• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාලදිවයිනේ නෂීඩ් ලෝකෙ වටේ යන්නේ ලංකාවේ සල්ලිවලින්ද? එහෙම ගිහින් අපිට මොකක්ද වුණේ?

November 16, 2022
in Exclusive, News
Reading Time: 4 mins read
A A
මාලදිවයිනේ නෂීඩ් ලෝකෙ වටේ යන්නේ ලංකාවේ සල්ලිවලින්ද? එහෙම ගිහින් අපිට මොකක්ද වුණේ?
Share on WhatsAppShare on Facebook

‘මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ්, ත්‍රස්තවාදී චෝදනා යටතේ එරට අපරාධ මහාධිකරණය විසින් අද දින වසර 13ක සිර දඬුවමකට යටත් කළේය. මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනකුගෙන් යුත් විනිශ්චය මණ්ඩලයක් විසින් මෙම නියෝගය ලබාදෙන ලදී. 2012 වසරේදී මොහොමඩ් නෂීඩ් මාලදිවයිනේ ජනාධිපතිවරයාව සිටියදී එකල මාලදිවයිනේ සිටි ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයකු වන අබ්දුල්ලා මොහොමඩ් නමැත්තා බලහත්කාරයෙන් අත්අඩංගුවට ගැනීමට නියෝග ලබාදීමේ චෝදනාව සහ තවත් දූෂිත කරුණු කිහිපයකට අදාළව මෙසේ හිටපු ජනාධිපතිවරයාට සිර දඬුවම් පමුණුවනු ලබන බව ප්‍රධාන මහාධිකරණ විනිසුරු අබ්දුල්ලා ඩිඩි විසින් නියෝගය ප්‍රකාශයට පත්කරමින් කියා සිටින ලදී. දැනට මාලදිවයිනේ විපක්ෂ නායකවරයාව සිටින මොහොමඩ් නෂීඩ්ට මින් පෙර අධිකරණය විසින් ඇප නියම කරනු ලැබ නැති අතර එහිදී ඔහු අධිකරණයට රැගෙනවිත් ඇත්තේ බලහත්කාරයෙන් අතින් පයින් ඇදගෙන යැයි කරුණු ප්‍රකාශ විය. මෙම අවස්ථාවේදී ඔහුගේ එක් අතකට තුවාල සිදුවී ඇති අතර, ඔහු ඒ ගැන වෛද්‍ය ප්‍රතිකාර ඉල්ලා ඇත. එහෙත් අධිකරණය ප්‍රකාශ කර ඇත්තේ නඩු විමසීමෙන් පසුව වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන ලෙසයි. කෙසේ හෝ ඉන් පසුව වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔහු රෝහලකට ගෙන නොගොස් කෙළින්ම බෝට්ටුවක තබාගෙන බන්ධනාගාරය පිහිටි දූපත වෙත රැගෙන යන ආකාරයද දක්නට හැකි විය….’

කුමක්ද මේ කතාන්දරය? අපට මේ කතාව අසන්නට ලැබුණේ මෙයට වසර හතහමාරකට පෙර එනම් 2015 වසරේ මාර්තු 13 වැනිදා ‘ද ගර්ඩියන්’ පුවත්පතේ පළමු පුවතිනි. එකල එම පුවතින් කියා සිටියේ මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයා වන මොහොමඩ් නෂීඩ්ට එරෙහිව ගොනුවී තිබුණු අපරාධ චෝදනා කිහිපයක් පිළිබඳ වගතුගකි. එකල ඔහුට එරෙහිව නැඟුණු විවිධාකාර චෝදනා මත සිර දඬුවම් පවා විඳින්නට සිදුවිය. කෙසේ හෝ අද ඔබට මෙම අතීත කතාව ගැන යම් ආවර්ජනයක් කළේ මෙම දිනවලදී අපගේ ශ්‍රී ලකාව තුළින් මොහොමඩ් නෂීඩ් යන නාමය නැවත අසන්නට ලැබීම හේතුවෙනි. එය යම් ආකාරයක ආන්දෝලනාත්මක වගතුගක් උදෙසා සිදුවූවකි. එනම් එය මෙම දිනවල ඊජිප්තුවේ පැවැත්වෙන 2022 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව ආශ්‍රිතව සිදුවූ යම් කතාන්දරයකි. මාලදිවයිනේ ආන්දෝලනාත්මක දේශපාලකයකු වූ එරට හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් දැන් එරට කතානායකවරයාය. එසේම පසුගියදා මෙරටදී සිදුවූයේද තවත් අපූරු කතාවකි. එනම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම මොහොමඩ් නෂීඩ් තමන්ගේ ජාත්‍යන්තර දේශගුණික උපදේශකවරයා ලෙස පත්කර ගැනීමය. ඉන් පසුව පසුගියදා ආරම්භ වුණු ඉහත සඳහන් කළ සමුළුව සඳහා මෙලෙස මොහොමඩ් නෂීඩ්ද ජනාධිපතිවරයා සමග ඊජිප්තුවට ගොස් ඇත. එනම් එම සංචාරය නියෝජනය කර ඇත්තේ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම සමග බව පැවසෙයි.

