• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රහත් වුණා කියන හාමුදුරුවන්ගේ මරු කතා උසාවියේදී එළියට එයි! තිලිණි ප්‍රියමාලි එවපු SMS බලලා තිළිණි ළඟ සල්ලි දමන ලෙස ව්‍යාපාරිකයන්ට ආරූඪයෙන් පේන කියලා!

November 3, 2022
in Exclusive
Reading Time: 7 mins read
A A
රහත් කියලා කියාගත්තු සිරිසුමන හාමුදුරුවෝ තිලිණි එක්ක කරපු සියල්ල CIDයේදී එළියට එයි! තිළිණිගේ ‘රත්තරන් පොලු’ තිබිලා තියෙන්නේ පන්සලේ රහස් කුටියක! තිළිණිගෙ නිළියො එක්කත් හාමුදුරුවො ළඟින්ම වැඩ කරලා! හාමුදුරුවො ව්‍යාපාරිකයන්ට තිළිණි ගැන චරිත සහතිකත් දීලා!
Share on WhatsAppShare on Facebook

තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලි නමැත්තිය විසින් ව්‍යාපාරිකයකුට රුපියල් මිලියන 750ක් වංචා කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බොරැල්ලේ සිරිසුමන හිමියන් ආරූඪයක් එන බව පවසමින් ව්‍යාපාරිකයන් සතු මුදල් මේ සමාගමේ ආයෝජනය කරන ලෙස පවසා ඇතැයි කොටුව මහේස්ත්‍රාත් තිළිණි ගමගේ මහතා හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (02) පැවසීය.

සැකකාර හිමි නම ඊයේ (02) මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව පැවසූ අතර, සැකකාර හිමිනම සහ තිළිණි ප්‍රියමාලි, ඇයගේ පෙම්වතා ඉසුරු බණ්ඩාර සහ තිකෝ කන්ස්ට්‍රක්ෂන් ආයතනයේ අධ්‍යක්ෂවරයකු වන කසුන් පෙරේරා යන අයද නොවැම්බර් 16 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළේය. තිළිණි ප්‍රියමාලිට එරෙහිව නඩු පහක්, ඇයගේ පෙම්වතා ඉසුරු බණ්ඩාරට එරෙහිව නඩු තුනක්, බොරැල්ලේ සිරිසුමන හිමියන්ට එරෙහිව නඩු දෙකක් සහ තිකෝ කන්ස්ට්‍රක්ෂන්හි අධ්‍යක්ෂවරයකු වන විජේසූරිය ආරච්චිගේ කසුන් පෙරේරා යන අයවළුන්ට එරෙහිව නඩුවක්ද ලෙස නඩු 11ක් ඊයේ දින විවෘත අධිකරණයේ කැඳවිණි. උන්වහන්සේ මේ සිද්ධියට අදාළව මැදිහත් වූයේ කෙසේ දැයි මෙහිදී මහේස්ත්‍රාත්වරයා විමසා සිටි අවස්ථාවේදි පොලිසිය පැවසුවේ මේ මුදල් ලබා ගන්නා අවස්ථාවල හිමි නම විසින් ආරූඩයක් එන බව පවසමින් ව්‍යාපාරිකයන් සතු මුදල් මේ සමාගමේ ආයෝජනය කරන ලෙස පවසා ඇති බවයි. තිළිණි ප්‍රියමාලි සහ බොරැල්ලේ සිරිසුමන හිමියන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ව්‍යාපාරික ඩී.එන්.ඒ. සමරසේකර යන අය ගොනු කළ පැමිණිල්ලකට අදාළව රුපියල් මිලියන 43ක් වංචා කිරීමකට අදාළව නඩුවක්ද විවෘත අධිකරණයේ කැඳවිණි.

උන්වහන්සේට එම ආරූඩය පැමිණෙන අවස්ථාවේදි තිළිණි ප්‍රියමාලි විසින් හිමි නමට කෙටි පණිවිඩ එවා ඇති බව විමර්ශනවලින් අනාවරණය වන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත්වරයා හමුවේ මෙහිදී පැවසීය.

