• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොඩ්ඩො එක්ක ඔට්ටු වෙලා මට්ටු වෙච්ච ලොක්කො…

October 25, 2022
in Exclusive, Sports
Reading Time: 3 mins read
A A
පොඩ්ඩො එක්ක ඔට්ටු වෙලා මට්ටු වෙච්ච ලොක්කො…
Share on WhatsAppShare on Facebook

මේ ලිපිය ලියන මොහොත වෙනකොට ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානයේ ජය මාවතට ඇවිල්ලා. මේ මොහොත වෙනකොට අපි නින්දාසහගත දෙවැනි වටයෙන් මිදිලා පළමු වටයේ සාමාජිකයෝ වෙලා ඉවරයි. එතකොට පරාජයේ අවමානයෙන් අපට මිදෙන්න පුළුවන්ද? ඒක ගැන අපි කතා කරන්න හිතුවා. ක්‍රීඩාවේදී විතරක් නෙවෙයි ඕනෑම තැනකදී අපි සලකන්නේ පරාජය අවමානයක් විදියට. ඒත් ලෝකයේ පරාජය සලකන්නේ ජයග්‍රහණයක් විදියට. ඔය මොනව කිව්වත් නැමීබියාව වගේ කණ්ඩායමකට අපි පරාජය වෙන එක හරිද? එතැන ප්‍රශ්නයක් තියෙනවා. අපි මීට කලින් කෙන්යාවටත් පැරැදිලා තියෙනවා. ඒ අපේ සනත් ජයසූරිය, අරවින්ද ද සිල්වා හිටපු ප්‍රබලතම කණ්ඩායම. ලෝක කුසලාන ජයග්‍රාහකයන් බවට පත්වෙච්ච ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ඒ වෙනකොටත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් හිටියා. එදා කෙන්යාවට පැරැදුණු අපි අවසාන මහා තරගයටත් සුදුසුකම් ලබන්න තරම් සාර්ථක වුණු බව අපි දැක්කා පහුගිය දවසක සනත් කියලා තිබුණා. ඒත් ටී-20 කියලා කියන්නේ ක්‍රිකට්වල වෙනස් හැඩයක්. නැමීබියා කණ්ඩායම ලකුණු 55කින් ශ්‍රී ලංකාව පරාජය කිරීම ලෝක ක්‍රිකට් ඉතිහාසයේ අපූරු සැමරුමක් බවට පත්වේවි. නැමීබියා කණ්ඩායම ලකුණු 163ක්, කඩුලු 7කට ලබාගනිද්දී පන්දු වාර 20ක් තුළ, අපේ ජාතික කණ්ඩායමට ලබාගන්න පුළුවන් වුණේ කඩුළු 10ක් දැවිලා ලකුණු 108ක් විතරයි. පන්දු වාර 19ක් ඇතුළත අපේ සියලු ක්‍රීඩකයන් දවාගන්න නැමීබියානු කණ්ඩායම සමත් වුණා. ඇත්තටම නැමීබියානු කණ්ඩායම කියලා කියන්නේ ක්‍රිකට් ලෝකයේ ඉන්න පොඩ්ඩෝ. හැබැයි දැන් ඉස්සර වගේ නෙවෙයි. ක්‍රිකට් ලෝකෙ පොඩ්ඩෝ ලොක්කෝ කියලා අය නෑ. නැමීබියා ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් දකුණු අප්‍රිකාව තුළ ක්‍රීඩා සමාජ ක්‍රිකට් තරගවලට සහභාගි වෙන ක්‍රීඩකයන්. ඒ වගේම ඔවුන් පහුගිය දකුණු අප්‍රිකානු ටී-20 තරගාවලිය ඇතුළෙදීත් විශේෂ දස්කම් දක්වපු අය. ඔවුන්ට ජාත්‍යන්තර තරග අත්දැකීම් තියෙනවා වගේම ජාත්‍යන්තර ක්‍රීඩකයන් සමග ක්‍රීඩා කිරීමේ අවස්ථාත් ඔවුන්ට ලැබිලා තියෙනවා. කොහොම නමුත් ටී-20 තරගයක නොසිතූ පරාජයන් හරිම සාමාන්‍යයි කියලා කියන්නයි අපි මේ ලිපිය ලිව්වේ.

