• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්ගේ ගේම්වලට ඉන්දියාව අහුවෙයිද?

November 10, 2022
in Exclusive, Politics
Reading Time: 3 mins read
A A
රනිල්ගේ ගේම්වලට ඉන්දියාව අහුවෙයිද?
Share on WhatsAppShare on Facebook

ජනාධිපති රනිල් තේ වතු හිමිකරුවන්ගේ සමුළුවකදී කියා ඇත්තේ චීනය සහ ඉන්දියාවේ ප්‍රශ්න නිසා අයි.එම්.එෆ්. ගනුදෙනුව සාර්ථක කරගැනීම කල් යන බවය. චීනය මුල සිටම ලංකාව අයි.එම්.එෆ්. එකට යෑම ගැන කැමැති වූයේ නැත. නමුත් ලංකාවට අයි.එම්.එෆ්. යෑමට උදව් කළේ ඉන්දියාවය. 2022 අප්‍රේල් 20 ලංකාවේ මුදල් ඇමැති අලි සබි්‍ර, මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ ඇතුළු නියෝජිත පිරිස අයි.එම්.එෆ්. ගිය වෙලාවේ ඉන්දියාවේ මුදල් ඇමැති නිර්මලාද අයි.එම්.එෆ්. රැස්වීමකට සහභාගි වීමට පැමිණ සිටියාය. එහිදී ඇය අයි.එම්.එෆ්. කළමනාකරණ අධ්‍යක්ෂ හමුවී ලංකාවට උදව් කරන ලෙස ඉල්ලා සිටියාය.

ලංකාවේ මුදල් ඇමැති අයි.එම්.එෆ්. යෑමට පෙර ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ ඉන්දීය මුදල් ඇමැතිනිය හමුවී අයි.එම්.එෆ්. රැස්වීමේදී ලංකාවට උදව් කරන ලෙස ඉල්ලා සිටියේය. මුදල් ඇමැතිනිය අයි.එම්.එෆ්. ගොස් ලංකාවට උදව් කරන ලස ඉල්ලා සිටියාය. ඉන්දියාව එම ඉල්ලීම කළේ සීමාව ඉක්මවා ලංකාවට උදව් කිරීමේ අරමුණෙනි. සාමාන්‍යයෙන් තවත් රටක් අයි.එම්.එෆ්. එකේදී වෙනත් රටකට උදව් කරන්න කියා ඉල්ලන්නේ නැත. එලෙස අයි.එම්.එෆ්. එකේදී ලංකාවට උදව් කරන්න ඉදිරිපත් වූ ඉන්දියාව නිසා අයි.එම්.එෆ්. ඩීල් එක පරක්කු වෙනවා යැයි රනිල් කියන්නේ ඇයිද යන්න ප්‍රශ්නයකි.

රනිල් චීනය සම්බන්ධයෙන් එවැනි ප්‍රකාශයක් කරනවා නම් එහි වරදක් නැත. ඒත් අයි.එම්.එෆ්. එකට යන්න ලංකාවට උදව් කරපු ඉන්දියාවට රනිල් එලෙස චෝදනා කිරීම පුදුමය දනවයි. මෙයින් පැහැදිලි වන්නේ ගෝඨාභයගේ ආණ්ඩුව කාලයේ ඉන්දියාව සහ ලංකාව අතර තිබූ සම්බන්ධය රනිල් අවුල් කරගෙන ඇති බවය.

රනිල් මේ කතාව කරන්න පෙර ඔහුගේ උපදේශක සාගල රත්නායකව ඉන්දියාවට යැව්වේය. ලෝක බැංකුව සහ අයි.එම්.එෆ්. නිලධාරීන් හමුවීමට ලංකාවේ නියෝජිතයන් ගිය විට ඔවුන් අසන්නේ ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ස්ථාවරය කුමක්ද කියාය.

