පසුගිය දා ඇතිවූ කලබලවලින් නිවාස ගිනිබත් වූ මන්ත්‍රීවරුන් 74 දෙනකුට විශේෂ සාකච්ජාවක් සදහා අද සවස පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ ආරාධනා කොට තිබිණ.
මෙම සාකච්ජාවට සහභාගී වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ඊයේ සවස් වරුව වනවිට පොහොට්ටු මන්ත්‍රීවරුන් අතර දෙගිඩියාවක් පැවැති අතර අද පෙරවරුවේ ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට නියමිතව තිබිණ.
ඒ අනුව අද පෙරවරුව වනවිට මන්ත්‍රීවරුන් 44 දෙනකු එම රැස්වීමට සහභාගී වන බවක් තහවුරු කොට තිබූ බව දැනගන්නට තිබේ.
කෙසේවෙතත් සවස පැවැති රැස්වීමට සහභාගී වී තිබුණේ මන්ත්‍රීවරුන් 34 දෙනකු පමණි.
මෙම සාකච්ජාවේදී සිදුව ඇති නිවාස හානි පිළිබදව සාකච්ජා කොට හානි පූරණ සදහා පෝරම පුරවා බාර දෙන ලෙස දැනුම් දී ඇති ජනාධිපතිවරයා එම වන්දි මුදල් පාර්ලිමේන්තුව මගින් අනුමත කොට ලබා දීමට පියවර ගන්නා බව සදහන් කොට ඇති බවක් දැනගන්නට ඇත.