යාල වනෝද්‍යානය තුළ නීති විරෝධී ලෙස හැසිරුණ පුද්ගලයන් අතර තම පුතාද සිටින බවට වාර්තා වන තොරතුරු අසත්‍ය බව අමාත්‍ය මහින්ද අමරවිර පවසනවා.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා. එම සිදුවිම සිදුවන දිනයේදී තම පුතා නිවසේ සිට අධ්‍යයන කටයුතු හදාරා ඇති බවත් ඒ පිළිබදව තමන් විමසීම්වලදි තහවුුරු වූ බවත් අමාත්‍යවරයා පැවසුවා.
“මගේ පුතා යාලට තියා ගාල්ලටවත් ගිහින් නෑ. ඒ වෙලාවේ අධ්‍යන කටයුතුවල තමයි පුතා ඉදලා තියෙන්නේ. මම නැති කාලයේදී ඔහු ගිහින් තියෙන එකම ගමන මතුගම ඥාති නිවසකට. කොළඹින් පිට දවස් 10 දහයකදී විතර ඔහු ගිහින් තියෙන්නේ මතුගමට විතරයි ” යැයි මහින්ද අමරවිර අමාත්‍යවරයා කියා සිටිනවා.










