• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනතා පරමාධිපත්‍යට බරපතළ අභියෝගයක්! ජනාධිපති හදන්නේ උප්පරවැට්ටි දාලා පළාත් පාලන ජන්දය කල්දාන්න! කොමිසමට බලය තියෙනවා වහාම ජන්දය කැඳවන්න! සජබෙත් සටනට බසී!

October 11, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
වීඩියෝ බල බලා සාමකාමී මිනිස්සු අත්අඩංගුවට ගන්නවා! 9 වැනිදා ප්‍රචණ්ඩ ක්‍රියා පටන් ගත්ත අය තවමත් නිදැල්ලේ!
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරයා සූදානම් වන්නේ උප්පරවැට්ටි යොදා පළාත් පාලන ජන්දය කල්දැමීමට බවත්, මෙම උපක්‍රමවලට හසුනොවී මැතිවරණ කොමිසම වහාම මැතිවරණය කැදවිය යුතු බවත් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත.

එම නිවේදනය මෙසේය.

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබංඩාර මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනය.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පලකොට ඇති අදහස ජනතාවගේ පරමාධිපත්‍ය බලයට බරපතළ අභියෝගයක් ලෙස අපි සලකන්නෙමු. පළාත් පාලන ආයතන වල සභික සංඛ්‍යාව පහත දැමීම දඩමීමා කරගනිමින් පළාත් පාලන මැතිවරණ පැවැත්වීම කල් තැබීම මෙහි යටි අරමුණ බව පැහැදිලිවේ. පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව වැඩි කිරීම ද වික්‍රමසිංහ මහතාගේම යෝජනාවකි. දැන් එම සංඛ්‍යාව අඩු කළ යුතු යැයි ඔහු පවසන්නේ පළාත් පාලන මැතිවරණය තුළ එක්සත් ජාතික පක්ෂයට හෝ වර්තමානයේ ඔහු නියෝජනය කරන පොදුජන පෙරමුණට පැහැදිලිවම අත්වන පරාජය වසා ගනිම සඳහා දරන කූට උපක්‍රමයක් මිස අනෙකක් නොවේ.

පළාත් සභා මැතිවරණය ද පැවැත්වීමට කිසිදු පියවරක් නොගන්නා ආණ්ඩුව මේ මොහොතේ උත්සහ දරනුයේ මැතිවරණ කොමිසමට හිමිව ඇති පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ බලය විධායක ජනාධිපති වරයා විසින් උදුරාගැනීමට ඉතාමත් පහත් මට්ටමේ උත්සාහයක නිරත වීමයි. මෙය ප්‍රජාතන්ත්‍රවාදී පාලනය තුළ සිදු නොවිය යුත්තකි.

ජනතා අභිලාෂයන් හෝ රට මේ මොහොතේ මුහුණ දෙන දේශපාලනික ආර්ථික අර්බුදයට නිසි විසඳුම් ලබා දීමට අපොහොසත් වූ ජනාධිපතිවරයා ප්‍රමුඛ පොදුජන පෙරමුණ මෙම ප්‍රයත්නය තුළ උත්සාහ දරනුයේ කල් මැරීම තුළින් විසඳුමක් ලැබේවි යන මිරිගුව තුළ තම බලය පවත්වා ගෙන යාමයි. මේ මොහොතේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතියක් වන ඡන්ද බලය සුරැකීමට විපක්ෂයේ සියලු බලවේග සමඟ එකමුතුව කටයුතු කිරීමට සමගි ජන බලවේගය කැපවෙන බව අවධාරණය කරමු.

මැතිවරණ කොමිසමට නීතියට අනුව හිමිව ඇති බලතල ක්‍රියාත්මක කරමින් වහාම පළාත් පාලන මැතිවරණය කැඳවීමට පියවර ගන්නා මෙන් අපි ඉල්ලා සිටිමු.

පටු අරමුණු සාධනය කර ගැනීම සඳහා ජනාධිපතිවරයා පළාත් පාලන මැතිවරණයෙන් හෝ ඕනෑම මැතිවරණයක් කල් දැමීමට ක්‍රියාකරන්නේ නම් එයට එරෙහිව පාර්ලිමේන්තුව තුළදී මෙන්ම පිටතදීත් ප්‍රජාතන්ත්‍රවාදීව ගත හැකි සෑම ක්‍රියා මාර්ගයක්ම ගැනීමට පසුබට නොවන බව ද අවධාරණය කරමු.
.

රංජිත් මද්දුමබංඩාර (පා.ම.)
මහලේකම්,
සමගි ජන බලවේගය.

SendShareShare
Previous Post

මැතිවරණ කොමසාරිස්ට කෝල් එකක් දෙයි! මෙන්න ඩලස් ‌දකින වෙන්න යන බරපතළ අනතුර! (VIDEO)

Next Post

ජන්ද ක්‍රමය වෙනස් කරන්න! ඕනෙ නම් ජනමත විචාරණයක් තියන්න! ජනාධිපතිගේ යෝජනාවට පොහොට්ටුව කැමතියි… එකඟයි! (VIDEO)

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.