ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (09) දහවල් කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර බාහිර රෝගී අංශය වෙත ගොස් එහි කාර්ය මණ්ඩලය හා රෝගීන් සමඟ සාකච්ඡා කිරීමටද පියවර ගත්තේය.
එහිදී රෝගීන් කොළඹ ජාතික රෝහල වෙත පැමිණ ඇති ප්‍රදේශ විමසා දුර බැහැර සිට පැමිණි රෝගීන් එසේ පැමිණීමට හේතු විමසා ඇති අතර රෝගීන් තමන් පදිංචි ප්‍රදේශවල පවතින රෝහල්වල ගැටලු පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කර ඇත.
එසේම රෝහල් කාර්ය මණ්ඩලය සමඟද ජනාධිපතිවරයා රෝහලේ මේ වන විට පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කර ඇත.
මේ ආකාරයටම ජනාධිපතිවරයා මීට පෙර මෝටර් රථ ලියාපදිිංචි දෙපාර්තමේන්තුව ඇතුලු ආයතන කිහිපයකටම නොදන්වා ගොස් එහි කාර්යයන් සිදුවන ආකාරය නිරීක්ෂණය කිරීමට පියවර ගෙන තිබිණ.










