේ’ යැයි කියැවෙන්නේ ගුත්තිල මූසිල පුරාවෘත්තය තුළිනි. මෙම කවි පදය මගින් කියා සිටින්නේ මහලුභාවයට පත්ව සිටින ගුත්තිල ඇදුරන්ගේ ස්වරූපයයි. මෙය සැබැවින්ම අපූරු පද ගැළපුමක් ලෙස අගය කළ හැක්කේ එහි ගැබ්ව ඇති යථාර්ථය දුටු විටය. ඕනෑම මිනිසකුට තමන්ගේ තරුණ සමයේදී කළ දස්කම් මහලු වයසේදී සිදුකළ නොහැකිය ඒ අනුව එදා ගුත්තිල ඇදුරන්ටද තම වෙණ වාදනය නිසි ලෙස සිදුකරන්නට නොහැකි වීම ගැන එම කාව්‍යය අර්ථවත් කර සිටියි.

අතීත ජන සංස්කෘතියේදී කියැවුණු මෙම වගතුග අද ඔබට ලියා තැබුවේ ඇයි? එහෙත් මෙම කතාව නම් අපට අසන්නට ලැබෙන්නේ එක්තරා විදෙස් රටකිනි. කෙසේ හෝ එයත් එක්තරා මහලු මිනිසකුගේ කතාන්දරයකි. මේ වගතුග පසුගියදා අසන්නට ලැබුණේ ආසියාවේ සමීප දේශයක් වන මැලේසියාවෙනි. එනම් මැලේසියාවේ සිටින එක්තරා සුවිශේෂ දේශපාලකයකුගේ නැගීම සහ වැටීම එම කතාන්දරයට අදාළ විය. මෙම දේශපාලකයා නම් මැලේසියාවේ අගමැති ධුරය වසර 25ක කාලයක් පුරා දැරූ මහතීර් මොහොමඩ්ය (Mahathir Mohamad) මැලේසියාවේ ප්‍රධාන රාජ්‍ය නායක තනතුර වන්නේ අගමැති ධුරයයි. මහතීර් මොහොමඩ් යනු මුළුමහත් ලෝකයම ඉතා හොඳින් හඳුනන ප්‍රකට දේශපාලකයෙකි. එහෙත් අද ඔහු ගැන කියැවෙන අලුත්ම වගතුග නම් ඉතා විශේෂිත එකකි. මහතීර් මොහොමඩ් යනු මැලේසියාවේ සිටි 04 වැනි සහ 07 වැනි අගමැතිවරයා වූ අතර ඔහු මුල් වතාවේදී 1981 සිට 2003 දක්වා පුරා වසර 23ක් නොකඩවා අගමැති ධුරය දැරූවෙකි. ඉන් පසුව 2018 සිට 2020 දක්වාද වසර 02ක් අගමැති ධුරය දැරීය. කෙසේ හෝ දශක දෙකහමාරක කාලයක් මෙලෙස අගමැති ධුරය දැරූ ඔහු මැලේසියාවේ ජනතාව අතර එකල බොහෝ ජනප්‍රියත්වයට පත්වූ දේශාපාලකයකු විය. එසේම ඔහු මැලේසියාවේ අනාගත අභිවෘද්ධිය තකා බොහෝ වෙහෙස මහන්සි වී තම ජීවිතය කැපකළ නායකයකු ලෙසටද ප්‍රකටය. එසේම ඔහු කාලයක් පුරා සමස්ත ලෝකය තුළද මහත් ප්‍රකටත්වයක් දරා සිටි රාජ්‍ය නායකයකුද විය. දැන් එසේ නම් මෙවැනි ජනප්‍රිය නායකයකු ගැන පසුගියදා අසන්නට ලැබුණු අලුත්ම කතාන්දරය කුමක්ද?