මෙම සිදුවීම හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාවේත්, මාලදිවයිනේත් උද්ගතව ඇත්තේ මහා අර්බුදයකි. එනම් මේ වන විට වෙනත් රටක ප්‍රධාන දේශපාලනික සහ රාජ්‍යමය තනතුරක් උසුලන පුද්ගලයකු තවත් රටක රාජ්‍ය දූත මෙහෙවරකට සහභාගි වන්නේ කෙසේදැයි යන්න එම පැනයයි. එසේම මෙහිදී මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයා වන මොහොමඩ් නෂීඩ් දැන් උසුලනු ලබන්නේද ඉහළම රාජ්‍ය තනතුරකි. එරට (මාලදිවයිනේ) කතානායකවරයා යනු මුළුමහත් පාර්ලිමේන්තුවටම වගකිව යුතු පුද්ගලයෙකි. එවැන්නකු තවත් විදෙස් රටක ජනාධිපතිවරයකු සමග ජාත්‍යන්තර සමුළුවකට සහභාගි වීම යනු අතිශය පුදුමාකාර සිදුවීමක් බව මේ වන විට විවිධ පාර්ශ්ව අවධාරණය කර ඇත. මෙහිදී මාලදිවයිනේ ප්‍රධානතම දේශපාලකයකු මෙන්ම ප්‍රවීණ නීති විශාරදයකු වන මාලදිවයිනේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ හිටපු සභාපති සහ මාලදිවයිනේ හිටපු නීතිපති ආචාර්ය මොහොමඩ් මුන්නාවර් විශේෂ ප්‍රකාශයක් කරමින් මෙසේ අවධාරණය කර ඇත.

‘මාලදිවයිනේ රාජ්‍ය මුදල් යොදවමින් වෙනත් රටක් සඳහා නියෝජනය කිරීම විශාල අර්බුදකාරී ප්‍රශ්නයක්. ඇත්තටම එහෙම කරන්නේ කෙසේද? මෙවැනි තත්ත්වයකදී අපගේ මාලදිවයින තිබෙන්නේ කොතැනකද? අනෙක මොහොමඩ් නෂීඩ් තමන්ගේ රට වෙනුවෙන් දක්වන පක්ෂපාතීත්වය කුමක්ද? වෙනත් රාජ්‍යයකට පක්ෂපාතී වීමක් නේද මෙහිදී සිදුවෙලා තිබෙන්නේ? මෙය කිසිසේත්ම අනුමත කළ හැකි දෙයක් නෙවෙයි. ඇත්තටම මෙය නීතිමය බරක් සහිත කාරණයක්. එසේම සත්‍ය ලෙසම නීතිමය ප්‍රශ්නයක්ද වෙනවා. මාලදිවයිනේ ව්‍යවස්ථාවේ 75 වැනි වගන්තියෙන් උපුටා දක්වන්නේ මන්ත්‍රීවරුන්, දේශපාලනික නීති සම්පාදකයන් ජාතික අවශ්‍යතා සඳහා මෙන්ම ජනතාවගේ සුබසාධනය සඳහා ක්‍රියා කළ යුතු බවයි. එවැනි පුද්ගලයන් කිසිදු විටක වෙනත් පුද්ගලයන්ගේ හිතකර අවශ්‍යතා හෝ පුද්ගලික අවශ්‍යතා ප්‍රවර්ධනය කිරීම නොකළ යුතුයි. මාලදිවයිනේ ව්‍යවස්ථාවට අනුව මෙම සිදුවීම සම්පූර්ණයෙන්ම නීතිමය ප්‍රශ්නයක්. එනම් කතානායකවරයා කියන්නේ ඉතා වගකිව යුතු උත්තරීතර තනතුරක්. අනෙක මොහොමඩ් නෂීඩ් එලෙස මාලදිවයිනේ වත්මන් කතානායක ධුරය දරද්දී වෙනත් රටක් නියෝජනය කරමින් ජාත්‍යන්තර සමුළුවකට සහභාගි වන්නේ කොහොමද? නෂීඩ්ගේ මෙම සංචාරය සඳහා මුදල් ප්‍රතිපාදන ලැබුණේ කෙසේද කියලා මම මාලදිවයිනේ පාර්ලිමේන්තුවෙන් ප්‍රශ්න කර සිටිනවා. එය ජනතාවට පැහැදිලි කරන්න…’ යැයි හිටපු නීතිපති මොහොමඩ් මුනව්වර් ප්‍රකාශ කර ඇත.

