ත්‍රස්ත පනත යටතේ අත්අඩංගුවට ගෙන රදවා තබාගෙන සිටින ගල්වැව සිරිධම්ම හිමියන් මේ වනවිට අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව උදේනිගම හිමියෝ සදහන් කර සිටිති.
අද දින මාධ්‍ය හමුවක් පවත්වමින් උන්වහන්සේ කියා සිටියේ උණ රෝගී තත්ත්වයෙන් උන්වහන්සේ පෙළෙන බවත්, මෙතෙක් උන්වහන්සේට නිසි අයුරින් ඖෂධ ලබා දී නොමැති බවත්ය.
මීට පෙර සිරිධම්ම හිමියන්ගේ සොහොයුරියද කියා සිටියේ උන්වහන්සේ අසනීප තත්වයෙන් පසුවන බවකි.










