• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

ජනාධිපතිවරණයට තව සති 100යි! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

October 22, 2022
in Exclusive, Gurudawa
Reading Time: 6 mins read
A A
ජනාධිපතිවරණයට තව සති 100යි! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

කාදිනල් හිමි පසුගියදා අපූරු කතාවක් කීවේය.

‘ජනතා කැමැත්ත නැතිව පස්ස දොරෙන් ජනාධිපති යුක්තිය ඉටු කරන්නේ නැහැ. අපි අලුත් ලංකාවක් හදමු…’

මේ කතාව කාදිනල් හිමි පමණක් නොව මුළු ලෝකයම කියන කතාවකි. රනිල් ජනාධිපති ධුරයට පත්වූ විගස රනිල්ට සුබ පැතුවේ චීන ජනාධිපති පමණි. සාමාන්‍යයෙන් ලංකාවේ අලුත් ජනාධිපතිවරයෙක් පත්වූ විට පළමුවෙන් සුබ පතන්නේ ඉන්දියාවය. ඒත් මෝදි රනිල්ට සුබ පැතුවේ මාසයකට පමණ පසුවය. ඇමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩන් තවමත් රනිල්ට සුබපතා නැත. චීන ජනාධිපති සුබ පැතුවත් රනිල් චීන ණය ප්‍රතිව්‍යුහගත කරගන්න චීනයට කතා කරන විට චීනය කියන්නේ ඡන්දයක් තියලා ජන වරමක් ගන්න කියලාය. ඉන්දියාව සහ ඇමෙරිකාව කියන්නේත් ඒකමය. වෙන එකක් තියා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේත් ඒකමය. රනිල් ජනාධිපති වීමෙන් පසු ලංකාවට ආ මූල්‍ය අරමුදලේ නියෝජිතයන් මාධ්‍ය හමුවේදී කීවේ මූල්‍ය අරමුදලේ කොන්දේසි ඉටු කරන්න රනිල්ට ජන වරමක් අවශ්‍ය බවය.

රනිල් ඇමෙරිකාවට පහසුවෙන් ගනුදෙනු කළ හැකි නායකයෙකි. ඉන්දියාවටත් රනිල් එක්ක ගනුදෙනු කරලා හොඳ පුරුද්දක් තිබේ. චීනය හම්බන්තොට වරාය බදු ගත්තේ රනිල්ගේ ආණ්ඩුවෙන්ය.

‘එහෙනම් ඇයි මේ හැමෝම රනිල්ගෙන් ජන වරමක් ඉල්ලන්නේ…?’

ජනවරමක් ඉල්ලන්නේ රනිල්ට ජනවරමක් නැති නිසාය. රනිල්ට මන්ත්‍රී ධුරයක් දරන්නවත් ජනවරමක් නැත. රනිල් 2020 මහ මැතිවරණයේ පරාජිත අපේක්ෂකයෙකි. රනිල්, ජොන්ස්ටන්ට ඇමැති ධුරයක් දෙන්න අකැමැති වුණාට රටේ ජනාධිපති ධුරය දරන රනිල්ට වඩා ජන වරමක් ජොන්ස්ටන්ට ඇත. මන්ද ඔහු 2020 මහ ඡන්දය තරග කරලා මනාප ඡන්ද 1,99,203ක් ගත්ත අපේක්ෂකයෙකි.

ජේ.ආර්. රටේ ජනාධිපතිවරයා මහජන ඡන්දයෙන් තේරී පත්විය යුතු යැයි කියා තීරණය කොට එය මත පදනම්ව 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හැදුවේ මහජන වරමක් නැති අයකුට විධායක බලය නොදිය යුතුය යන න්‍යාය මතය. රට ගැන තීන්දු තීරණ ගන්න විධායක බලය පාවිච්චි කරන්න උසාවිවලින් විමුක්තිය ලබන්න රටේ මහජනතාවගෙන් 50%ක් රටේ ජනාධිපතිව අනුමත කර තිබිය යුතුය.

