අද පෙරවරුවේ පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අමෙරිකාවේ සිට ලංකාවට පැමිණී අතර ඒ මහතා පිළිගැනීමට ගුවන්තොටුපොළේ ප්‍රභූ පර්යන්තයට මන්ත්‍රීවරු රැසක් පැමිණ සිටි ආකාරයක් දැකගත හැකි විය.
ඇතැම් ඇමැතිවරුන් මෙහිදී බැසිල් රාජපක්ෂ මහතාට දණ ගසා වඳිින ආකාරයක්ද දැකගැනීමට ලැබිණ.
එහිදී මන්ත්‍රීවරුන් සමග සුහද පිළිසදරක යෙදී සිටි බැසිල් රාජපක්ෂ මහතා ප්‍රභූ ආරක්ෂාව සහිතව කොළඹ බලා පැමිණීමට පියවර ගෙන තිබිණ.










