චීන මුදල් අමාත්‍ය ලියු කුන් මහතා එම තනතුරින් ඉවත් කිරීමට පසුගියදා තුන්වන වරටත් චීන ජනාධිපතිවරයා වශයෙන් තෝරා ගැණුනු ෂී ජින් පින්ග් මහතා පියවර ගෙන ඇත.
පසුගියද සියඹලාණ්ඩුවේ ගොවි ජනතාව සමග පැවැති සාකච්ජාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කර සිටියේ තමන් චීන මුදල් ඇමැති ලියු කුන් මහතා සමග දුරකතන සාකච්ජාවක් පැවැත්වූ වූ බවත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ඒ මහතා ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වූ බවත්ය.