‘එතකොට ඩී.බී. විජේතුංග ජනාධිපති වුණේ…?’

ඩී.බී. විජේතුංග 1989 මහ ඡන්දයට තරග කරන්න හිටි අයෙක් නොවේ. ඔහු දේශපාලනයෙන් ඉවත් වී විශ්‍රාමයෙන් ඉන්නා ආණ්ඩුකාර ධුරය දරපු අයෙකි. ප්‍රේමදාස ඔහුට ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් වී මහ ඡන්දයට තරග කරන්න කියා කීවේ ඔහු මහජන වරමකින් අගමැති ධුරයට පත්කරන බලාපොරොත්තුවෙනි. විජේතුංග 1989 මහ ඡන්දයට තරග කොට මහනුවර වැඩිම මනාප ලබාගෙන ජය ගත්තේය. ප්‍රේමදාස ඔහුව අගමැති කළේය. ඔහු ප්‍රේමදාස මියගොස් ජනාධිපති ධුරයට ඉල්ලද්දී විපක්ෂයේ සිටි ශ්‍රීලනිපය ඔහුට එරෙහිව තරග නොකළ පළමුවැනි හේතුව නම් ශ්‍රීලනිපයට බහුතර ඡන්ද පාර්ලිමේන්තුවේ නොතිබූ නිසාය. දෙවැන්න විජේතුංගට ජනාධිපති ධුරයට පත්වෙන්න මහජන වරමක් තිබුණු නිසාය. තෙවැන්න ඔහු දේශපාලනයේ ආන්දෝලනාත්මක චරිතයක් නොවුණු නිසාය.

රනිල් අත්දැකීම් සහිත නායකයෙක් විය හැකිය. ඔහුගේ ජාත්‍යන්තර සබඳතා අතිවිශිෂ්ට විය හැකිය. ඔහු මූල්‍ය අරමුදලට කතා කරන භාෂාව දන්නවා විය හැකිය. හැබැයි මේ මොනවා තිබුණත් වැඩක් නැත. මහජනතාවගේ කැමැත්ත දිනාගෙන තිබිය යුතුය. රාජපක්ෂ පවුල රනිල්ව අගමැති කොට ජනාධිපති කළේ ඔහුට මහජනතාව අකැමැති වීම එකම කොන්දේසිය ලෙස සලකා විය හැකිය. හැබැයි ජාත්‍යන්තරයට ඒවා අදාළ නැත. ජාත්‍යන්තරය පිළිගන්නේ ජනවරමක් ලබන රාජ්‍ය නායකයාවය. ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් රාජපක්ෂලාට අකැමැති වුවත් රාජපක්ෂලා ජනවරමකින් ජනාධිපති වූ විට ඔවුන් රාජපක්ෂලාව පිළිගැනීමට අදිමදි නොකරයි.

ඉතින් එහෙම බලන කොට අද රටට අවශ්‍ය වෙන මොනයම් හෝ ඡන්දයක් නොව ජනාධිපතිවරණයකි. ව්‍යවස්ථාවට අනුව රනිල්ට මේ මොහොතේ ජනාධිපතිවරණයක් කැඳවන්න බැරිය. ඒත් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්න තුනෙන් දෙක ගන්න දතකාපු රනිල් කරන්න ඕනා හදිසි ජනාධිපතිවරණයක් කැඳවන්න ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනැවිත් ජනාධිපතිවරණය පැවැත්වීමය.

‘ඇයි රනිල් ඒක නොකරන්නේ…?’