මහතීර් මොහොමඩ් යනු මේ වන විට ඉතා වැඩිහිටි වයසේ පසුවන දේශපාලකයකු වන අතර දැනට ඔහුගේ වයස අවුරුදු 97කි. මෙය සැබෑ ලෙසම දේශපාලකයකුට අදාළ වන වාර්තාගත වයසක් වන අතර මෙවැනි මහලු වයසේ දේශපාලකයන් ලොව සිටින්නේ ඉතා අතලොස්සකි. කෙසේ හෝ මේ අනුව මහතීර් මොහොමඩ් යනු ලෝකයේ සිටින වයස්ගතම අගමැතිවරයා වූ අතර එය ගිනස් ලෝක වාර්තාවක් ලෙසටද නිල වශයෙන් පිළිගෙන ඇත. එම වාර්තාව තැබීමට ඔහු සුදුසුකම් ලැබුවේ දෙවැනි වරට අගමැති ධුරයට (මැලේසියාවේ 07 වැනි අගමැති ලෙස)තේරී පත්වූ 2018 වසරේදීය. එනම් ඔහු එවිට 93 වැනි වියෙහි පසුවිය. ඉන් පෙර ඔහු 2003 වසරේදී අගමැති ධුරයෙන් ඉවත් වන විටදී පසුවූයේ 78 වැනි වියේය. එනම් එතැන් සිට 2018 වසර දක්වා වසර 15ක් ඔහු අගමැති ධුරය දැරුවේ නැති අතර, නැවත මහ මැතිවරණයකට තරග කළේ 2018 වසරේදීය. කෙසේ හෝ එවිට ඔහු එම මැතිවරණය බහුතරයකින් ජයග්‍රහණය කර තමන්ගේ 93 වැනි වියේදී නැවත වරක් අගමැති ධුරයට පත්විය. එතැන් සිට ඔහු 95 වැනි විය දක්වා එනම් 2020 වසර දක්වා නැවත අගමැති ධුරය දැරීය. එනම් ලොව සිටින වයස්ගතම අගමැතිවරයා ලෙසට පත්වෙයි. ඔහු ගිනස් වාර්තාවෙහි සුදුසුකම් ලබන්නේ එවිටය. එය සැබැවින්ම එක්තරා සුවිශේෂ දුර්ලභ තොරතුරක් විය.

එසේ නම් පසුගියදා මහතීර් මොහොමඩ් ගැන අසන්නට ලැබුණු අලුත්ම කතාව කුමක්ද? එනම් පසුගියදා මැලේසියානු මහ මැතිවරණය පැවැත්වූ අතර එහිදී මහතීර් මොහොමඩ් තමන්ගේ පක්ෂය නියෝජනය කරමින් තම සාම්ප්‍රදායික ඡන්ද ආසනය වෙනුවෙන් තරග වැදුණේය. ඔහුගේ එම මැතිවරණ ආසනය හැඳින්වූයේ ‘ලැන්ග්කවි’ (Langkawi) ලෙසින් වන අතර එය ප්‍රකට සංචාරක පාරාදීසයක් සහිත දූපත් නගරයකි. මහතීර් මොහොමඩ් ඒ සඳහා තරග වැදුණේ තමන් විසින්ම නිර්මාණය කර ස්ථාපිත කරගන්නා ලද ‘නිජබිමේ සටන්කාමීන්ගේ පක්ෂය නොහොත් ඉංග්‍රීස බසින් Homeland Fighters Party ලෙස හඳුන්වන නව පක්ෂය හරහාය. මෙම පක්ෂය මහතීර් මොහොමඩ් විසින් ස්ථාපිත කරුනු ලැබුවේ 2020 වසරේ අගෝස්තු 12 වැනිදාය. කෙසේ හෝ ඉන් පෙර ඔහු මැතිවරණ සඳහා තරග වැදුණේ එරට තිබුණු ප්‍රධානතම සහ පැරැණිතම දේශපාලන පක්ෂ දෙකක් හරහාය. එහෙත් පසුව ඔහු තමන්ගේම නායකත්වය ඇතිව ඉහත දේශපාලන පක්ෂය පිහිටුවා ගන්නා ලදී. මේ ආකාරයට ඔහු පසුගියදා මැලේසියානු මහ මැතිවරණයට මුහුණ දුන්නේය. දිගින් දිගටම දේශපාලනික ජයග්‍රහණ ලබා සිටි ඔහු මෙවර 97 වැනි වියේදීද මහ මැතිවරණයකට මුහුණ දීම මුළු ලෝකය පුරා මහත් ආන්දෝලනයක් ඇති කළේය. මැතිවරණයට පෙර ඔහු වට කරගත් දෙස් විදෙස් මාධ්‍යවේදීන් විශාල පිරිසක් ඔහුගේ අදහස් විමසා සිටියේය. එහිදී ඔහු තම මතය මෙසේ ස්ථිරසාරව දැඩි විශ්වාසයකින් ප්‍රකාශ කර සිටියේ මෙසේය.

