සහකාර පොලිස් අධිකාරී නලීන් දිල්රුක්ට සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස්ට ලබන 08 වැනිදා උසාවියේ පෙනී සිටින ලෙස දන්වමින් සිතාසි නිකුත් කිරීමට අද (21) අධිකරණය නියෝග කළා.
ඒ අයුතු අවහිරයක් කළ බවට තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ජනමාධ්‍යවේ දී තරිඳු ජයවර්ධන පැවරූ පෞද්ගලික නඩුවක් කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ඉදිරිපිට කැඳවූ අවස්ථාවේ දී. එම නඩුවේ චූදිතයන් ලෙස නම්කර සිටියේ අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනායි.
ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, නීතිඥ මනුජය ද සිල්වා සහ නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ පැමිණිලිකරු වන තරිඳු ජයවර්ධන වෙනුවෙන් පෙනී සිටියා.










