• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එපා එපා වෙනස් කරන්නට ගුරුවරියන්ගේ සාරිය!

November 3, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
එපා එපා වෙනස් කරන්නට ගුරුවරියන්ගේ සාරිය!
Share on WhatsAppShare on Facebook

ගුරුවරියන්ටත් සුදුසු පහසු ඇඳුමක් ඇඳීමට අවස්ථාව ලබාදෙන ලෙස පසුගිය දා ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කර තිබූ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ගරුතර මහාසංඝරත්නය මාධ්‍ය වෙත පළ කරන ලද අදහස් දැක්වීම් කිහිපයකි.

නුගේගොඩ නාලාන්දාරාමාධිපති පූජ්‍ය තීනියාවල පාලිත හිමියන්

නුගේගොඩ නාලාන්දාරාමාධිපති පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් පෙන්වා දුන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් 2022.09.27 දින නිකුත් කළ චක්‍රලේඛනය කිසි සේත් ම ගුරුවරුන්ට අදාළ නොවන බවත් මෙරට චිරකාලීන බෞද්ධ සංස්කෘතික උරුමය තුළ භික්ෂුන් වහන්සේ, හමුදා නිලධාරීන්, පාසල් ගුරුවරුන්, සිසුසිසුවියන් ආදී සෑම ක්ෂේත්‍රයක ම පිරිස්වලට ස්වකීය අනන්‍යතාව විදහාපාන නිල ඇඳුමක් පවතින බවත්, විවිධ පාර්ශ්වවල අභිමතය පරිදි එය වෙනස් කළ නොහැකි බවත් ය.

බයිබලයේ පරණ තෙස්තමේන්තුවේ පවා කාන්තා ඇඳුම් කාන්තාවන්ටත් පිරිමි ඇදුම් පිරිමින්ටත් මාරු නොකර භාවිත කළ යුතු බව පැහැදිලි ව කියා ඇති බවත් මේ සියලු ඇඳුම්වලින් පෙන්වා දී ඇති මෙරටට ආවේණික ඇඳුම් පැළදුම්, සිරිත්විරිත් නොතකා හැරීම ඉතා ව්‍යසනකාරී විය හැකි බවත් උන් වහන්සේ අවධාරණය කළ අතර අධ්‍යාපන අමාත්‍යතුමන් හා ලේකම්තුමාගේ අවධානය ද මේ කෙරෙහි යොමු කළහ.

කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති රාජකීය පණ්ඩිත දර්ශනපති පූජ්‍ය වතුරවිල සිරි සුජාත හිමියන්

ඇහැට පෙනෙන දේවල් වේගයෙන් ආකර්ෂණය කරගැනීම වගේ ම තමන්ට හමු වන ආදර්ශවත් චරිත අනුගමනයට පෙළඹීම දරුවන්ගේ ස්වභාවය බැවින්, පාසල් පද්ධතිය තුළ දරුවාට සමීපතම චරිතය වන පන්තිභාර ගුරුවරයා හෝ ගුරුවරිය අනුගමනයට දරුවන් නිරායාසයෙන් ම යොමු වන නිසා මාර්ගෝපදේශකයන් බඳු ගුරුවරුන් ඉතා ප්‍රවේසම් සහගත හැසිරීමක් ගුරු භූමිකාව තුළ ප්‍රදර්ශනය කළ යුතු බව කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති රාජකීය පණ්ඩිත දර්ශනපති පූජ්‍ය වතුරවිල සිරි සුජාත හිමියෝ ප්‍රකාශ කළහ. ලංකා ගුරු සංගමයේ ජෝශප් ස්ටාලින් මහතා ගුරුවරියන්ට පහසු සුදුසු ඇඳුමකින් පාසල් පැමිණීමට ඉඩ දෙන ලෙස කළ ඉල්ලීමට එකඟ වුවහොත් විවිධ විලාසිතාවන්ගෙන් සැරසි පාසල් පැමිණෙන ගුරුවර ගුරුවරියන් වෙතින් දරුවන්ට සිය ආදර්ශවත් ගුරු චරිතය දැකිය නොහැකි වන බවත්, විවිධ දෙස් විදෙස් බලපෑම් මත ගෙනෙනු ලබන මෙවැනි අවිචාරවත් අමනෝඥ තීරණ  පිටු දැකිය යුතු බවත් මෙය සිංහල බෞද්ධ රටක් බව ස්ටාලින් මහතා දැනගතයුතු බවත් ඒ හිමියෝ තරයේ ප්‍රකාශ කළහ.

සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය අග්ගමහා පණ්ඩිත සාහිත්‍යසූරී කොළඹ සබරගමු දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කඹුරුගමුවේ වජිර හිමි

ගුරු සේවය යනු වෘත්තීය මට්ටමෙන් එහා ගිය සුවිශේෂී වූ සේවාවක් බවත්, බුදු දහමින් පෝෂිත දීර්ඝ ඉතිහාසයක් හිමි මෙරට සංස්කෘතිය තුළ ගුරුවරුන් දෙවිවරුන් ලෙස බුහුමනට ලක්වන බවත්, තමන්ට රිසි ඇඳුමක් අඳින ලෙස භික්ෂූන් වහන්සේලාට පැවසිය නොහැකි සේ ගුරුවරුන්ට ද තමන් රිසි ඇඳුමක් ඇඳ පාසල් පැමිණෙන ලෙස පැවසිය නොහැකි බවත් සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය අග්ගමහා පණ්ඩිත සාහිත්‍යසූරී කොළඹ සබරගමු දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කඹුරුගමුවේ වජිර හිමියෝ පැවසූහ. වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ හිමියන් ප්‍රකාශ කළේ පක්ෂග්‍රාහි අවස්ථාවාදී වෘත්තීය සංගම් අද මේ දෙවිවරුන් බඳු ගුරුවරුන් පාරවල් පුරා ඇවිද්දවමින් රස්තියාදු කරවන බවයි.

SendShareShare
Previous Post

කෙහෙළියගේ නඩුවකට අධිකරණයෙන් දින නියම කරයි!

Next Post

අලව්ව ප්‍රාදේශීය සභාවේ අයවැය ආණ්ඩුව පරදී!

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.