මාලදිවයිනේ හිටපු නීතිපතිවරයාගේ ප්‍රකාශයට සහාය දක්වන ප්‍රතිරාවයක් මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයකු වන අබ්දුල් ගයුම්ද තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබිණි. එසේම මාලදිවයිනේ හිටපු නීතිපතිවරයකු වන දියනා සයිඩ් නම් නීති විශාරදවරියද මෙම ප්‍රකාශයන්ට සහාය දක්වමින් කියා සිටියේ මෙය සත්‍ය ලෙසම නීතිමය ප්‍රශ්නයක් බවයි. ඇය ප්‍රකාශ කර ඇත්තේද මාලදිවයිනේ ව්‍යවස්ථාවේ 75 වැනි වගන්තිය යටතේ මෙවැනි ක්‍රියාවලියක් වත්මන් මාලදිවයින් කතානායකවරයාට සිදු නොකළ හැකි බවයි. එසේම වත්මන් කතානායකවරයාට එලෙස අවසර ලබාදුන්නේ කවුරුන්දැයි යන්න ප්‍රශ්නයක් බවත් පෙන්වා දී ඇත. ඇය පෙන්වාදී ඇත්තේ ජාත්‍යන්තර සමුළුවකට සහභාගි වීම ප්‍රශ්නයක් නොවන බවත් එහෙත් වෙනත් විදේශ රටක ජනාධිපතිවරයකු නියෝජනය කරමින් එම නියෝජිත කණ්ඩායමද සමග එක්ව සහභාගි වීම පුදුමසහගත ක්‍රියාවලියක් බවයි.