වරක් නිල නොවන සාකච්ඡාවලදී ලෝක බැංකු ප්‍රධානියෙක් ඇසුවේ ලංකාවේ නව ජනාධිපති රනිල් තවම ඉන්දියාවේ සංචාරය නොකළේ ඇයිද යන්නය. රනිල් ජනාධිපති වූ පසු තවම ඉන්දියාවේ අගමැති, මුදල් ඇමැති හෝ විදේශ ඇමැති සමග කිසිදු නිල සාකච්ඡාවක් කර නැත. රැජිනගේ අවමඟුලේදී ඉන්දීය අගමැති මෝදි හමුවූයේ සුහද කතාබහකට පමණි.

රනිල් ඉන්දියාව සමග ගනුදෙනු කරන්න උත්සාහ ගත්තේ චීන කාඩ් එක පෙන්වලාය. මේ රනිල් සිය මාමා වන ජේ.ආර්.ගේ මකියාවෙල්ලි පොතෙන් උගත් පාඩමකි. ජේ.ආර්.ගේ කාලයේ ලංකාවේ සිටිය ඉන්දීය මහකොමසාරිස් ජේ.එන්. ඩික්සිත් සිය Assignment Colombo පොතෙහි මේ ගැන සිදුවීමක් ලියා තිබේ.

ඩික්සිත් ලියා ඇත්තේ ජේ.ආර්.ගේ ආණ්ඩුවේ අධ්‍යාපන ඇමැති රනිල් වික්‍රමසිංහ බියගම නිදහස් වෙළෙඳ කලාපය විවෘත කිරීමේ උත්සවයට ඔහුටත් ආරාධනා කොට තිබූ බවය. ජනාධිපති ජේ.ආර්. ද සහභාගි වූ උත්සවයට පැමිණ සිටි විදේශ නියෝජිතයන් කිහිප දෙනෙක් දැක තමන් පුදුමයට පත්වූ බව ඩික්සිත් සඳහන් කර ඇත.

පසුව ජේ.ආර්. එම නියෝජිතයන්ව ඩික්සිත්ට හඳුන්වා දෙමින් කියා ඇත්තේ ඔවුන් ඊශ්‍රායල මොසාඩ් රහස් ඔත්තු සේවයේ නිලධාරීන් බවත්, තමන් ඔවුන්ගෙන් උපදෙස් ගන්නා බවත්, එයට ඉන්දියාව බියවිය යුතු නැති බවත්ය.

ඩික්සිත් කියන්නේ මෙම උත්සවයට ඩික්සිත්ට සහ ඔවුන්ට ආරාධනා කිරීම ජේ.ආර්.ගේ උපක්‍රමයක් බවය. මේ උපක්‍රමය ක්‍රියාත්මක කළ ජේ.ආර්.ගේ බෑණා රනිල් අද ජනාධිපතිය. ඔහුත් අද පාවිච්චි කරන්නේ මෙවැනි උපක්‍රමය.

සාගලව ඉන්දියාවට යැවීමට පෙර රනිල් ඔහුගේ මාමාගේ ‘ඩේලි මිරර්’ පත්තරේ නිවුස් එකක් ප්ලාන්ට් කළේය. එනම් රනිල් චීනයට යන බවත්, චීනයේ ලංකා තානාපති ඒ සඳහා අවශ්‍ය පහසුකම් හදන බවත්ය.

ජේ.ආර්.ගේ උපක්‍රමවලින් ජේ.ආර්. පමණක් නොව රටත් විනාශ විය. මේ නිසා ඉන්දියාව සම්බන්ධයෙන් ජේ.ආර්.ගේ උපක්‍රම පාවිච්චි කිරීමට පෙර රනිල් දෙවරක් සිතිය යුතුය.

උපුල් ජෝෂප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් ලංකාව තවමත් සොයද්දී, පිපිරීමක් සමඟ ඉන්දියාවෙන් එළියට ආපු සහරාන්ගෙ ගෝලයා, මොකක්ද මේ සිග්නල් එක…

Next Post

රනිල් සුනාක්ට අතට අත දී දවසක්වත් නෑ! බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ලංකාවේ පතුරු යවයි! (VIDEO)

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.