හදිසි ජනාධිපතිවරණයකට ගියොත් පොහොට්ටුවේ අපේක්ෂකකම ගන්න බැරි නම් තමන්ට ඇපත් නොලැබෙන බව රනිල් දනී. ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය පවත්වන්න තව ඇත්තේ සති 100කි. ගෝඨාභය රටේ ජනාධිපති වූයේ 2019 නොවැම්බර් 16යය. 2019 ජනාධිපතිවරණයට නාමයෝජනා කැඳවූයේ 2019 ඔක්තෝබර් 07ය. එතකොට ගෝඨාභයගේ ජනාධිපති නිල කාලය 2024 නොවැම්බර් අවසානය. ඊට කලින් ජනාධිපතිවරණයට නාමයෝජනා කැඳවිය යුතුය. ඒ කියන්නේ රනිල්ට තව ඇත්තේ අවුරුදු දෙකකටත් අඩු කාලයකි. සාමාන්‍යයෙන් ජනාධිපතිවරණය පැවැත්වීමට කලින් අවුරුද්ද රටේ වැඩ වෙන අවුරුද්දක් නොවේ. ජනාධිපතිවරණයට රටම සූදානම් වෙන අවුරුද්දකි. මේ කාලය වැය වන්නේ කවුද අපේක්ෂකයා කියා හොයන්නටය. හොඳම නිදසුන මෛත්‍රීපාලගේ අන්තිම අවුරුද්ද වූ 2019යය. 2018 නොවැම්බර් සිටම රටේ පාලනයක් තිබුණේ නැත.

‘මෛත්‍රී තරග කරයිද?’

‘යූ.ඇන්.පී.යෙන් එන්නේ රනිල්ද? සජිත්ද?’

‘පොහොට්ටුවෙන් ගෝඨාට අපේක්ෂකකම දෙයිද…?’

රාජ්‍ය සේවය, අමාත්‍යාංශවල ප්‍රධාන රාජකාරිය වූයේ ඔය ප්‍රශ්නවලට විසඳුම් හොයන එකය. එවිටම මතු වන්නේ දේශපාලන අස්ථාවරත්වයය. රටේ වැඩ වර්ජන, උද්ඝෝෂණ රැල්ලක් වගේ පටන් ගත්තේ මේ කාලයේය.

එහෙම බලන කොට 2024 රනිල්ට රටක් ආණ්ඩු කරන්න පුළුවන් වසරක් නොවේ. ජන වරමකින් ජනාධිපති වූ ජනාධිපතිවරයෙක්ටවත් අන්තිම අවුරුද්දේ රට ස්ථාවරව පාලනය කිරීම දුෂ්කර නම් මහජන වරමක් නැති ජනාධිපතිවරයෙක් ගැන කතා කිරීම තේරුමක් නැත.

ඉතින් එහෙම නම් රනිල් වහ වහාම කළ යුත්තේ ජනාධිපතිවරණයක් කැඳවා තමන්ට මහජන වරමක් තිබෙන බව ඔප්පු කර පෙන්වීමය. බැරි නම් මහජන වරමක් හිමි අයකුට රට භාරදීමය.
රනිල් අගමැති වී මේ නොවැම්බර් මාසයට මාස 6කි. ග්‍රීසියේ ආර්ථික අර්බුදය වෙලාවේ ආණ්ඩුව සහ විපක්ෂය එක්වී දේශපාලනඥයකු නොවන යුරෝපා සංගමයේ නියෝජ්‍ය මහබැංකු අධිපති අගමැති කොට මාස 6ක් තුළ ඡන්දයකට ගියහ. හේතුව ග්‍රීසිය ගොඩගන්න මූල්‍ය අරමුදල සහ යුරෝපා සංගමය ඉදිරිපත් කරපු පළමු කොන්දේසිය ආණ්ඩුවට අලුත් ජනවරමක් තිබිය යුතුය කියන එකය.