මේ හිමි නම තිළිණි ප්‍රියමාලිට මුදල් දෙන ලෙස විවිධ ව්‍යාපාරිකයන් පෙලඹවීම් කර ඇති බවත් ආශිර්වාද පමණක් නොව පේන කියන ආකාරයෙන් ආශිර්වාද පූජාවන් කරමින් මෙතැන ආයෝජනය කරන්න මෙතැන හොඳයි කියමින් ව්‍යාපාරිකයන් උනන්දු කරවා ඇති බවත් විමර්ශනවලින් අනාවරණය වූ බවද පොලිසිය කරුණු දක්වමින් පැවසීය.

ව්‍යාපාරිකයන්ට ආශිර්වාද කිරීමට පැමිණෙන ලෙස එන්න කියා අලුත් ව්‍යාපාරයක් ලෙස මෙය කරගෙන ගොස් ඇති බවටත් මුදල්වලටත් ආශිර්වාද කර ඇති බවටත් අනාවරණය වූ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කීවේය.

මෙහිදී නීතිඥ දසුන් නාගස්හේන මහතා පැවසුවේ ස්වාමීන් වහන්සේ අවුරුදු 18දී වකුගඩුවක් පවා දන් දුන් අයකු බවයි. ඕනෑම කටයුත්තකදී ආශිර්වාද කරන බවත් කීවේය.

මහේස්ත්‍රාත්වරයා,

මුදල් දීමට පෙලඹවීමක් කර ඇති බව බී වාර්තාවේ සඳහන් වෙනවා.

නීතිඥවරයා,

බුදුහාමුදුරුවන්ටත් ඌරුමස් දුන් බවටත් පැවසෙනවා.

මහේස්ත්‍රාත්වරයා,

ආගම්වලට අදාළව කතා කිරීමෙන් වළකින්න.

බන්ධනාගාරගතව සිටියදී ජංගම දුරකතන භාවිත කරමින් සාක්ෂි වසන් කිරීම, මුදල් දුන් අයට තර්ජනය කිරීම ඇතුළු කරුණු හේතුවෙන් සැකකරුවන්ට ඇප දිය නොහැකි බවද මහේස්ත්‍රාත්වරයා කීවේය.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් තිළිණි ප්‍රියමාලිගේ පෙම්වතාගේ මව භාරයේ තිබූ මුදල් රුපියල් ලක්ෂ 150ක මුදල් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය භාරයට ගත් මුදල් අධිකරණයේ තැන්පත් කිරීමට අවසර දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එමෙන්ම ඔහුට අදාළව පෞද්ගලික බැංකු ගිණුම් දෙකක ඇති ලක්ෂ 70ක් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගේ ගිණුම් පරීක්ෂා කිරීමට අධිකරණයෙන් කළ ඉල්ලීමට අවසර ලැබිණි. මෙහිදී කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙසේද කරුණු දැක්වීය.

ස්වාමීනි,

මහ බැංකුව මඟින් විදෙස් මුදල් සම්බන්ධයෙන් විමර්ශනයක් කරනවා. අබ්දුල් කමල් හසන් නමැති ව්‍යාපාරික පැමිණිලිකරු විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලට අදාළව තිළිණි ප්‍රියමාලිගේ පෙම්වතා වන ඉසුරු බණ්ඩාරගේ පිළිමතලාවේ නිවෙස පරීක්ෂා කරනු ලැබුවා. එහි තිබූ පවුම් 40ක රන් සහ රුපියල් ලක්ෂ 30ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගනු ලැබුවා. එම රන් පරීක්ෂා කිරීමට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා සිටිනවා. මෙහි මූලික විමර්ශන අවසන් නැහැ.

තිළිණි ප්‍රියමාලි වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කසුන් නාගස්හේන මහතා,

ස්වාමීනි, මගේ සේවාදායිකාවට මාධ්‍ය විසින් වරින් වර පළ කරන පුවත්වලින් විශාල අගතියක් වී තිබෙනවා. මාධ්‍ය ආචාර ධර්ම කඩ කරමින් පළ කරන ලද පුවත් සම්බන්ධයෙන් අධිකරණයේ අවධානය යොමු කර සිටිනවා. එමෙන්ම පවතින නඩුවක් සම්බන්ධයෙන් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක් සම්බන්ධයෙන්ද ඔබතුමාගේ අවධානය යොමු කර සිටිනවා.

