• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එදා නළු නිළියෝ නටපු නැටුම් සහ අද නළු නිළියෝ නටන නාඩගම්…

November 10, 2022
in Exclusive, Heart
Reading Time: 6 mins read
A A
එදා නළු නිළියෝ නටපු නැටුම් සහ අද නළු නිළියෝ නටන නාඩගම්…
Share on WhatsAppShare on Facebook

‘ජීවරාණි දොරකඩ
ගාමිණී ෆොන්සේකා එනකොට මලක් ගෙනවා…
ඒ මල මොන පාටදෝ අනේ…’

මතකද ඒ පැදිපෙළ? 60 දශකයේ අග භාගයේ හරි 70 දශකයේ මුල් කාලේ හෝ හැංගිමුත්තන් සෙල්ලම් කරන ළමයි කණ්ඩායමට ලීඩර් කෙනෙක් තෝරාගන්න නිතර භාවිතයට ගත්ත පැදි පෙළක් තමයි ඒ.

ජීවරාණි කුරුකුලසූරියගේ නමයි, සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ නමයි ඒ දවස්වල ජෝඩු විලාසිතාවට අනුව හරි ප්‍රසිද්ධයි. ඒ හින්දා එයාලා දෙන්නට ඔය ජාතියේ කවි පන්ති ගී පන්ති හරි හරියට පබැඳුණා. ඒ විතරක් නෙවෙයි, ගාමිණීගේ තරුණ නළුකමත් එක්ක සන්ධ්‍යා කුමාරිගේ නමයි, විජිත මල්ලිකාගේ නමයි ගෑවුණු ජෝඩු කතන්දර සහ සින්දු ඕනෑ තරම් හැදුණා. අන්තිමට ඒ හැමෝටම ගාමිණීගේ ඇක්ටිං පාට්නර් එක අහෝසි කරමින් මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා ගාමිණී එක්ක දශක ගණනක්ම ජෝඩු ස්ටයිල් එකට පණ දුන්නා. ඒ අතර වාරයේ ඉහත සෙල්ලම් කවි පදයට නායිකාව වෙච්ච ජීවරාණිගේ නම හැලිලා මාලනී එතැනට ආවා.

යසපාලිත නානායක්කාරගේ ‘තුෂාරා’ චිත්‍රපටයත් එක්ක මාලනී – ගාමිණී ළඟින් හීනියට වාගේ හැලිලා විජය කුමාරතුංග ළඟට ආවා. ඉන් පස්සේ විජයගෙයි මාලනීගෙයි ජෝඩු ස්ටයිල් එකට කොල්ලො කෙල්ලෝ වාගෙම වැඩිහිටියොත් උමතු වුණා.

ඇත්තටම කියනවා නම් ජෝඩු ක්‍රමය පැත්තකින් තිබ්බත් ඒ දවස්වල සිංහල සිනමාවේ නළු නිළියෝ තම තමන්ගේ තත්ත්වය ඩිමාන්ඩ් එක හරි ගැම්මට තියාගෙන හිටියා. 50-60 දශකයේ ඉඳන් ගත්තත් රුක්මණී දේවි, ෆ්ලොරීඩා ජයලත්ලගේ කාලේ ඉඳන්ම නදීකා – සබීතා සහ දිල්හානි – සංගීතා වන තුරුම අපේ නළියෝ රසික රසිකාවියන්ගේ හිත්වල තම තමන් ගැන හොඳ කොලිටි එකක් ඇතිකර තිබුණා. එයාලාගේ පුද්ගලික ජීවිතවල යම් යම් ගැටලු තිබුණාය කිව්වත් එයාලා ඒවා ප්‍රසිද්ධියට ගෙනැවිත් මඩ ගාගත්තේ නැහැ. සමහර විට ඒ හින්දාම වෙන්න ඇති ඒ සුපිරි තාරකාවන්ගේ පින්තූර තියෙන සිනමා පත්තරවල මුල් පිටු තොරක් නැතුව මාළු මාර්කට් එකේ එළවළු මාර්කට් එකේ ඉඳන්ම බාබර් සාප්පුවලයි, දුප්පත් පැල්පතේ ඉඳන්ම සුපිරි පන්තියේ නිවාසවලයි බිත්ති පුරා ඇලවුණේ.

