• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨාගෙ අල්මාරියෙන් හම්බවුණේ එක්කෝටි අසූලක්ෂයයි! රමේෂ් පතිරණගෙ අල්මාරියෙන් හම්බවුණේ කෝටියයි! ආවේ කොහෙන්ද? ගත්තෙ කොහොමද? කෝ මේවට පරීක්ෂණ? ඒවා ගැන හොයන්නෙ නැද්ද?

November 15, 2022
in Exclusive, News
Reading Time: 2 mins read
A A
ගෝඨාගෙ අල්මාරියෙන් හම්බවුණේ එක්කෝටි අසූලක්ෂයයි! රමේෂ් පතිරණගෙ අල්මාරියෙන් හම්බවුණේ කෝටියයි! ආවේ කොහෙන්ද? ගත්තෙ කොහොමද? කෝ මේවට පරීක්ෂණ? ඒවා ගැන හොයන්නෙ නැද්ද?
Share on WhatsAppShare on Facebook

ඔබේ සාක්කුවේ කොපමණ මුදලක් වේදැයි මේ ලියුම්කරු දන්නේ නැත. එහෙත් ඉන් එක් රුපියල් පනහක් මඟ වැටුණොත් එය ඔබේ ශරීරාංගයක් ගිලිහුණු තරමින් ඔබට දැනෙනවා ඒකාන්තය. ඒ හුදෙක් ඔබේ මසුරුකම නිසා නොව මේ දිනවල රටේ කොයි කවුරුත් මුහුණ දෙමින් සිටින ආර්ථික අමාරුකම් ඒ තරමටම ප්‍රබල නිසාය. ඒත් මේ කතාව සැම දෙනාටම වලංගු නොවේ. රුපියල් පනහක් නොව ලක්ෂ පනහක් හෝ ඊට වැඩි මුදලක් අස්ථානගත වූවත් ඒ බව නොදැනෙන තරමට සුපෝෂිත ආර්ථිකයක් ඇති අයද නැත්තේ නොවේ. අප පහතින් කතා කරන්නේ එවැනි සුපින්වන්තයකු පිළිබඳවය.

පසුගිය මැයි නමවැනිදා බොහෝ දෙනකුට අමතක නොවන දිනයකි. ඒ අරලියගහ මන්දිරයට කැඳවූ පොහොට්ටුවේ ආධාරකරුවන් යොදවා ‘ගෝඨාගෝ ගම’ සහ ‘මයිනා ගෝ ගම’ට එල්ල කළ තිරස්චීන ප්‍රහාරයත්, ඉන් පසු රට පුරා පැතිර ගිය ප්‍රතිප්‍රහාර රැල්ලත් නිසාය. එදා පොදුජන පෙරමුණේ බොහෝ දෙනකුගේ නිවාස දේපළ ගිනිබත් වූයේය. කිසිදු ලෙසකින් අප ප්‍රචණ්ඩත්වය අනුමත නොකළද එකී ප්‍රචණ්ඩ ක්‍රියා නිසා කෝටි ගණනක දේපළ දැවී අළුවී ගියේය. ඒ ලෙස ගින්නට බිලිවූ දේපළ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, අමාත්‍ය රමේෂ් පතිරණගේ නිවෙසද විය.

අරගලකරුවන්ට මුවාවූ කොල්ලකරුවෝ මැයි නවවැනිදා රමේෂ්ගේ නිවෙසටද කඩාපිනූහ. ගෙට ගිනිලන්නට පෙර වටිනා කියන දේ කොල්ලකන්නට සැරසුණු ඔවුහු පාළුගෙයි වළං බිඳින්නා සේ කිසිවකුත් නොසිටි නිවෙසේ අල්මාරි පෙට්ටගම් විවර කර ඒවායේ තිබූ වටිනා දේ අතපතගා ගත්හ. නිවෙසේ අල්මාරියක් විවර කළ එක් තරුණයකු හට සිය දෑස් අදහාගත නොහැකි වූයේය. එහි වූයේ නෝට්ටු මිටි ගොන්නකි. එම අවස්ථාවේ තවත් දෙදෙනෙක් එතැනට පැමිණි හෙයින් මේ මුදල් කන්දරාව සහයෝගයෙන් බෙදාගැනීමට තිදෙනා තීරණය කරනා ලදී. තව තවත් බල බලා සිටින්නට දෙයක් නැත. කොල්ලලරුවෝ ඇසිල්ලකින් මුදල් තොගය තම භාරයට ගත්හ. ආරක්ෂා සහිත තැනකට ගොස් ගැන බලද්දී තරුණයන් තිදෙනා මුහුණට මුහුණා බලා ගන්නට වූහ. එහි වූ මුළු මුදල රුපියල් ලක්ෂ සියයකි.

ඊළඟ ගැටලුව වූයේ මුදල බෙදාගැනීමය. වැඩි වෙලා නොගොස් එයද නිරාකරණය කරගන්නට තිදෙනා සමත් වූහ. එක් අයකුට ලක්ෂ 40ක්ද, අනෙක් දෙදෙනාට ලක්ෂ 30 බැගින්ද වන සේ සමාදානයෙන් ගනුදෙනු බේරාගත් පිරිස සතුටින් විසිර ගියහ. පැය කිහිපයකට පෙර රුපියල් දෙතුන් දාහක්වත් අත නැතිව සිට, ඇසිල්ලකින් මිලියනපතියන් වූ මේ තරුණයෝ තිදෙනා ගාල්ලේ උණවටුන, වලහන්දූව සහ පෝද්දල යන ප්‍රදේශවල පදිංචිකරුවෝය. එහෙත් ඔවුන්ගේ බඹරය වැල්ලේ කැරකුණේ සුළු කාලයකට පමණි. පිරිස අතරේ සිටි එක තරුණයකුගේ බිරිඳගේ මවට බැණාගේ වාසනාව පිළිබඳ තණ්හා සිතක් උපන්නේය. ඇයද බෑණාගේ වාසනාවෙන් පංගුවක් බලාපොරොත්තු වූවාය. එහෙත් බෑණා ඊට එකඟ වූයේ නැත. මට නැතිනම් උඹටත් නෑ යැයි සිතූ නැන්දම්මා කෙළින්ම නතර වූයේ පොලිසියේය.