‘මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන විට මට බොහෝ දෙනකු කියා සිටියේ එසේ සිදු නොකර දේශපාලනයෙන් විශ්‍රාම යන්නටය කියලා. මම හිතනවා මට තවමත් හොඳින් දේශපාලනය කරන්න පුළුවන් කියලා. ඒ විතරක් නෙවෙයි මෙවරත් අපි මැතිවරණය ජයග්‍රහණය කරයි කියලා මම විශ්වාස කරනවා. මම ඔබට අදත් ඔබගේ ප්‍රශ්නවලට සාධාරණ විසඳුම් ලබාදෙමින් සිටිනවා. මෙවර අපේ පක්ෂය වංචනිකයෝ සහ බොරුකාරයෝ සමග සන්ධානගත වෙන්නේ නැහැ. ජයග්‍රහණය ලැබුවොත් ඉදිරියේදී අගමැති ධුරයට කවුරු නම්කරනවාද කියලා දැන්ම අපි තීරණය කරලා නැහැ. අපේ ජයග්‍රහණය ස්ථිරයි…’

මහතීර් මොහොමඩ් මේ ආකාරයට උදම් අනමින් දැඩි බලාපොරොත්තුවක් ඇතිව මහ මැතිවරණයට ඉදිරිපත් වූයේය. තමන්ගේ දේශපාලන පක්ෂණ හරහා මැතිවරණ ආසන ගණනාවක් නියෝජනය කළේය. කෙසේ හෝ කාලය ගෙවී ගියේය. මහ මැතිවරණයේ ඡන්ද විමසීම නිමවී ප්‍රතිඵල නිකුත් කරන අවස්ථාවටද පැමිණියේය. සිදුවී ඇත්තේ මහත් පුදුමයකි. ලොවක් සෙලවූ මහා දේශපාලන පතාක යෝධයා වන මහතීර් මොහොමඩ් සහ ඔහුගේ දේශපාලන පක්ෂය ඉමහත් පරාජයකට පත්ව තිබිණි. එහිදී සුවිශේෂම කතාන්දරය වූයේ මෙම දේශපාලන දැවැන්තයා ලබා තිබුණු අන්ත පරාජයයි. එනම් ඔහු නියෝජනය කළ ‘ලැන්ග්කවි’ ආසනය තුළින් ඔහු දැවැන්ත පරාජයක් ලබා තිබූ අතර, ඔහු පුද්ගලිකව ලබාගත් ඡන්ද සංඛ්‍යාව 4,566ක් පමණක් විය. මෙය අන්ත පරාජයක් වූ අතර එම ඡන්ද සංඛ්‍යාව ප්‍රතිශතයක් වශයෙන් 6.8%ක් පමණ විය. එම ආසනයේ ඡන්ද 25,463ක් ලබාගනිමින් සහ ප්‍රතිශතයෙන් 38.01%ක් ලබාගෙන තිබුණේ ප්‍රතිවාදී පක්ෂ නායකයකු වන ඩැලුක් සුයිම් අබ්දුල්ලාය. මේ අතර මහ මැතිවරණයේ අනෙකුත් ආසනවලද ප්‍රතිඵල ප්‍රකාශයට පත්විය. එහිදීද සිදුව තිබුණේ මහත් විනාශයකි. එනම් මහතීර් මොහොමඩ්ගේ දේශපාලන පක්ෂය විසින් එරට තුළ කිසිදු මැතිවරණ ආසනයක් දිනාගැනීමට සමත්ව නොතිබීමය.