සිනමා තරු ඒ විදියට තම තමන්ගේ තත්ත්වයන් තුළ නිළිකම කරන කොට 80 දශකයේ මුල් කාලයෙන් පස්සේ ටෙලි තරුවලටත් අපේ රසිකයෝ නම්බු නාම දුන්නා. නිහාල්සිංහගේ ‘දිමුතුමුතු’වලින් පස්සේ සෝමවීර සේනානායක, පරාක්‍රම නිරිඇල්ල, නාලන් මෙන්දිස්, ධම්ම ජාගොඩ, තිලක් ගුණවර්ධන අතරට ආනන්ද අබේනායක වාගේ ප්‍රවීණයන් කැන්දාගෙන ආව ටෙලි තරු ඒ කාලේ තම තමන්ගේ ජාම බේරගෙන නිළිකම තුළ දවස ගෙව්වා කිව්වොත් ඒක හුඟක් දුරට හරි.

ඒ, ඒ කාලේ. ඒ කාලේ කිව්වම ඒක කෝපි කාලෙ තරම් කොහොමවත් දුර නැහැ. ඊට බොහොම මෙහා කාලේ තමයි අපේ කලාකරුවෝ, කලාකරුවෝ කිව්වට සුවිශේෂව අපේ නිළි තාරකාවන් ඒ විදියට පාඩුවේ හිටියේ.

හැබැයි, වැඩිය හුඟක් වෙනස් සමාජ මාධ්‍ය දිහා මොහොතකට හරි ඇස් ඇරලා බැලුවොත් කාලෙන් කාලෙට කවුරුම හරි නිළියක් මොකකට හෝ වැරැදි කාරණයකට මාට්ටු වෙනවා. එහෙම මාට්ටු වෙන්නෙත් නොදැන හෝ වැරැදීමකිනුත් නෙවෙයි. සියල්ල එයාලා කරන්නේ තම තමන්ට මොනවා හෝ ලාභයක් එන අටියෙන්.

‘ඇත්තටම අහවලා මෙහෙම කෙනෙක්ය කියලා දන්නෙ නැහැ. මගේ නොදැනුවත්කමටයි මේකට සම්බන්ධ වුණේ…’ නමුත් අන්තිමේදී හැමෝම කියන්නේ එහෙමයි.

මෑතකදී රංගන කලාවෙන් වාගේම ජීවිත කලාවෙන්ද ඉතා ශෝචනීය ලෙස සමුගෙන ගිය ජනප්‍රිය තාරකාවක් වු අනූෂා සොනාලි සහ සමන්තා ඈපාසිංහ තම දක්ෂ චරිත නිරූපණයන්හි මතකය රසික සිත් තුළින් බැහැර කොට දැමුවේ සිය ජනප්‍රියත්වය වැරැදි විදියට භාවිතයට ගන්නට ගිය නිසාය. ඔවුන් ගැන මෙලෙස සටහන් කිරීම කනගාටුවක් වුවද මියගියාට පසුව මුහුණු පොත හරහා ඔවුන් දෙපළට අත්වූ ශෝචනීය ඉරණම ගැන දස දහස් ගණන් රසික පිරිස් තම ශෝකය ප්‍රකාශ කොට තිබිණි.එයට පසුව සහ එයට සමගාමීව තව බොහෝ තරු නිළියන් තම තමන්ගේ තත්ත්වයට නිගා දෙමින් හැසිරුණු ආකාරයන් සුළුපටු නැත.

හැඩකාර තරුණ ටෙලි නිළියක් බීමතින් රිය පදවා දෙගොඩහරි ජාමේ පොලිසියට මාට්ටුව තිබුණේ ඇගේ ජනප්‍රියත්වය උණු කැවුම් සේ ටෙලි නිෂ්පාදන හමුවේ අලෙවි වන කාලයකය. එවැනි ඕපාදූප රස කරමින් කියවන බොහෝ රසික පිරිස් මේ ජනප්‍රිය තරුවට ලුණු ඇඹුල් ඇතිව නොහොබිනා වචනද ඇතිව හොඳ පදමට කමෙන්ට් කොට තිබිණි. ශතකය ගන්නකොට දුලිප් මෙන්ඩිස්ලාට ‘හුරේ’ දමන, ‘බින්දුවට අවුට් වෙනකොට’ ‘දුල්ලා ගෝ හෝම්’ කියන රසිකයන් ඉන්නා රටක තරු පන්නයේ නිළියන්ට වෙන්නේද ඒ ටිකමය.

