• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වත්මන් ජනාධිපතිතුමා රාජපක්ෂ කුමාරවරු ටික වැල් පාලමෙන් ‌එගොඩ කළා! කුමාරවරු ටික දැන් මේ රටේ තරුණයන්ව මර්දනය කරනවා! මහා සෙනගක් මැදින් සජිත් ගම්පොළට එයි! (VIDEO & PHOTOS)

October 13, 2022
in Exclusive
Reading Time: 14 mins read
A A
වත්මන් ජනාධිපතිතුමා රාජපක්ෂ කුමාරවරු ටික වැල් පාලමෙන් ‌එගොඩ කළා! කුමාරවරු ටික දැන් මේ රටේ තරුණයන්ව මර්දනය කරනවා! මහා සෙනගක් මැදින් සජිත් ගම්පොළට එයි! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

වත්මන් රජය මන්දිරවලට වී තරුණ පරපුර මර්දනය කිරීම සඳහා සැලසුම් සකස් කළත් නුදුරු අනාගතයේ දී සමගි ජන බලවේග රජයක් යටතේ එකී මන්දිර රට ගොඩනගන තාරුණ්‍යයට ශක්තියක් ලබා දෙන මධ්‍යස්ථාන 2ක් බවට පත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගම්පොළ දී පැවසීය.

වත්මන් ජනාධිපතිවරයා පත් වූ දින කියා සිටියේ තමාට වැල් පාලමකින් එගොඩ වීමට සිදුව ඇති බව වුවත් මේ වන විට වැල් පාලමෙන් එගොඩ වී ඇත්තේ රාජපක්ෂ පවුලේ කුමාරවරු ටික බවත් එම කුමාරවරු මේ වන විට කියා සිටින්නේ අරගලයේ සිටි තරුණ පරපුර මර්දනය කළ යුතු බව යි. ලක්ෂ 220ක් ජනතාව අසරණ වී ඇති මොහොතක රාජපක්ෂවරු සහ ඔවුන්ගේ පරම්පරාව ගොඩ වී ඇති බවත් මෙම කුමාරයාගේ උපදෙස් මත තරුණයෝ පුනතරුත්ථාපනය කිරීමට පුනරුත්ථාපන කාර්යාංශයක් ගෙන ඒමට සූදානම් බවත් ඒ සඳහා විපක්ෂයක් ලෙස විරුද්ධ බැවින් රාජපක්ෂවරුන්ගේ උපදෙස් මත ක්‍රියා නොකරන ලෙස වත්මන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් එසේ නොවුවහොත් ඔහුට සිදු වන්නෙත් රාජපක්ෂලාට සිදු වූ දේ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රාජපක්ෂ කුමාරවරුන්ගේ කීමට අරගලයේ නිරත තරුණ පරපුර මර්දනය කරනවා වෙනුවට රාජ්‍ය හිංසනය ක්‍රියාත්මක කරනවා වෙනුවට පරිගණක විප්ලවයක් ඉංග්‍රීසි සාක්ෂරතාව, නව තාක්ෂණය ඉහළින් අවබෝධ කරවීම හරහා රටේ තරුණ පරපුර දැනුමින් තාක්ෂණයෙන් සවිබල ගැන්වීම සිදු කළ යුතු බව විපක්ෂ නායකවරයා පැවසීය.

රජය, රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරනවා වෙනුවට ආරක්ෂක අංශ භාවිත කර තරුණයන් මර්දනය කරනවා වෙනුවට ආදර්ශමත් ජන ජීවිතයක් උදා කිරීමට මිත්‍රත්වයේ දෑත දිගු කර තරුණ පරපුර සවිබල ගැන්විය යුතු බවත් එය සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේ ය.

ජනාධිපතිගේ වැල් පාලමෙන් රාජපක්ෂවරු, රාජපක්ෂ කුමාරවරු, රාජපක්ෂ වහල්ලු එගොඩ වී මේ වන විට මැතිවරණ ක්‍රමය තමන්ට අවැසි ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට උත්සාහ කරන බවත් පළාත් පාලන වැඩපිළිවෙළ වෙනස් කිරීමට උත්සාහ කරන බවත් පළාත් සභා මන්ත්‍රීවරු 8000 බිහි කළ වත්මන් ජනාධිපතිම එය 4000ට අඩු කිරීමට උත්සාහ කරන බවත් පැවසීය.

එහෙත් එසේ මන්ත්‍රීවරු අඩු කරනවා වෙනුවට ක්‍රමය කාර්යක්ෂම කළ යුතු බවත් කාන්තා සහභාගීත්වය සියයට 25 ලබා දෙනවා වෙනුවෙට තරුණ පරපුර වෙනුවෙන් ද යම් අපේක්ෂකත්වයක් වෙන් කළ යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ සෑම දේම සිදු කරන පෙර ජනතාව ඉල්ලා සිටින ජනතා හිතකාමී, නව රජයක් බිහි කිරීමට වරම් ලබා දෙන ලෙසත් විවිධ ඇස්බැන්දුම් ක්‍රියා සිදු නොකර ඔලුගොඩි මාරු නොකර සංගීත පුටු තරග නොතියා රටේ ජනතාව ඉල්ලා සිටින නව රජයක් බිහි කිරිමට අවශ්‍ය මැතිවරණයක් පවත්වන ලෙස ද කියා සිටියේය.

SendShareShare
Previous Post

සෙමිෆයිනල් එකේදි පාකිස්තානය පරද්දපු සතුටට අපේ කෙල්ලො සෙට් එක ග්‍රවුන්ඩ් එක මැද්දෙ දාපු සුපිරි ‘ස්කුබි ඩූ’ ඩාන්ස් එක! (VIDEO)

Next Post

ඊයේ අහුන්ගල්ලේ පාර මැදදී T56කින් වෙඩි තැබූ වෙඩික්කරු අද STF එකේ වෙඩිල්ලකින් මරුදකී! (VIDEO)

MORE NEWS

රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Exclusive

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

Load More
රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Exclusive

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීමට පෙර පොරොන්දු වී තිබුණ ද, එම පනත යටතේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම...

Read more
ඩොලරය 330ට යයි!

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.