ගතවූයේ ඇසිල්ලකි. තරුණයන් තිදෙනා පොලිස් ස්ථානාධිපති හමුවේ සිද්ධිය දිගහරින්නට වූහ. තමන් ගත් මුදලට අමතරව එම අල්මාරියේ තවත් නෝට්ටු මිටි තොගයක් තිබූ බවත් ඒවාද ඇමැතිවරයාගේ නිවෙස ගිනිලන්නට ආ පීරිස් රැගෙන ගිය බවත් ඔවුහු පැවැසූහ. අවසානයේ රැගෙන ගිය මුදලින් ලක්ෂ 55කට ආසන්න ප්‍රමාණයක් ආපසු සොයාගැනීමට පොලිසිය සමත් විය. නමුත් තරුණයන් තිදෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නෙ කෙසේදැයි යන්න පොලිසියට මුහුණ දෙන්නට වූ උභතෝකෝටික ප්‍රශ්නය විය. ඊට හේතුව වූයේ තම නිවෙසේ තිබූ රුපිලය් කෝටි ගණනක මුදල් තොගයක් සොරාගත් බවට අමාත්‍ය රමේෂ් පතිරණ කිසිම පොලීසියකට පැමිණිලි කර නොතිබීමය.

අමාත්‍යවරයාගේ නිවෙසේ මෙතරම් මුදල් තොගයක් තිබීම මෙන්ම ඒවා සොරකම් කළ පසු ඔහු හැසිරී ඇති සන්සුන් ලීලාවද පුදුමසහගතය. මේ පිළිබඳ කළ විමසීමකදී මෝටර් රියක් විකිණූ මුදල් වගයක් නිවෙසේ තිබූ බව අමාත්‍යවරයා පිළිගත් බව දැනගන්නට තිබේ. එහෙත් ගැටලුව වනුයේ ඒ පිළිබඳ අමාත්‍ය රමේෂ් පතිරණ මෙතුවක් නිහඬ ස්ථාවරයක් අනුගමනය කිරීමය. එමෙන්ම මන්ත්‍රීවරුන්ගේ දේපළවලට සිදුවූ හානි සඳහා වන්දි ලබාගැනීමට පිළියෙල කළ ලේඛනවලට ඇමැතිවරයා මේ මුදල් ගැන සඳහන් කළේද යන්න ගැටලුසහගතය. එමෙන්ම මේ රුපියල් කෝටියකට වඩා වැඩි මුදල තමා කෙසේ උපයා ගත්තේදැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළ යුතු වුණත් ඔහු එසේ කළේද යන්නය. සියල්ලට වඩා වැදගත් වනුයේ පොලිස් නිලධාරීන් අමාත්‍යවරයාගෙන් ඒ ගැන විමසුවේද යන්නය. දැනගැන්මට ඇති ලෙස තවමත් එවැනි විමසීමක් කර නැත. එහෙයින් මේ මුදල් කන්දරාව අමාත්‍යවරයා සතෙන් සතේ එකතු කර ගොඩනඟාගත්තේද, නොඑසේ නම් වෙනත් අයථා ක්‍රමයකින් උපයාගත්තේද යන ගැටලුව බොහෝ දෙනකුට ඇත. අමාත්‍යවරයාගේ නිවෙසින් රුපියල් කෝටියකට වඩා වැඩි මුදලක් සොරකම් කර ඇත. එහෙත් අමාත්‍යවරයා ඒ ගැන පොලිසියකට පැමිණිලි කර නැත. දැන් හොරු සහ හොරාගත් මුදලින් කොටසක් සොයාගෙන ඇතත් තවමත් පැමිණිල්ලක් නැත. එබැවින් සැකකරුවන් නිදහස් වීමට පවා ඉඩ නැත්තේ නොවේ. මේ සියලු කරුණු නිසා දැන් හොරුන්ටත් වඩා අමාරුවේ වැටී ඇත්තේ හොරු අල්ලාගත් පොලිසිය බව දැනගන්නට තිබේ.

නිර්මාල් දේවසුරේන්ද්‍ර

SendShareShare
Previous Post

18 වැනිදා අපි පාරට බහිනවා! අපි එන්නෙ බෝඩ් උස්සගෙන! පුලුවන් නම් දාන සෙල්ලමක් දාලා නවත්වන්න බලපල්ලා! ජනතා බලය මොකද්ද කියලා එදාට බලාගන්න පුලුවන්! අන්තරේ හිටපු කැඳවුම්කරු ළහිරු TIDය ඉස්සරහටම ඇවිත් දැනුම් දෙයි! (VIDEO)

Next Post

මගුල් ගේත් කුලියට දීලා පෝරුවත් කුලියට දීලා මනමාලිත් කාට හරි විකුණලා දාන අයවැයක් තමයි ගෙනත් තියෙන්නේ! මාර උපහැරණයකින් පුබුදු රනිල්ගේ අයවැය ගැන විග්‍රහ කරයි! (VIDEO)

MORE NEWS

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

Load More
කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (18) ඒකක 50.23කින් ඉහළ ගොස්, ගනුදෙනු අවසානයේ 22,436.14ක් ලෙස සටහන්ව තිබෙනවා.Sri Lanka...

Read more
CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.