කෙසේ හෝ මාලදිවයිනේ හිටපු නීතිපති මොහොමඩ් මුනව්වර් විසින් මුදල් ප්‍රතිපාදන ගැන නැගූ ප්‍රශ්නයට මාලදිවයිනේ පාර්ලිමේන්තු සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යක්ෂ හසන් සියා ප්‍රකාශ කර ඇත්තේ මොහොමඩ් නෂීඩ්ගේ සංචාරය සඳහා මාලදිවයිනේ රාජ්‍ය අයවැය මුදල් කිසිවක් භාවිත නොකළ බවය. ඔහුගේ එම සංචාරයේ වියදම් වෙනත් පාර්ශ්වයක් විසින් දරන්නට ඇති බවත්ය. එනම් දේශගුණික විපර්යාසවලින් වඩාත් පීඩාවට පත්වූ රටවල් සමූහයක පාර්ශ්වයක් විසින් දරන්නට ඇති බවත්ය. කේසේ හෝ මොහොමඩ් නෂීඩ් මෙහිදී නියෝජනය කර ඇත්තේ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ එම නියෝජිත කණ්ඩායම බවත් අවධාරණය කර ඇත. මෙම ජාත්‍යන්තර සමුළුව සඳහා මාලදිවයින නියෝජනය කරමින් මාලදිවයින් උප ජනාධිපති ෆයිසාල් නසීම් සහ එරට පරිසර අමාත්‍ය අමිනාත් ෂෝනා ප්‍රධාන නියෝජිත පිරිසක් සහභාගි වී ඇත. කෙසේ හෝ මොහොමඩ් නෂීඩ්ගේ මෙම සිදුවීම දැඩි ලෙස විවේචනයට ලක් කරමින් සමාජයේ විවිධ තරාතිරම්වල පිරිස් සමාජ මාධ්‍ය හරහා තම විරෝධය ප්‍රකාශ කළේය. එසේම ඒ අතරතුර මොහොඩම නෂීඩ්ට පක්ෂපාතී පාර්ශ්ව ප්‍රකාශ කර සිටියේ ඔහු සිදුකළ ක්‍රියාව කිසිදු වරදක් නොමැති බවය. පරිසර ප්‍රශ්න ලෝකයේ සෑම රටකම සහ ජනතාවකටම බලපාන බවත්, ඒ නිසා මොහොමඩ් නෂීඩ් තවත් රටක් වෙනුවෙන් පෙනී සිටීම කිසිදු වරදක් දැකිය හැකි කාරියක් නොවන බවත් එම පිරිස් කියා සිටිති. මෙහිදී සිදුවී ඇත්තේ දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීමක් පමණක් බව නෂීඩ් හිතවාදී පාර්ශ්ව සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශ කර ඇත. ඒ කෙසේ වෙතත් මොහොමඩ් නෂීඩ්ට එරෙහිව මාලදිවයින තුළ ඇතිව තිබෙන විරෝධයද බොහෝ දරුණුය.

කෙසේ හෝ මාලදිවයිනේ වත්මන් කතානායක මොහොමඩ් නෂීඩ්ගේ මෙම සිදුවීම ගැන මේ වන විට ශ්‍රී ලංකාව තුළද ඇතිකර තිබෙන්නේ මහා ආන්දෝලනයකි. එම තත්ත්වය ගැන මේ වන විට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තුළදී දේශපාලනික පාර්ශ්ව කිහිපයක්ම ප්‍රශ්න කර තම විරෝධයන් දක්වා ඇත. එහෙත් එම ප්‍රශ්නවලට රාජ්‍ය පාර්ශ්ව නිසි ලෙස පිළිතුරු ලබා නොදුන් බවට චෝදනා ගණනාවක්ද එල්ලවී ඇත. මෙම යටකී සංචාරයේදී කතානායක මොහොමඩ් නෂීඩ් එම ජාත්‍යන්තර සමුළුව සඳහා සහභාගි වී ඇත්තේ තමන්ගේ මාලදිවයින් රාජ්‍යය නියෝජනය කරමින් නොව ශ්‍රී ලංකාව නියෝජනය කරමිනි. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව මෙම ජාත්‍යන්තර පරිසර උපදේශක තනතුර ඔහු විසින් මොහොමඩ් නෂීඩ් වෙත ලබාදුන්නේය. එයට පෙර රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය දරද්දී 2022 ජුනි මාසයේදීද මොහොඩම් නෂීඩ්ට තවත් තනතුරක් පිරිනමනු ලැබුවේය. එනම් ශ්‍රී ලංකාවට ආධාර ලබාගැනීමේ ජාත්‍යන්තර උපදේශකවරයකු වශයෙන් පතිකිරීමයි. ශ්‍රී ලංකාව වත්මන් ආර්ථික අර්බුදයෙන් මුදාගැනීමේ ක්‍රියාවලියේදී ජාත්‍යන්තර උපදේශකවරයකු ලෙස ක්‍රියා කිරීම එම කාර්යය විය. මේ ආකාරයට මේ වන විට රනිල් වික්‍රමසිංහ විසින් මොහොමඩ් නෂීඩ්ට උසස් තානාන්තර දෙකක්ම පිරිනමා ඇත. ඒ අතරම පසුගිය මාසයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් තවත් විදේශකයකුටද උසස් තානාන්තරයක් පිරිනමනු ලැබුවේය. එය නම් ප්‍රකට රාජ්‍යතාන්ත්‍රිකයකු වූ නෝර්වෙජියානු ජාතික එරික් සෝල්හයිම් වෙතද ජාත්‍යන්තර පරිසර විපර්යාස උපදේශක තනතුරක් පිරිනැමීමය. ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේදී සාම මැදිහත්කරුවා ලෙස කටයුතු කළ ඔහු කාලයක් පුරා නෝර්වේ රාජ්‍යයේ ප්‍රධාන අමාත්‍ය ධුර දෙකක්ද දැරීය. කෙසේ හෝ පසුව ඔහු එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර පසුව දූෂණ අක්‍රමිකතා චෝදනා යටතේ එම තනතුරෙන් ඉල්ලා අස්විය. ඔහු පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණි අතර එවිට ඔහු කිසිදු ජාත්‍යන්තර තානාන්තරයක් දරමින් නොසිටියේය. එහෙත් මෙහි පැමිණි පසුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ඉහත පැවසූ තනතුර ඔහුට ප්‍රදානය කළේය. මේ අනුව දැනට රනිල් වික්‍රමසිංහට ජාත්‍යන්තර පරිසර උපදේශකයන් දෙදෙනකු වෙයි. එවැනි තනතුරක් දරන ශ්‍රී ලාංකිකයකු නම් ඔහුට නැත.