මූල්‍ය අරමුදල අද ලංකාවට කියන්නෙත් ඒකමය. රනිල් ජනාධිපතිවරණයකට නොව මහ ඡන්දයකට තියා පළාත් පාලන ඡන්දයටත් බය නිසා කියන්නේ පරණ කෝන්තර අමතක කර එකතු වෙමු කියාය. පරණ කෝන්තර අමතක කරලා එකතු වෙන්න අවස්ථාවක් තිබිණි. ඒ, ගෝඨා ජනාධිපති ධුරයෙන් ඉවත් වූ අවස්ථාවය. ඒ වෙලාවේ රනිල්ට අගමැති ධුරයෙන් ඉවත් වෙන ලෙස පොහොට්ටුව හැර අනෙකුත් සියලු පක්ෂත්, කතා නායකවරයාත් කීහ. රනිල් ඉවත් වෙන්න පොරොන්දු වී රාජපක්ෂ පවුලගෙන් වැඩබලන ජනාධිපතිකම ඉල්ලාගෙන සර්වපාක්ෂික ජනාධිපතිවරයෙක් පත්වීම කඩාකප්පල් කළේය. දැන් රනිල් හැමෝටම එකතු වෙන්න කීවත් එකතු වෙන්න කවුරුත් කැමැති නැත. ඒ වෙලාවේ සර්වපාක්ෂික ජනාධිපති කෙනෙක් පත්කර ගත්තා නම් ජවිපෙටත් ඒ සර්වපාක්ෂික ජනාධිපතිට සහාය නොදී සිටිය නොහැකිය. මේ නිසා රනිල්ට කාවවත් එකතු කරගන්න බැරිය. අඩුම තරමේ පොහොට්ටුවවත් එකට එකතු කරගන්න බැරිය. එහෙම නම් ඊළඟ අවුරුදු දෙකට රට අයාලේ යන්න ඉඩ නොදී වහාම ජනාධිපතිවරණයක් කැඳවිය යුතුය.

‘රනිල් ඉල්ලයිද…?’

රනිල් ඉල්ලන්න නම් රනිල්ට පොහොට්ටුවෙන් අපේක්ෂකත්වය දිය යුතුය. පොහොට්ටුව රනිල්ට ජනාධිපති අපේක්ෂකත්වය දෙයි කියා සිතිය නොහැකිය. පොහොට්ටුව කියන්නේ බැසිල්ය. රනිල් බැසිල්ට පාර්ලිමේන්තු ඒම සහ ඡන්දය ඉල්ලීම වළකාලන්න 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්න හදන්නේ පොහොට්ටුවේ අපේක්ෂකයා තේරීමේ බලය සියතට ගන්න විය යුතුය. ඒත් බැසිල්ට ඕනෑ නම් ඇමෙරිකානු පුරවැසිකම අතහැරලා පාර්ලිමේන්තු ආ හැකිය.

‘හොඳයි රනිල් පොහොට්ටුව කඩලා යූ.ඇන්.පී.ය එක්ක සන්ධානයක් ගැහුවොත්…’

ඇමැතිකම් ගන්න පොහොට්ටු මන්ත්‍රීවරු රනිල් පස්සේ ආවාට රනිල් එක්ක ඡන්දය ඉල්ලන්න යන්නේ සිරිසඟබෝ චරිතයට අඳින්න කැමැති අය විතරය. 2015 මෛත්‍රීපාල පසුපස ශ්‍රීලනිප මන්ත්‍රීවරු ගියේ මැති ඇමැතිකම් ගන්නටය. ඒත් මෛත්‍රී 2019 ජනාධිපතිවරණය ඉල්ලන්න සූදානම් වෙද්දී ඔවුන් හැමෝම රාජපක්ෂලාට එකතු වූයේ මෛත්‍රීට දිනාගන්න බැරි බව දැනගෙනය.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ විට රනිල්ටත්, මෛත්‍රීට වෙච්ච දේ වෙයිද දන්නේ නැත. මොකද එදා ශ්‍රීලනිපය අද පොහොට්ටුව මැති ඇමැතිකම් අරගෙන ඡන්දෙ ළංවෙන කොට පොල්ල තියන්න උපන් හපන්නුය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ද්විත්ව පුරවැසි බව තියෙන 10 දෙනෙක් පාර්ලිමේන්තුවේ! 22 සම්මත වුණාට පස්සේ මේ 10 දෙනාට වෙන දේ අධිකරණ ඇමැති කෙළින්ම කියයි!

Next Post

22 මගඇරපු පොහොට්ටුවේ සෙට් එක හේතුවත් එක්කම මෙන්න!

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.