පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් කතානායක හෝ නියෝජ්‍ය කතානායක තනතුරුවලට පත් කිරීම සඳහා කෝටාවක් ඇති කරන ලෙසත්, විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්ථාපිත කෙරෙන කොමිෂන් සභා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඇතුළු තීරණ ගැනීමේ ආයතනවලට කාන්තාවන් අන්තර්ගත කිරීම සඳහා නව කෝටාවක් ඇතුළත් කරන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය යෝජනා කර ඇත.
මෙම සංශෝධන සිදුකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෝ පසුගියදා කතානායකවරයාට පෙන්වා දුන්හ.
පාර්ලිමේන්තු මන්ත්‍රීනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පසුගියදා (06) රැස්වූ අවස්ථාවේදී ඉහත කාරණා පිළිබඳව දීර්ඝව සාකච්ඡා කෙරිණ.