මෙම වටපිටාවේදී නෝර්වේජියානු ජාතික එරික් සෝල්හයිම් නම් ප්‍රකාශ කර සිටියේ තමන්ට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ලබාදුන් තනතුර උදෙසා කිසිදු වැටුපක් හෝ දීමනාවක් හෝ ලබා නොගන්නා බවයි. එහෙත් මාලදිවයින් ජාතික මොහොමඩ් නෂීඩ්ගේ තනතුරු දෙකම උදෙසා එවැනි ගෙවීමක් සිදුකරන්නේදැයි නිශ්චිත ප්‍රකාශයක් සිදුවී නොමැත. එහෙත් බොහෝ විට පසුගියදා ශ්‍රී ලංකාව වෙනුවෙන් මොහොමඩ් නෂීඩ් සිදුකළ ඊජිප්තු සංචාරය සඳහා ශ්‍රී ලංකා රාජ්‍යයෙන් වියදම් දරන්නට ඇති බව යම් දේශපාලනික පාර්ශ්ව සඳහන් කර සිටියි. පාන් ගෙඩියක් මිලදී ගන්නට බැරි දුක්ඛිත මිනිසුන් සිටින ශ්‍රී ලංකාවේ මෙවැනි ක්‍රියාවලීන් සිදුවන්නේ නම් එය මහත් ශෝචනීය නිහීන කාරියක් යැයි මෙම පාර්ශ්ව පෙන්වා දෙයි. එනම් එහිදී විනාශ කර ඇත්තේ පොදු ජනතාවගේ ධනය බවද ඔවුන් ප්‍රකාශ කරයි. දේශගුණික විපර්යාසයන්ට වඩා මෙම මොහොතේදී ශ්‍රී ලංකාවට අවශ්‍යව ඇත්තේ ජනතාව මෙම මහා සාගින්දරින් මුදාගැනීම යැයි එම පිරිස් දැඩි ලෙස අවධාරණය කර සිටිති. ජාත්‍යන්තරව පාරිසරික ප්‍රශ්න ගැන සාකච්ඡා කිරීමද අවශ්‍ය හේතුවක් වුවත් අද ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් සිදුකළ යුත්තේ ‘ඔවුනගේ මහා දුර්භික්ෂය’ ගැන මැදිහත් වීම යැයි මෙම පාර්ශ්ව රැසක්ම පෙන්වා දෙති.