මතකද නුගේගොඩ පැත්තේ සුපිරි සැලෝන් එකකදී ජනප්‍රිය ටෙලි නිළියන් තුන්දෙනෙක් කෙහෙවලු පටලවා ගත්ත අශෝභන සිදුවීම? ඒකටත් තවම මහ ලොකු අතීතයක් නැහැ. මුළු නුගේගොඩ ටවුම පුරාම පැතිර ගිය ඒ සංගදිය සමාජ ජාල පුරා මුදාහැරුණේ හොඳ හොඳ වැකි සමගිනුයි. දහස් ගණන් රසික පිරිස් ඒක බලලා ‘කියලා වැඩක් නෑ ඒක නම් මරු සීන් එක’ යැයි කිව්වට අර නිළි තාරකා තුන් කට්ටුවට නම් ඒ ගැන හාංකවිසියකවත් ගැම්මක් විලි ලැජ්ජාවක් තිබුණේ නැහැ.

ඊයේ පෙරේදා ජනප්‍රිය වූ තරු රෑන්වල ඔය වාගේ සායම හේදිලා යන වංහුං තව කොතෙක් නම් තියෙනවද? ලියනවා නම් පත්තර පිටු ගණන් ලියන්න පුළුවන්. පොලිසිය සමග ගැටුම්, ධනවත් ව්‍යාපාරිකයන් එක්ක ඇතිකර ගන්නා පලහිලව්, දේශපාලකයන්ට මැදිව ඇතිකරගන්නා ගනුදෙනු නිසා ගාගන්නා මඩ ප්‍රහාරයන් කොහොම අමතක කරන්නද? පහුගිය කාලේ ‘මහින්ද සුළඟ’ට මැදිවෙලා ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියෝ දෙන්නෙක් තම තමන්ට හීනියට මඩ ගහගත්තා. 69 ලක්ෂයේ කතිරය මිනිසුන් ලවා ගස්සවන්න අපේ ටෙලි සහ සිනමා නිළියෝ කී දෙනෙක් නම් තම තත්ත්වය පාවා දුන්නාද? ඒ වාගේ ලැජ්ජා නැති මෙහෙවරකට සහභාගි වෙයි කියලා හිතන්න අපහසු යම් අනන්‍යතාවක් ඇති නිළියන් පවා 69 ලක්ෂය වෙනුවෙන් සළුපිළි ඇඳන් ප්‍රසිද්ධ දේශපාලන වේදිකාවලට නැඟලා රාජපක්ෂලාව දිනවන්න කෑගැහුවේ තමන් සම්පූර්ණයෙන්ම නිරුවත් නේද කියන කාරණය නොදැනයි. 1970 ගණන්වලද අපේ නිළි තරු දේශපාලන වේදිකාවලට නැග්ගා. හැබැයි ඒ නැගපු කලාව ඊයේ පෙරේදා තරු නළියෝ වේදිකාවට නැගපු කලාවට වඩා බොහොම වෙනස්. ඒක වැදගත් බලන්න ලස්සනයි. කොයි තරම් ලස්සනදැයි කියනවා නම් විරුද්ධ පක්ෂවල කට්ටියවත් එයාලට පද පලිච්චි කළේ නැහැ.

අද ඒ හැම දේම සීමාව ඉක්මවා ගිහින්. අපේ සුපිරි තරු වැඩිපුරම නිළි තාරකාවෝ යම් සිදුවීම්වලට මැදි වන්නේ හතර අතේ ගාගෙන වරිගේ නහගන්න තාලයටයි. එදා වාගෙම අදත් ඒවායේ අඩුවක් නැහැ.

අලුත්ම කස්තිරම තිළිණි ප්‍රියමාලිගේ කෝටි ගණන් ලංසුවල හුටපටයයි. අතිදක්ෂ ජනප්‍රිය සම්මානනීය නිළි සේමිණී ඉද්දමල්ගොඩගේ නමත් ඒ හුටපටයට ගෑවිලා. ඇයි? තවත් නිළියෝ දෙන්නෙක් එතැන ඉන්නවලු. එයාලගේ නම් හංගලා. ඒ හැංගිල්ලට හේතුව බොහෝ විට ඒ දෙන්නත් සුපිරිම පන්නයේ තරු දෙකක් වෙන්න ඇති. හංගපු කාරණය නම් ටිකක් විතර යමක් හිතන්න ඉඩ තියෙන තරමට සැකයි.

ආරංචි අනුව කියැවෙන්නේ සේමිණී සහ නම හංගපු සුපිරි නිළියන් ලව්වා ප්‍රියමාලි ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන්ව බ්ලැක් මේල් කළාලු. ඒ බ්ලැක් මේල් කිරිල්ලට හේතු වුණේ අනියම් ලෙස සිදුවූ ලිංගික සබඳතාලු. සියල්ල අවසානයේ ප්‍රියමාලි සුපිරි නිළියන් සමග හවුල් වෙලා ප්‍රකෝටිපතියන්ගේ බැංකු ගිණුම් සෑහෙන්න සුද්ධ කරලලු.