නැමීබියාවට ශ්‍රී ලංකාව පරදිනවා වගේම බටහිර ඉන්දීය කොදෙව්වනුත් මේ තරගාවලියේදීම නොසිතූ පරාජයකට මුහුණ දෙනවා. ඒ, ස්කොට්ලන්තය හමුවේ. ස්කොට්ටලන්තය ලකුණු 160ක් ලබාගනිද්දී කඩුලු 5කට, බටහිර ඉන්දීය කොදෙව්වන්ට පුළුවන් වුණේ ලකුණු 118ක් පමණක් ලබාගන්න. ඔවුනුත් පන්දු වාර 18යි පන්දු 3කදී සියලු දෙනා දැවී ගියා. ලකුණු 42ක ජයග්‍රහණයක් ස්කොට්ලන්තයට ලැබුණා. ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ටී-20 ලෝක කුසලාන ලබාගත්ත කණ්ඩායම තමයි බටහිර ඉන්දීය කොදෙව්වෝ කියලා කියන්නේ. ලෝකය පුරා ක්‍රිකට් ක්‍රීඩා කරන ක්‍රීඩකයන් වැඩිම ප්‍රමාණයක් ඉන්නේ කොදෙව්වන්ට අයිති වෙලා. ඒත් ඒ කොදෙව් ක්‍රීඩකයන්ගෙන් වැඩි දෙනෙක් මේ කණ්ඩායමේ දකින්න ලැබුණේ නෑ. ඔවුන්ගෙ ඉන්න ප්‍රබලතම ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ම මේ තරගාවලියට සහභාගි වෙන්නේ නෑ. විශේෂයෙන්ම හෙට්මයර් වගේ ක්‍රීඩකයෙක් නොමැතිවයි ඔවුන් මෙවර තරගාවලියට එන්නේ. ඒ වගේම ඔවුන්ට හිටපු ප්‍රබලතම තුන් ඉරියව් ක්‍රීඩකයෙක් මේ තරගාවලියෙදී ඔවුන්ට අහිවි වෙලා තියෙනවා. ඒ තමයි ඇන්ඩි රසල්. හැබැයි ඒවා නිදහසට කාරණා නෙවෙයි. බටහිර ඉන්දීය කොදෙව්වන්ගෙ මේ පරාජයත් ක්‍රිකට් ලෝකයේ සැමරුම්සහගත පරාජයක් බවට පත්වෙනවා.

මේ විදියේ පරාජයන් 20/20 ඉතිහාසයේ බොහෝ විට සිදුවෙලා තියෙනවා. ඒකට හේතුව 20/20 කියලා කියන්නේ පන්දු වාර 20ක් ඇතුළත සියල්ල විසඳෙන තරගයක්. තරගාවලියේ එක ක්‍රීඩකයෙක්ට පුළුවන් සම්පූර්ණ තරගයම උඩු යටිකුරු කරන්න. බොහෝ විට ලකුණු 30ක, 25ක එක පන්දු වාරයක් තරගයේ ලොකු වෙනසක් සිදුකරන පන්දු වාරයක් බවට පත්වේවි. ඒක තමයි මේ ක්‍රිකට් ක්‍රීඩාවේ තියෙන සුවිශේෂ බව. පන්දු වාර 50, නැත්නම් ටෙස්ට් තරගවල තියෙන ක්‍රිකට්මය ජීව ගුණය ටී-20 තරගවල නෑ කියලා බොහෝ දෙනෙක් චෝදනා කරන්නේ ඒකයි. ඉතිහාසය දිහා බැලුවොත් 2007 ටී-20 ලෝක කුසලානයේදී සිම්බාබ්වේ කණ්ඩායම ඔස්ටේ්‍රලියානු කණ්ඩායම පරාජය කරන්න සමත් වෙනවා. ඒ, කඩුලු 5කින්. ඔස්ටේ්‍රලියානු කණ්ඩායමට ලබාගන්න පුළුවන් වෙන්නේ ලකුණු 138ක් විතරයි කඩුලු 9ක් දැවී. බ්‍රැඩ් හොජ්ගෙ ලකුණු 25 විතරයි ඔස්ටේ්‍රලියානු ඉනිමේ ඉහළින් සඳහන් වුණු ලකුණු සංඛ්‍යාව බවට පත්වෙන්නේ. මේ ඉලක්කය හඹා ගිය බ්‍රෙන්ඩන් ටේලර්ගේ මූලිකත්වය ගත්තු සිම්බාබ්වේ කණ්ඩායම පන්දු වාර 19යි පන්දු 5කදී, එක පන්දුවක් සහ කඩුලු 5ක් ඉතිරිව තිබෙද්දී මේ තරගය ජයග්‍රහණය කරනවා. මේක සිම්බාබ්වේ ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රිකට් විකසිත වූ අවස්ථාවක් විදියට සලකන්න පුළුවන්. අලුත් සිම්බාබ්වේ කණ්ඩායම මේ වගේ ජයග්‍රහණ ලබන කණ්ඩායමක් නොවන නිසා, සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 5කින් මේ තරගය ජයග්‍රහණය කරමින් ඔස්ටේ්‍රලියානු කණ්ඩායමට අමිහිරි පරාජයක් අත්කර දෙනවා.

