www.mawratanews.lk අප පුවත් වෙබ් අඩවිය ඉකුත් ඔක්තෝබර් මාසයේ දින 31 ඇතුළත ලක්ෂ 22කට අධික පාඨක පිවිසුම් ප්‍රමාණයක් ලබමනි නව වාර්තාවක් තැබීමට සමත් විය.
වසර 3ක් වැනි ඉතා කෙටි කාලයක් ඇතුළත වෙබ් අඩවිය මෙම සුවිශේෂ කඩඉම පසුකිරීම විශේෂ සිදුවීමකි.
ජාත්‍යන්තර මට්ටමේ වෙබ් අඩවි නියාමනය කරන වෙබ් අඩවි සියල්ලම පාහේ මේ බව තහවුරු කොට ඇත.
ඒ අනුව ලංකාවේ ප්‍රවෘත්ති වෙබ් අඩවි ගත් විට දින 31ක් තුළ මිලියන 2 ඉක්මවා ගිය පාඨක සංඛ්‍යාවක් පිවිසි පළමු වෙබ් අඩවිය www.mawratanews.lk වේ.
එමෙන්ම මේ වනවිට මව්රට e පුවත්පතද සතියකට පාඨකයන් මිලියනය ඉක්මවා බලන ලංකාවේ එකම e පුවත්පත බවට පත්ව තිබේ.
ඉතා කෙටි කාලයක් ඇතුළත ඩිජිටල් ක්ෂේත්‍රයේ මෙතරම් ඉහළට ඔසවා තැබූ සියලුම පාඨකයන්ට අපගේ ස්තූතිය සහ ප්‍රණාමය පුදකර සිටිමු.