තොරතුරුවල ඇත්ත නැත්ත මොකක්දැයි තවම නිල වශයෙන් හෙළි නොවුණත් රහස් පොලිසිය කියන්නේ ප්‍රකෝටිපතියන්ගෙන් බර ගණන් කප්පම් ඉල්ලලා ඔවුන් ත්‍රෙට් කරන සමහර දුරකතන ඇමතුම්වල හඬ පට සේමිණිගේ කියලලු. කොහොම නමුත් සේමිණී තමන්ගේ කටඋත්තරය දෙන්න ඇවිදින් මේ චෝදනා ප්‍රතික්ෂේප කරලා තියෙනවා. අනෙක් තරු දෙක මෙය ලියන විටවත් ඇවිදින් තිබුණේ නැහැ.

සේමිණි ආවේ ඇය මේ පලහිලව්වේදී නිදොස් නිසාද?

ඒක තවම තීරණය කොට නැහැ. කතාවේ හැටියට ඇමතුමෙහි හඬ සේමිණීගේ හඬට සමානයිලු.
සේමිණී මොනවද ඒ ගැන කියන්නේ?

ඇය පවසා සිටින්නේ තමාව මෙයට ඈඳා ගැනීම ලොකු විහිළුවක් බවයි. තමා කිසිවකුව බ්ලැක් මේල් නොකළ බවත්, එහෙම කරන්න කියා තිළිණි ප්‍රියමාලි කිසිම විටෙක තමාට නොකී බවත් සේමිණී තරයේ කියා සිටිනවා. එලෙසම කවමදාවත් තමා තිළිණි ප්‍රියමාලි සමග මුදල් ආයෝජනයක් නොකළ බවත් සේමිණී තවදුරටත් පවසා සිටි බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

සේමිණී නිදහස් වෙයිද?

කොහොමදැයි දන්නේ නැත. ඇතැමුන් කියන්නේ ගින්නක් නැතිව දුමක් නඟින්නේ නැති බවය.
කොහොමවත් වංහුං හරි හැටි නොදැන සේමිණීට මඩ ගැසීම හෝ අසැබි කමෙන්ට් දැමීම වැරැදියි නේද?

ඔව්. ඒ ඇය නිදොස් නම් පමණය. මේ නරක සංගදියට ඇය හවුල් නම් එය වස ලැජ්ජාවකි. පවුල් ජීවිත ගෙවන ටෙලි කලාව තුළ කීර්තිමත් නමක් හදාගත් සේමිණී මෙවැන්නකට හවුල් වීම කොහොමවත් සාධාරණීකරණය කරන්නට බැරිය. නම තවමත් හංගා ඇති කටඋත්තර දීමට ආවේ නැති අනෙක් තරු දෙපළටද කිව යුත්තේ ඒ ටිකමය.

රසික ප්‍රසාදයන් සමග ජීවත් වන ජනප්‍රිය තරු තම නාමයට මෙලෙස මඩ ගාගන්නේ ඇයි?
කාලෙන් කාලෙට මොකක් හෝ එකකට අපේ සුපිරි තරුවක් මෙහෙම පැටලෙන්නේ ඇයි?
තොරතුරුවලට අනුව මේ තරු නිළියන් ප්‍රියමාලි වැනි අම්මණ්ඩියක සමග අයථා මුදල් ගනුදෙනු සිදුකොට ඇත්නම් ඒ ගැන කාට කියන්නද?

මිනිස් සිත්සතන් පිනවීමට දෙවියන් හමුවේ සරස්වතියගෙන් අනුහස ලද කලාකරුවන් මෙලෙස මඩ නාගැනීම අතිශයින්ම කනගාටුවට කරුණකි.

අන්තිමේදී කිව යුත්තේ අනේ අපේ සුපිරි තාරකාවන් අවසානයේ තිළිණි ප්‍රියමාලිගේ අඩව්වටද මැදිවූවා කියාය.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ඡන්දෙන් පැරදුණු ඒත් රටේ තීන්දු තීරණ ගන්න ජනාධිපති වටේ ඉන්න සෙට් එක ගැන මරික්කාර් පාර්ලිමේන්තුවේදී එළියට දායි! (VIDEO)

Next Post

ත්‍රස්ත පනත යටතේ හිරකරපු වසන්තගෙන් ගිය දවස් 81ටම ප්‍රශ්න කරලා තියෙන්නේ දින 3යි! තවත් දින 90ක් වසන්තව තියාගන්නයි ආණ්ඩුව ලෑස්ති වෙන්නේ! අහන ප්‍රශ්න 5ත් එළියට එයි! (VIDEO)

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.