ඒ වගේම නෙදර්ලන්තය විසින් එංගලන්තය පරාජය කරනවා 2014 ටී-20 ලෝක කුසලානයේදී. නෙදර්ලන්ත කණ්ඩායම පන්දු වාර 20 අවසානයේදී ලකුණු 133ක් ලබාගන්නවා කඩුලු 5ක් දැවී. මෙය ජයග්‍රහණය සඳහා සුදුසු ලකුණු ප්‍රමාණයක් නොවන බවයි විස්තර විචාරකයන් ප්‍රකාශ කරන්නේ. ඒකට හේතුව ඉතා ප්‍රබල එංගලන්ත කණ්ඩායමට මේ ජයග්‍රහණය ලබන්න පන්දු වාර 15ක්වත් වැය වෙන එකක් නෑ කියලා හිතාගෙන හිටියට පන්දු වාර 17යි පන්දු 4ක් පමණයි ඔවුන්ට ක්‍රීඩා කරන්න ලැබෙන්නේ. හැබැයි මේ පන්දු වාර 17යි පන්දු 4 ඇතුළේ එංගලන්ත කණ්ඩායමට අඩුම තරමේ ලකුණු 100ක්වත් ලබාගන්න පුළුවන් වෙන්නේ නෑ. ඔවුන් ලකුණු 88කට සියලු දෙනා දැවී යනවා එංගලන්ත ක්‍රීඩකයෝ. නෙදර්ලන්ත කණ්ඩායමට ලකුණු 45ක ඓතිහාසික ජයග්‍රහණයක් ලැබෙනවා 2014 ලෝක කුසලානයේදී.

2016 ලෝක කුසලානය වෙනකොට ඇෆ්ගනිස්තානය හිටියේ ඉතා පුංචි කණ්ඩායමක් විදියට. අද ඇෆ්ගනිස්තානය ඉතා ප්‍රබල ජාත්‍යන්තර අත්දැකීම් සහිත කණ්ඩායමක් වුණත්, එදා ඔවුන්ව කවුරුත් ගණන් ගත්තේ නෑ. බටහිර ඉන්දීය කොදෙව්වෝ කියලා කියන්නේ පතාක යෝධයෝ කියලයි එදා අපට දකින්න ලැබුණේ. ක්‍රිස් ගේල් වගේ ක්‍රීඩකයෝ එදා කණ්ඩායම නියෝජනය කළා. ඔවුන් තරග උඩු යටිකුරු කරන, පිට්ටනි පෙරළන ක්‍රීඩකයෝ. ඒත් දැවැන්තයන් පරාජය කරන්න ඇෆ්ගනිස්තානයට 2016 ලෝක කුසලානයේදී පුළුවන් වෙනවා. ඔවුන් ලකුණු 123ක්, කඩුලු 7කට ලබාගෙන පන්දු වාර 20 නිමා කරන අතරේ, බටහිර ඉන්දීය කොදෙව්වන්ට පන්දු වාර 20 ඇතුළේ ලබාගන්න පුළුවන් වුණේ ලකුණු 117ක් විතරයි. එක හයේ පහරක් මෑතින් ඉඳලා තරගය නිමා වෙනකොට අවසාන ප්‍රතිඵලය සටහන් වෙන්නේ ඇෆ්ගනිස්තානයට ලකුණු 6ක ජයග්‍රහණයක් විදියට.

