• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බුකර් අරන් ලෝකෙම හොල්ලපු අපේ ශෙහාන්…

October 24, 2022
in Exclusive, News
Reading Time: 5 mins read
A A
බුකර් අරන් ලෝකෙම හොල්ලපු අපේ ශෙහාන්…
Share on WhatsAppShare on Facebook

ශෙහාන් කරුණාතිලක. ආදරේට කියන්නේ ඇත්තටම උඹ යකෙක්. අපි හිටියේ නන්නත්තාර වෙලා. අපට ජයග්‍රහණ නෑ. අපි යන්තම් ක්‍රිකට් මැච් එකක් දිනුවට පස්සේ හූ කියලා සතුටු වුණේ අපට මොනවත් නැති හින්දා. අපි කන්න නැති රටක් කියලා අපට හිතෙනවා. අපට ඕනෙ තරම් ප්‍රශ්න තියෙනවා. මේ පිටුව පිරෙන්න ලැයිස්තුවක් ඕනෙ නම් ලියන්න පුළුවන්. පිටු දෙකක් පිරෙන්න ලැයිස්තුවක් ලියන්න ඕනෙ නම් ඒකත් ලියන්නම්. කවුරු හරි කෙනෙක් අභියෝග කරනවා නම් මේ මුළු පත්තරේම පිරෙන්න ප්‍රශ්න ලියන්න කියලා ඒකත් ලියන්න පුළුවන්. මගේ නෙවෙයි, මේ රටේ ප්‍රශ්න. මේ රට මෙතැනට ඇදලා දාපු එවුන්ට සාප වෙනවා කියලා හිත හිතා ඉන්නවා මිසක් දැන් අපි ජයග්‍රහණය නැති ජාතියක් බවට පත්වෙලා. ඒ අස්සේ එක පාන්දරක එනවා ප්‍රවෘත්තියක්. ශ්‍රී ලංකාවේ ශෙහාන් කරුණාතිලක ‘ද බුකර්’ සම්මානය දිනාගනී කියලා. මම මේක දැක්කේ ජනක ඉනිමංකඩගේ ෆේස්බුක් පිටිවේ. ඇඟ හිරිවැටිලා ගිහිල්ලා මොකක්දෝ අමුතු හැඟීමක් දැනුණා. ශෙහාන් කරුණාතිලකව පෞද්ගලිකව නොදන්නවා වුණාට, ‘චයිනමන්’ පෞද්ගලිකව දන්න නිසා ඒ හැඟීම තවත් වැඩි වුණා.

අපේ එකෙක් ලෝකෙ ඉහළ තැනක ඉඳලා ඒ හැඟීම දකිනකොට, සිංහලෙන් කතා කරනකොට, දෙමළෙන් කතා කරනකොට, අපට ආමන්ත්‍රණය කරනකොට අපට ආඩම්බරයි. කවුරු වුණත් මේ ලෝකෙ හොල්ලන්න පුළුවන් අපේ මිනිස්සු ඉන්නවා කියන එක. බුකර් සම්මාන ගත්ත ශෙහාන් එක්ක බී.බී.සී. එක කරපු සාකච්ඡාව මරු. මාධ්‍යවේදියා සුබ පතලා ශෙහාන්ගෙන් අහනකොට මේ පොත ලිව්වේ ඇයි කියලා, ශෙහාන් කිව්වේ ‘මම රසිකයන්ට පොත් රචනා කරන කෙනෙක්, කියවන මිනිස්සු වෙනුවෙන් පොත ලිව්වා’ කියලා. ‘මම හිතුවා පොත එළිදැක්වුවාට පස්සේ පොතට මිනිස්සු කැමැති වෙයි කියලා. මම මෙතැනට ආවේ ඩි්‍රන්ක් එකක් අරගෙන යන්න. සම්මානයක් තියෙයි කියලා මම හිතුවේ නෑ’ කියලා ශෙහාන් කියනවා.

මේ ජයග්‍රහණය ලබන ශෙහාන් කරුණාතිලක උපන්නේ 1972 ගාල්ලෙදී. නවසීලන්තෙ ඉගෙනගෙන, පසුව නෙදර්ලන්තයේ සහ සිංගප්පූරුවෙ ජීවත් වෙලා අද ඉන්නේ එංගලන්තෙ. ශෙහාන් මුල් කාලෙ මාධ්‍යවේදියෙක්. ‘ද ගාඩියන්’, ‘විස්ඩන්’, ‘ද ක්‍රිකට්’ වැනි පුවත්පත්වලට සඟරාවලට ලිපි ලියලා 2010 වසරේදී ඔහු සාහිත්‍යකරණයට පිවිසෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාව මුල් කරගෙන රචනා කරපු ‘චයිනමන්’ කෘතිය හරහා. චයිනමන් කියන්නේ අමුතු පොතක්. චයිනමන් ගැන ලෝකෙන් ඉහළ ප්‍රශංසා ලැබෙද්දී ලංකාවෙ මිනිස්සුන්ටත් චයිනමන් කියවන්න අවස්ථාව ලැබුණා.