මැතිවරණයේ තොරතුරු තවත් හෙළිවන විට ප්‍රකාශ වී තිබුණේ තවත් අපූරු පුවතකි. එනම් ලැබූ අන්ත පරාජය හේතුවෙන් මහතීර් මොහොමඩ්ගේ මැතිවරණ ඇප මුදල පවා අහෝසි වී තිබීමය. එනම් ඇප මුදල හෝ බේරාගැනීමට තරම් ඔහුගේ ඡන්ද ප්‍රමාණය ප්‍රමාණවත් නොවී තිබිණි. මෙයට පෙර පැවැති සෑම මැතිවරණයකදීම තමන්ගේ අසුන අති බහුතරයකින් ජයග්‍රහණය කළ මහතීර් මොහොමඩ්ට මෙවර තම අසුන පවා අහිමි වී තිබීම පුදුමයක් විය.

මෙම සිදුවීමේදී අනෙක් සුවිශේෂ කරුණ ලෙස හෙළිවී ඇත්තේ මැලේසියානු හිටපු අගමැති මහතීර් මොහොමඩ් වසර 53කට පසුව පළමු වරට මහ මැතිවරණයකින් පරාජයට පත්වී තිබීමය. ඔහු තමන්ගේ ආසනයේදී ලබා ඇත්තේ සිවුවැනි ස්ථානය වන අතර මෙම මහා පරාජය හේතුවෙන් පසුගියදා ඔහුට තමන්ගේ පාර්ලිමේන්තු ආසනය පවා අහිමි විය. 2018 මහ මැතිවරණයේදී ඔහු මෙම ආසනය ජයග්‍රහණය කර තිබුණේ අංක එකට පත්වෙමින්, අති බහුතර බලයක් සමගිනි. එසේම ඔහුගේ පක්ෂයද එම මැතිවරණයේදී ආසන බහුතරය දිනාගත් අතර එහෙයින් ඔහුට අගමැති ධුරයද හිමි විය. එහෙත් අද තත්ත්වය සම්පූර්ණයෙන්ම කණපිට හැරී ඇත. කෙසේ හෝ පසුගියදා මහතීර් මොහොමඩ් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබුණේ තමන් විසින් තමන්ගේ ආසනය අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන බවයි. එහෙත් අද ඔහු සහ ඔහුගේ පක්ෂය ලබා ඇත්තේ වාර්තාගත පරාජයකි. මෙයට දින කිහිපයකට පෙර පැවැති මෙම මැතිරවණය එරට 15 වැනි මහ මැතිවරණ්‍ය වෙයි. මෙම දේශපාලනික පතාක යෝධයාගේ දැවැන්ත පරාජය ගැන මැලේසියාවේ දේශපාලන විචාරයන් මෙන්ම ලෝකයේ දේශපාලන විශ්ලේෂකයන්ද බොහෝ ආන්දෝලනාත්ක මත රැසක් ඉදිරිපත් කර ඇත.

‘මෙය මහතීර් මොහොමඩ් ලැබූ දැඩි කම්පනසහගත පරාජයක්. මෙම මැතිවරණ ප්‍රතිඵලය ඉතා උත්ප්‍රාසාත්මක සහ දුෂ්කර එකක් ලෙස සිතිය හැකියි. මෙම පරාජය මගින් පෙනෙන්නේ මෙතෙක් මුල් බැසගෙන තිබූ මහතීර් උරුමය සහ මහතීර් නාමය’ මුළුමනින්ම විනාශවී යෑමේ සලකුණයි. මහතීර් මොහොමඩ් සම්පූර්ණයෙන්ම දේශපාලනයෙන් විශ්‍රාමගත යුතු බවයි මෙම පරාජයෙන් පෙන්නුම් කර තිබෙන්නේ. ඔහු මෙම මැතිවරණයට ඉදිරිපත් නොවී දේශපාලනයෙන් සමුගත්තා නම් මෙවැනි පරිභවශීලී තත්ත්වයකට පත්වන්නේ නැහැ. දැන් ජනතාව විසින්ම ඔහු ගැන තීන්දුවක් අරගෙන තිබෙනවා…’