2007 වෙනකොට බංග්ලාදේශය හිටියේ මේ වගේ පුංචි කණ්ඩායමක් මට්ටමේ. දැවැන්ත ජාත්‍යන්තර ක්‍රීඩකයෝ පිටිය උඩු යටිකුරු කරන්න පුළුවන් ක්‍රීඩකයෝ ඒ වෙනකොට බංග්ලාදේශයෙන් බිහිවෙලා හිටියේ නෑ. ඒ අතරේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට ඔවුන් මතක හිටින පාඩමක් උගන්වලා 2007දී පෙරළිකාරයන් බවට පත්වෙනවා. බටහිර ඉන්දීය කොදෙව්වෝ ලකුණු 164ක් ලබාගන්නවා. කඩුලු 8කට. එය ඉතා හොඳ ලකුණක් විදියටයි පේන්න තියෙන්නේ. බලාපොරොත්තුසහගත වෙච්ච ලකුණු ප්‍රමාණය නොවුණත් ලකුණු 164ක් තමන්ගෙ ලකුණු පුවරුවේ සටහන් කරගත්ත බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නන්ට බංග්ලාදේශය මෙල්ල කරන්න තියා හිතන්නවත් බැරි වෙනවා. ඔවුන් පන්දු 12ක් ඉතිරිව තියෙද්දී ලකුණු 165ක් ගන්නේ කඩුලු 4ක් පමණක් වැය කරමින්. ඒ අතරේ 2014 වෙනකොට බංග්ලාදේශය හරි ප්‍රබලයි. අදත් බංග්ලාදේශය කියන්නේ නරක කණ්ඩායමක් නෙවෙයි. ඔවුන් අපට වඩා ඉදිරියෙන් ඉන්නවා ටී-20වල මේ වෙද්දී. ඒත් 2014 ඔවුන් හිතාගන්න බැරි අමිහිරිසහත පරාජයක් ලබනවා. ඒ, හොංකොං ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම ජයග්‍රහණයක් සනිටුහන් කරමින්. බංග්ලාදේශය කණ්ඩායම ලකුණු 108යි, කඩුලු 10ක් දැවී ලබාගන්නේ පන්දු වාර 16යි පන්දු 3කදී. හොංකොං ක්‍රීඩකයෝ පන්දු වාර 19යි පන්දු 4කදී පරිස්සමින් ලකුණු එකතු කරමින් ගිහිල්ලා මේ 114 ජයග්‍රහණය සමරනවා. කඩුලු 2ක ජයග්‍රහණයක් ඔවුන්ට ලැබෙනවා.

ස්කොට්ටලන්තය විසින් 2021දී බංග්ලාදේශ පරාජය කළා. ඔවුන් 140ක් කඩුලු 9කට ලබාගනිද්දී බංග්ලාදේශ කණ්ඩායමට පන්දු වාර 20 අවසානයේදී ලබාගන්න පුළුවන් වෙන්නේ ලකුණු 134ක් විතරයි. කඩුලු 7ක් දැවී යනවා. බංග්ලාදේශය ආයෙත් 2009ත් මේ වගේම පරාජයක් ලබනවා. ඒ අයර්ලන්තයට එරෙහිව. අයර්ලන්තය කඩුලු 6කින් ජයග්‍රහණය කරනවා. බංග්ලාදේශය ලකුණු 137ක් කඩුලු 8කට ලබාගනිද්දී අයර්ලන්ත කණ්ඩායම ලකුණු 138ක් කඩුලු 4කට පහසුවෙන් ලබාගන්නේ පන්දු වාර 18යි පන්දු 2ක් විතරක් වැය කරමින්.

ඒ වගේම එංගලන්තය ආයෙත් නෙදර්ලන්තයට පරාජය වුණු බවක් සඳහන් වෙනවා 2009දී. ඒ, එංගලන්තය ලකුණු 162ක් අරගෙන, කඩුලු 5ක් දැවී ගිහින්. නෙදර්ලන්තය ඒ තරගය පහසුවෙන් ජයග්‍රහණය කළා. 20 වැනි පන්දු වාරයේදී ජයග්‍රහණය සටහන් කරමින් කඩුලු 4ක ජයග්‍රහණය ලබාගත්ත අවස්ථාවක්. මේ විදියේ ජයග්‍රහණ තවත් බොහෝ විට සඳහන් වෙයි. මේ විදියේ පරාජයන් තවත් බොහොමයක් සඳහන් වෙයි. කවදා හරි දවසක අපි නොහිතන කණ්ඩායමක් ටී-20 ලෝක කුසලානය දිනාගනී. ඒ වෙනකන් අපි බලාගෙන ඉඳිමු. ලංකාවෙ ක්‍රීඩකයන්ට සුබ පතමු. ජය වේවා…



ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

බුකර් අරන් ලෝකෙම හොල්ලපු අපේ ශෙහාන්…

Next Post

මිනිස්සු බලුවැඩ කරද්දී බල්ලෙක්ගේ මනුස්සකම…

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.