ගුරුවරියන්ගේ ඇදුම පිළිබදව තීරණ ගත යුත්තේ ගුරුවරියන් මිස භික්ෂූන් වහන්සේලා නොවන බව ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා කීය.
ගුරුවරියන්ට පහසු ඇදුමකින් පාසල් පැමිණීමට ඉඩ දිය යුතු බවට ස්ටාලින් මහතා කළ ප්‍රකාශයට භික්ෂූන් වහන්සේලා ලබා දී තිබූ පිළිතුරට ප්‍රතිචාර දක්වමින් හෙතෙම මේ බව සදහන් කර සිටියේය.