‘මෙයින් පෙනෙන්නේ මැලේසියාවට තවත් මහතීර් මොහොමඩ් කෙනෙක් අනවශ්‍ය බවට ජනතාව ගත් තීරණයයි. ආසියාවේ මහා නමක් තැබූ දේශපාලකයාගේ වෘත්තීය ජීවිතය අවසන් වීමයි මෙයින් පෙන්නුම් කරන්නේ. ඔහු මෙවර මැතිවරණය සඳහා තරග කරන්නේ නැතිව මුලින්ම දේශපාලන දිවියෙන් විශ්‍රාම ගියානම් මේ අපවාදවලට ලක් වන්නේ නැහැ. දේශපාලන බල ලෝභය ඔහු තුළ තවත් තිබුණු බව එයින් පෙනීයනවා. මෙය 1969 වසරෙන් පසුව ඔහු ලැබූ ප්‍රථම පරාජයයි. එවැනි අපරාජිත නායකයකු අද ජනතාව විසින් ප්‍රතික්ෂේප කර තිබෙන්නේ යම් හේතු මතයි. මෙහිදී ප්‍රධානතම දේ ලෙස බලපාන්නට ඇත්තේ ඔහුගේ මහලු බවයි. මහතීර් යනු මැලේසියාවේ අභිවෘද්ධිය සඳහා ඉතා කැපවූ නායකයෙක්. එහෙත් ඔහුට පසුකාලීනව බොහෝ දූෂණ වංචා චෝදනා එල්ල වුණා. ජනතාව ඔහුව ප්‍රතික්ෂේප කරන්න අනෙක් ප්‍රධාන හේතුව වූයේ එයයි. 2018 වසරේදී ඔහු ලබාගත් ඡන්ද ප්‍රතිශතය 54%ක් වුණා. එහෙත් මෙවර ඔහු ලැබුවේ 8%ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි. මෙයින් කොතරම් පැහැදිලිව පෙනෙනවාද ජනතාව ඔහු ප්‍රතික්ෂේප කර තිබෙන ආකාරය. මෙය දේශපාලකයන් කාටත් හොඳ නිදර්ශනයක්.

මේ ආකාරයෙන් බොහෝ දේශපාලන විශ්ලේෂකයන් තමන්ගේ ස්ථාවර, උද්වේගකර අදහස් රැසක් ප්‍රකාශ කර තිබිණි. කෙසේ හෝ මහතීර් මොහොමඩ් යනු 80 දශකයේ සිට මැලේසියාව ආර්ථික අතින් දියුණුවට පත්කිරීමට කටයුතු කළ රාජ්‍ය නායකයෙකි. බදු රහිත පරිසරයක් ගොඩනගමින් එරටට විදේශ ආයෝජනයන් රැසක් ගෙන ඒමට ඔහු කටයුතු කළේය. මේ නිසා මැලේසියාව ඉතා දියුණු කර්මාන්ත ආයෝජන සහිත රටක් බවට පත්විය. ජනතාවගේ ආර්ථික තත්ත්වයන්ද ඒ නිසා දියුණුවට පත්විය. මහතීර් මොහොමඩ් සමාජයේ හඳුන්වා දෙනු ලබන්නේ ‘නූතන මැලේසියාවේ පියා’ වශයෙනි. එතරම්ම ඔහුට ජන ප්‍රසාදයක් අත්ව තිබිණි.