මෙම දිනවලදී ඊජිප්තුවේදී පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුව නම්කර ඇත්තේ ‘2022 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව’ (2022 United Nations Climate Change Conference) ලෙසිනි. සෑම වසරක් පාසා පැවැත්වෙන එම වාර්ෂික සමුළුවේ 27 වැනි සැසිවාරය මෙය වන අතර එය 2022 නොවැම්බර් 06 ආරම්භ කර නොවැම්බර් 18 වැනිදා සමාප්ත වෙයි. මෙය සම්පූර්ණයෙන්ම දින 14ක් පුරා පැවැත්වෙන්නේ ඊජිප්තුවේ අතිශය දර්ශනීය නගරයක් වන ෂාර්ම් එල් ෂෙයික් නගරයේදීය. මෙය රතු මුහුද සහ සිනායි කඳුවැටිය ආශ්‍රිතව පිහිටා තිබෙන නගරයකි. එසේම Sharm el-Sheikh යනු සම්පූර්ණයෙන්ම සංචාරක පාරාදීසයක්ද වෙයි. එක්සත් ජාතීන්ගේ මෙම ජාත්‍යන්තර සමුළුව සඳහා ලෝකයේ රාජ්‍ය නායකයන් 90ක් සහභාගි වීමට නියමිතය. එසේම අනෙකුත් රාජ්‍ය නියෝජිතයන්ද සිය ගණනක් සහභාගි වනු ඇත. 1992දී ස්ථාපිත එක්සත් ජාතීන්ගේ පළමු දේශගුණික ගිවිසුමේ සිට මෙතෙක් මෙම සමුළුව වාර්ෂිකව පවත්වනු ලැබෙයි. ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම සීමා කිරීමට සහ දේශගුණික විපර්යාස හා සම්බන්ධ වන බලපෑම්වලට අනුවර්තනය වීමේ ප්‍රතිපත්තිවලට එකඟ වීමේ ක්‍රියාවලියක් සඳහා රජයන් මෙහිදී කටයුතු කරනු ලබයි.

කෙසේ හෝ අපගේ මෙම කතාවේ කතානායකයා ලෙස සැලකුණු සහ මේ වන විටත් දෙස් විදෙස්හි ආන්දෝලනයකට මැදිව සිටින මලදිවයිනේ කතානායක මොහොමඩ් නෂීඩ් යනු ලොව පුරා ප්‍රකට පරිසර නායකයකු ලෙස ප්‍රකට පුද්ගලයෙකි. ඔහු තමන්ගේ රට වන මාලදිවයින තුළ බොහෝ පරිසර සංරක්ෂණ කටයුතුවලට නායකත්වය ලබාදී ඇත. ඔහු අවස්ථා කිහිපයකදී ජාත්‍යන්තර පරිසර සම්මානවලින්ද පිදුම් ලබා ඇත. එසේම ඔහු දැනට දශක ගණනාවක සිට ශ්‍රී ලංකාව සමග බොහෝ සබඳකම් පැවැත්වූ අයෙකි. එනම් ඔහු මාලදිවයිනේ දේශපාලන අර්බුදවලට මැදිවී දැඩි ලෙස අර්බුදකාරී තත්ත්වයට පත්වූ විට ශ්‍රී ලංකාවේ දේශපාලනික සරණාගතයකු ලෙසද මෙරටට පැමිණ සිටියේය. රාජපක්ෂ රාජ්‍ය පාලනය සහ රාජපක්ෂ පවුලේ දේශපාලනික සාමාජිකයන් සියල්ලක්ම ඔහුගේ මිතුරන්ය. පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ අතිශය දරුණු ලෙස ජන අරගල උත්සන්න වෙද්දී රාජපක්ෂ සාමාජිකයන්ට මාලදිවයිනට පැන යෑමට අනුබල ලබාදීමද ඔහු කටයුතු කළේ යැයි චෝදනා නැඟිණි. එසේම රාජපක්ෂවරුන් උදෙසා රුපියල් කෝටි 40ක මුදලකට මාලදිවයිනේ නිවෙසක් මිලදී ගැනීමටද ඔහු සැලසුම් කළේ යැයි ප්‍රබල ලෙස චෝදනා නැඟිණි.



ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ධනුෂ්කට වුණේ පාණ්ඩ්‍යාට අක්තාර්ට නිටිනිට වෙච්ච දේමද?

Next Post

මුදල් විශුද්ධිකරණ නඩුවට පැටලුණු ජැකලින්ට ඇප ලැබෙයි! වැලිගම සුපිරි නිවසක් ගැනත් තොරතුරු එළියට එයි!

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.