මහේස්ත්‍රාත්වරයා,

වෘත්තීය ආචාර ධර්මවලට කරුණු දැක්වීමට සුදුසු තැන මෙතෙන නෙමෙයි. මාධ්‍ය ආචාර ධර්ම කඩ කිරීම් සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරීමටත් අධිකරණ බලයක් නැහැ. අධිකරණ නියෝග නොතකා විවෘත අධිකරණයට ඒවා පටිගත කිරීමට අදාළ භාණ්ඩ රැගෙන ඒමෙන් වළකින්න. ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට අධිකරණ සැරයන්වරයාට නියෝග කරනවා.

නීතිඥ කසුන් නාගස්හේන මහතා,

විමර්ශනයට මගේ සේවාදායිකාව බාධා කර නැහැ. සාක්ෂි වසන් කර නැහැ. බන්ධනාගාරය තුළ සිටියදීත් ප්‍රකාශ දී තිබෙනවා ස්වාමිනි. ඇය ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටිනවා.

මහේස්ත්‍රාත්වරයා,

බන්ධනාගාරය තුළ සිටියදී අවස්ථා තුනකදී ඇය භාරයේ තිබී ජංගම දුරකතන තුනක් සොයා ගෙන තිබෙනවා. ඒවායින් විමර්ශනයට බාධාවක් වන්නේ නැද්ද?. තර්ජනය කර ඇති බවට සාක්ෂි සඟවන බවට පැමිණිලි ලැබී තිබෙනවා.

නීතිඥවරයා,

ඇය සොයා ගත් ජංගම දුරකතනයක් සම්බන්ධයෙන් නිවැරදිකරු බවට ප්‍රකාශ කර තිබෙනවා. දෙවැනි සැකකාර ඉසුරු බණ්ඩාර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් කෝන්ගහගේ මහතා, ස්වාමීනි මගේ සේවාදායකයාගේ මව භාරයේ තිබී මුදල් භාරයට ගෙන තිබෙනවා. ඔහුගේ පියා වැදගත් මව්පිය දෙපළක්. පියා සීමන්වරයෙක්. මව ගුරුවරියක් ලෙස සේවය කළා. ප්‍රේම සම්බන්ධතාවක් අපරාධමය යුක්තිය යටතට ගැනෙන්නේ නැහැ. රත්රන් ගෙනිහින් පරීක්ෂා කර බැලුවා. ඒවා රන් නොවන බවට සහතිකයක් පවා දුන්නා. මගේ සේවාදායකයාගේ ප්‍රකාශය දී මිනිත්තු ගණනකින් මාධ්‍යවල 6.30 පුවත්වල විකාශය වුණා. කවුද මේවා දෙන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තරයේ ප්‍රතික්ෂේප කරනවා ස්වාමිනී. පැමිණිලිකාර කමල් හසන්ව හඳුන්වා දෙන්නේ දෙවැනි සැකකරුයි. ඔහු තිළිණි ප්‍රියමාලි ඔහුගේ භාර්යාව ලෙස හඳුන්වා දෙනවා.

නීතිඥවරයා,

ජානකී සිරිවර්ධන කියන කෙනා ගැන ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කතා කළා. ඒ කතාවේ අනෙක් පැත්ත කතා කළේ නැහැ. ජානකී සිරිවර්ධන තමයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ ගඩාෆි ජනාධිපතිවරයාගෙන් ඩොලර් මිලියන 500ක් ගේන්න සජින් ද වාස් ගුණවර්ධන සමඟ යැව්වේ. මේ හැම සිද්ධියකම කතා වහලායි කියන්නේ.

තුන්වැනි සැකකාර විජේසූරිය ආරච්චිගේ කසුන් පෙරේරා සම්බන්ධයෙන් නීතිඥ ප්‍රේමතිලක මහතා ඇප ඉල්ලීමක් කළේය.

සියලු කරුණුවලට සවන් දුන් මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 16 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය. -දිනමිණ

SendShareShare
Previous Post

ජාතිවාදය-ග්‍රෝත්‍රවාදය අවුළුවමින් මිනිස්සු දස ලක්ෂයක් මරා දමන්න හවුල් වූ මාධ්‍ය ආයතන දෙකක් ගැන අහලා තියෙනවාද?

Next Post

මරදානේ මොකද වුණේ! සජිත් තියපු ෆේස්බුක් සටහන මෙන්න!

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.