මේ අතර අනෙක් සුවිශේෂ පුවතක් ලෙස මැලේසියාවෙන් වාර්තා වන්නේ මහතීර් මොහොමඩ් අගමැතිවරයාගේ පුත්‍රයකු වන මුක්රිස් මහතීර් මොහොමඩ් (Mukhriz Mahathir) යන ප්‍රකට දේශපාලකයාද මෙවර මැතිවරණයෙන් අන්ත පරාජයකට පත්ව සිටීමය. ඔහු එරට රජයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම අමාත්‍යවරයකුද විය. ඔහු තම පියාගේ දේශපාලන කටයුතු සඳහා මහත් වෙහෙසක් ගෙන කටයුතු කළ අතර පියාගේ අන්ත පරාජය සමග ඔහු නියෝජනය කළ මැතිවරණ ආසනයද මෙවර ඔහුට අහිමි විය. 57 හැවිරිදි ඔහු මෙවර මැතිවරණයේදී තමන්ගේ (පියාගේද) පක්ෂය හරහා අපේක්ෂකයන් යොදවමින් මැතිවරණයට තරග කළත් ඔහුට ඒ කිසිදු අසුනක ජය ලබාගැනීමට නොහැකි වූ අතර ඔහුගේ ආසනය වන ‘ජරලූන්’ නගරයද අහිමි විය. එය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් විය. කෙසේ හෝ මේ ආකාරයට මහතීර් මොහොමඩ් පවුල්වාදයත් එතැනින් අවසන්ව ඇත.

තවමත් උණුසුමවත් පහව ගොස් නැති මැලේසියාවේ මේ කතාව බොහෝ දුරට අපේ රටට අදාළ වන ආකාරයද මේ වන විට අප රට තුළින් දැකගත හැකිය. එනම් අපට මෙම කාලයේදී ශ්‍රී ලංකාව තුළින්ද දක්නට හැකිව ඇත්තේ මෙරට සිටි එක්තරා ප්‍රකට දේශපාලකයකු මෙන්ම රාජ්‍ය නායකයකු මහලු වයසේ සිටිමින්ද දේශපාලන ප්‍රචාරක කටයුතු සඳහා සහභාගි වීමට දරන උත්සාහයයි. කෙසේ හෝ ඔහු මහතීර් මොහොමඩ් වයස්ගත නොවුණත් ඔහු දැන් පෙළෙන රෝග තත්ත්වයන් ගැන දැකීමේදී මහත් අර්බුදකාරී තත්ත්වයක් පෙන්නුම් කරයි. මහතීර් මොහොමඩ් 97 වැනි වියෙහි පසුවුවද ඔහු යම් ආකාරයක යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් සිටින බව විවිධ මාධ්‍ය වාර්තා කර ඇත. එසේම ඔහුගේ ස්වරූපයද එතරම් වයසක් පෙන්නුම් නොකරයි. එහෙත් ජනතාව මෙම මහලු මිනිසා ප්‍රතික්ෂේප කර ඇත. ඒ අනුව බලන කල ශ්‍රී ලංකාව තුළදී ඉහත ප්‍රකට එමෙන් බොහෝ ජනාදරයට පත්ව සිටි පරිණත දේශපාලකයා නැවතත් රෝගී තත්ත්වයන් යටතේ මහත් ආයාසයක් ගෙන දේශපාලනයට පිවිසීමට උත්සාහ දැරීම ශෝකයට කරුණකි.

