අද කලුතර පැවැති පොහොට්ටුවේ රැස්වීමට හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මෙන්ම වත්මන් අගමැති දිනේෂ් ගුණවර්ධන මහකාද සහභාගීව සිටියේය.
එහිදී සිය කතාවේදී දිනේෂ් ගුණවර්ධන සමහතා කියා සිටියේ වත්මන් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ සිටිනුයේ එක් මන්ත්‍රීවරයකු පමණක් බවත්, තනි මන්ත්‍රීවරයාගෙන් ආණ්ඩු කළ නොහැකි බවත්ය.
පොහොට්ටුවේ ශක්තියෙන් ජනාධිපතිවරයා ආණ්ඩු කරන බව සිහි තබා ගත යුතු බවද ඒ මහතා කියා සිටියේය.










