ආණ්ඩුව මැතිවරණ නීතිරීති වෙනස් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙසට කතානායකවරයා වෙත ලිපියක් යොමු කොට ඇති බවත්, 2012 සිට අද දක්වා දිනේෂ් ගුණවර්ධන මහතා මැතිවරණ නීති වෙනස් කරන කමිටුවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.
ආණ්ඩුව මේ සැරසෙන්නේ සිල්ලර කතා කියා මැතිවරණ කල්දැමීමට බව ඒ මහතා පෙන්වා දුන්නේය.
එය කළ නොහැකි බවත්, මාර්තු 20ට පෙර පළාක්පාලන මැතිවරණය පැවැත්විය යුතු බවත් කී ඒ මහතා මැතිවරණ කොමිසමද දැන් එම කටයුතු ආරම්භ කළ යුතුව ඇති බව කීය.