පසුගිය දිනවල එම දසුන් අපට මාධ්‍ය තුළින් අසන්නට දකින්නට හැකි විය. එනම් මෙම ප්‍රකට දේශපාලන නායකයා බොහෝ ආයාසයක් ගෙන ගමන් කරමින් විවිධ දේශපාලන ප්‍රචාරක රැස්වීම් සඳහා සහභාගි වන ආකාරයද දක්නට හැකි විය. යමකුගේ ශාරීරික රෝගී තත්ත්වයන් ගැන අප කිසි විටෙකත් අපහාසයක් හෝ පරිභවයක් හෝ ජුගුප්සාවක් හෝ කරන්නේ නැත. එහෙත් අද මෙම මහලු දේශපාලකයන් හැකි ඉක්මනින් දේශපාලනයෙන් සමුගන්නේ නම් එය ඔවුන්ටම සම්පූර්ණ යහපතක් වනු ඇත. නැතිනම් හෙට අනිද්දාම ඔවුන්ට සිදුවන්නේද මහතීර් මොහොමඩ්ට සිදුවූ ඇබැද්දියමය. තමන් රැකගෙන සිටි තමන්ගේ මැතිවරණ ආසනය පවා අහිමි කරගනිමින් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වීමට ඔවුන්ට සිදුවනු ඇත. මේ අතර තමන්ගේ මැතිවරණ ආසනය පවා දැනටමත් අහිමි කරගෙන සිටින යම් දේශපාලකයන්ද තමන්ගේ මහලු වයසද නොතකා රාජ්‍ය නායක තනතුරුවල රැඳී සිටින්නට දරන උත්සාහයද පැහැදිලිවම පෙනෙන්නට ඇත. ඔවුන් කිසිවකුත් මහජන අභිලාෂය මත එම තනතුරුවලට පත්වූවන් නොවේ. ඔවුන් යම් කාලයකදී මහජන කැමැත්තක් මත දේශපාලනික තනතුරු දැරුවද අද ඔවුන් ජනතාව අතර රැඳී සිටින්නට උත්සාහ දරන්නේ බලහත්කාරයෙනි. එහෙත් එවැනි ක්‍රියාවන්වලදී ඔවුන් සැණෙන් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වන වග අවබෝධ කරගන්නේ නැත.

තවද ශ්‍රී ලංකාවේ සිටින මෙම ප්‍රකට දේශපාලන පවුල්වලට එරෙහිව ගොනුවී තිබෙන දූෂණ වංචා චෝදනා ඉතා විශාලය. එහෙයින් මේ වන විට ජනතාව දෙනෙත් දල්වාගෙන බලා සිටින්නේ මෙම දේශපාලකයන්ට නිසි පාඩමක් ඉගැන්වීමට කාලය එන තෙක්ය. එසේත් නැතිනම් කෙටියන් සරල බසින් කිවහොත් පසුපසට පයින් ගසා එළවා දැමීමටය. එසේම මේ වන විට මර්දනයද දැඩි ලෙස සිදුකරමින් මෙම දේශපාලකයන් තමන්ගේ රජ අසුන්වල රැඳී සිටීමට උත්සාහ දරයි. එහෙත් ඔවුන්ට මේවා සෑමවිටම සිදුකළ නොහැකිය. අවුරුදු 70-75 පිරුණු ‘දේශපාලන ආතලා’ දැන් පිනක් දහමක් කරගෙන ගෙදරට වෙලා සිටින කාලය උදාවෙමින් ඇත. එය ජනතාවටද බොහෝ යහපතක් වනු ඇත.



ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

දඬුවම් මුදලාලිගේ සිට මර්කන්ටයිල්-ගෝල්ඩන් කී-E.A.P. සක්විති හරහා ප්‍රියමාලි දක්වා…

Next Post

මගේ ජීවිතේ අනතුරේ! මැර කණ්ඩායමක් මගේ පස්සේ පන්නනවා! පොලිසියත් ඒ පැත්තේ! මගේ ෆෝන් එක උදුරගන්න හදනවා! ශිරන්ත අමරසිංහ ගෝල්ෆේස් එක පැත්තේ කොහේදෝ සිට ලයිව් වීඩියෝ එකක් දායි! (VIDEO)

MORE NEWS

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

Load More
කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (18) ඒකක 50.23කින් ඉහළ ගොස්, ගනුදෙනු අවසානයේ 22,436.14ක් ලෙස සටහන්ව තිබෙනවා.Sri Lanka...

Read more
CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.