චයිනමන් පොත ගැන ලෝකයෙ ඉහළම සම්මාන ලැබුණා. ඒත් බුකර් ලැබුණෙ නෑ. ලංකාවෙ මීට කලින් බුකර් සම්මානය ලබාගත්ත අවස්ථාව වෙන්නෙ මයිකල් ඔන්ඩච්චිගෙ ජයග්‍රහණය. ඒ විතරක් නෙමේ මේ ගැන අපි ලංකාවෙ අතිවිශිෂ්ට සාහිත්‍යවේදියෙක් සහ භාවිතාවක් සහිත මනුස්සයෙක් වෙන ජනක ඉනිමංකඩ එක්ක අපි කතා කළා.

‘බුකර් සම්මානයට වසර පනහක් පිරීම වෙනුවෙන් ලෝකය පුරාම සම්මානලාභීන් වෙනුවෙන් ‘ද බුකර්’ කියලා සම්මානයක් දුන්නා හොඳම බුකර්ලාභී පොත තෝරලා. ඒක ගත්තෙත් ශ්‍රී ලාංකිකයෙක්. ඒ ගැන අපිට ආඩම්බරයි.’

අන්තිමට ශෙහාන් කරුණාතිලකට ලංකාවෙ මිනිස්සුන්ගෙන් ඉල්ලන්න වෙලා තියෙන්නෙ මේක.

‘මෙවර බුකර් සම්මානය දිනාගත් ශ්‍රී ලාංකික ලේඛක ශෙහාන් කරුණාතිලකගේ The Seven Moons of Maali Almeida කෘතියේ මෘදු පිටපතක් අන්තර්ජාලය තුළ සැරිසැරීම සම්බන්ධයෙන්, මෙම අන්තර්ජාතික සම්මානයට පත් ලේඛකයා පාඨක ප්‍රජාවගෙන් ආයාචනයක් කරයි.

වසර හතක් තුළ ගණන් කළ නොහැකි පර්යේෂණාවලියක යෙදෙමින් දැඩි ආයාසයකින් යුතුව නිර්මාණය කළ මෙම කෘතියේ නිල නොවන මෘදු පිටපතක් තමා වෙත ලැබුණහොත් එය වෙන අයකු සමග බෙදාගැනීමෙන් වළකින ලෙස කතුවර ශෙහාන් කරුණාතිලක සියලු දෙනාගෙන් ඉල්ලා සිටී.

තවද ලංකාවේ කලාවට අවංකවම ආදර ගෞරවයක් දක්වන අයෙක් වෙත්නම් කෘතිය මිලදී ගෙන කියවන ලෙසද ඔහු ඉල්ලීමක් කරයි.’

එතකොට අපි ආඩම්බර වෙනවද නැත්නම් දුක් වෙනවද කියලා තීරණය ගන්න ඕනෙ ඔබ.

ලංකාවෙ යුද්ධය ගැන ලෝකෙට කියන එකෙන් ඔබ මොකක්ද බලාපොරොත්තු වුණේ කියලා.

‘මම එහෙම දේවල් හිතුවේ නෑ. මම මිනීමැරුම් අබිරහසක් ගැන ලිව්වා විතරයි. මළවුන්ට ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් කතාවත් රචනා කරන එක් නවකතාවකට හොඳයි කියලා හිතුණා. 1989 ඇත්තටම අපේ ඉතිහාසයේ අඳුරු යුගයක්. ගොඩක් අයට ඒක අමතක වෙලා තියෙනවා. ඒ ගැන නැවතත් අධ්‍යයනය කිරීම රසවත් වුණා.’

එතකොට මේ කතාව කාගෙ ද?

ඒ ගැන විවිධ කතා තියෙනවා. මේ මාලි කියන්නෙ කවුද? ඒක ශෙහාන්ගෙ හිතේ මැවුණු නූපන් චරිතයක්ද? එහෙම නැත්නම් ශෙහාන්ට මේ ගැන කිව්වෙ මියගිය හැබෑ චරිතයක් ද?

කොහොම වුණත් මේක ලංකාවෙ අපේ ප්‍රකාශන ආයතනයක පොතක් වුණා නම්, දන්නවද අපට මේ පොතෙන් අපේ රටේ ණය ගෙවලා ඉවර කරන්න තිබ්බා.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

CDB සමාගමේ 14 වැනි සිසුදිරි ශිෂ්‍යත්ව වැඩසටහන තවත් සිසුන් 150 දෙනකුගේ අධ්‍යාපනික අභිලාෂයන් සවිබල ගන්වයි…

Next Post

පොඩ්ඩො එක්ක ඔට්ටු වෙලා මට්ටු වෙච්ච ලොක්කො…

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.