විපක්ෂ නායක කාර්යාලයේදී විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික සංවිධාන 12ක නියෝජිතයන් අතර හමුවක් පසුගියදා පැවැත්විණ.
බොහෝ වේලාවක් පැවතී සාකච්ඡාවේදී සජිත් අවධාරණය කළේ ජාතිවාදය ඇවිස්සීම තුළින් මේ රට ගොඩ නැගිය නොහැකි බවය.
‘වඳ කොත්තු, වඳ සැත්කම්, ශාෆි වැනි සිදුවීම් හරහා ජාතින් අතර වෛරයක් ඇති වූණා. එයින් රටේ ඒකීය භාවයට මෙන්ම ජාතික ආරක්ෂාවට හානියක් වුණා. පොහොට්ටුව බලය ලබාගැනීම වෙනුවෙන් ජාතිවාදය වැපිරූවා. මම ජාතිවාදයට ආගම්වාදයට අන්තවාදයට සහ ත්‍රස්තවාදයට සහමුලින්ම විරුද්ධයි. අවස්ථාවාදී ජාතිවාදී දේශපාලනය හේතුකොටගෙන විවිධ අවස්ථාවල රට බලවත් අර්බුදයන්ට ලක් වුණා.” යැයි සජිත් කීවේය.
තමන්ගේ සහ සමගි ජන බලවේගයේ ස්ථාවරය වන්නේ මේ රටේ සිටින්නේ සුළු ජාතිකයින් නොව සෙසු ජාතිකයින් බව කී විපක්ෂ නායකතුමා, ඕනෑම කෙනෙකුට මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නිදහසේ ජීවත්වීමේ අයිතිය තහවුරු කළ යුතු බවද අවධාරණය කළේය.
කෙසේවෙතත් ඇතැම් පුද්ගලයන් මෙම හමුව සම්බන්ධයෙන් ව්‍යාජ පුවත් ඇතැම් වෙබ් අඩවිවල පළ කිරීමට පියවර ගෙන තිබිණ.















